රට නියම උරුමක්‌කාරයන්ට භාරදීමේ ඓතිහාසික සටන 8 වැනිදා අරඹනවා…

September 30, 2016 at 10:40 am | lanka C news
රට නියම උරුමක්‌කාරයන්ට භාරදීමේ ඓතිහාසික සටන 8 වැනිදා අරඹනවා…

“අපේ පරපුරම මේ රට වෙනුවෙන් වැඩ කළා. ඩී. ඒ. රාජපක්‌ෂ මගේ පියා දේශපාලනයට බැස්‌සේ යටත් විජිත කාලේ. ඒ 1930 ගණන්වල. රාජපක්‌ෂලා මුලින්ම දෙවැනි රාජ සභාවට ඉදිරිපත් වුණා. එදා දේශපාලනඥයන්ට තිබුණේ විවිධ පාට වර්ග. අන්තිමට ඉදිරිපත් වෙලා තිබුණේ කුරක්‌කන් පාට. එදා සිට අපි ඒ පාට භාවිතා කරනවා. හිරේ විලංගුවේ කොච්චර දැම්මත් අප මහජන සේවය නවත්වන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක්‌ ගොඩනඟා මේ රට නියම උරුමක්‌කාරයින්ට භාරදීමේ ඓතිහාසික සටන ලබන 08 වැනිදා ඇහැලියගොඩින් ආරම්භ කරනවා” යෑයි හිටපු ඇමැති බැසිල් රාජපක්‌ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අරගලයට පණ පොවන නව ජනතා බලවේගයේ ප්‍රථම රැස්‌වීම උඩකරවිට සබරගමු පළාත් සභා මන්ත්‍රී රම්‍යකුමාර වීරසිංහ මහතාගේ නිවසේ පැවැති අවස්‌ථාවේදීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ බැසිල් රාජපක්‌ෂ මහතා

මේ නව දේශපාලන බලවේගය ගොඩනැඟෙන්නේ හැමෝගේම සහායෙන්. පළමුව අපි ගම් මට්‌ටමින් ශාඛා සංවිධාන පිහිටුවා ජනතාව පෙළ ගස්‌සනවා. සමහරු දින වකවානු අහනවා. අවශ්‍ය වේලාවට දිනේ එළියට එයි. සමහරු කියනවා පක්‌ෂය හැදුවොත් පාරේ යන්න බැරි වෙයි කියලා. පාර හැදුවෙත් අපි. පාරේ යන්නෙත් අපි. අපට හංගන්න දේවල් නෑ. මේක තීන්දු කරන්නේ ජනතාව. නව දේශපාලන බලවේගය දැනට මේ රටේ ඉන්න ආණ්‌ඩුවට විරුද්ධව යන පිළිවෙළේ එකක්‌. අද ඡන්දේ දීපු නොදීපු හැමෝම කලකිරිලා. හැමදේම කරන්නේ හවුලේ. වැට්‌ එක ගහන්නෙත් එකට. රතු අලිත් සහාය දෙනවා. අද මට හරි සතුටුයි. මම මගේ බිරිඳත් එක්‌ක කුරුඳුවත්ත පොලිසියට ගිහිල්ලා අත්සන් කරලා එµa. සී. අයි. ඩී. එකටත් ගිහින් අත්සන් කළා. එහෙම ගියාම මහජන නියෝජිතයෝ හැටියට වේදනාවක්‌ ඇති වෙනවා අප කළ වැරැද්ද මොකක්‌ද කියලා. දහස්‌ ගණන් ජනතාව දුටුවහම සතුටක්‌ ඇති වෙනවා. වැලිකඩ හිරගෙදර එදා පියා බලන්න යද්දී අම්මාගේ කකුල පණ නැති වුණා. හිරගෙදර නොගිය රාජපක්‌ෂ කෙනෙක්‌ට හිටියේ මම විතරයි. ජනතාවට බට දීලා හිරේ යන්න වුණා. මැෂිනුත් දුන්නා ඒවාටත් යන්න වෙයිද දන්නේ නෑ. ඒත් අපි යන ගමන යනවා. ඔබ උපන් රටට මව් භූමියට ඇති වෙලා තියෙන තර්ජනය ලේසි පහසු එකක්‌ නෙවෙයි. ඉදිරියට එන පරම්පරාවලට වෙන දේ අපට පේනවා ඒ ගැන දුකයි.

රටක ස්‌වෛරීභාවය ආරක්‌ෂා කළ යුතුයි. විදෙස්‌ රටවලට නතු විය යුතු නැහැ. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පවා පිළිගත් දෙයක්‌. අන් රටවල බලපෑම්වලින් තොරව සිටිය යුතුයි. බහුතර ජනතාවක්‌ ජනවාරි 08 වැනිදා අපට බලය දුන්නා. උතුරු නැගෙනහිර හැර පළාත් 5/9 ම අපට ඡන්ද බලය දුන්නා. කොළඹ නගර සභාවෙන් එක්‌ලක්‌ෂ පනස්‌දාහක්‌ අපට ලැබුණේ නැහැ. බලයට පත් ජනාධිපති මුලසිටම කළේ ව්‍යවස්‌ථා විරෝධී වැඩ. සුළුතරයක අගමැති කෙනෙක්‌ පත් කළා. අග්‍ර විනිශ්චයකාරයා අයින් කළා. අධිකරණයේ ස්‌වාධිපත්‍යයට පළමු කඩු පහර දුන්නා. ඇමෙරිකාව යෝජනාවක්‌ ගෙනාවා අපේ රටට විරුද්ධව. අපට අපේ අධිකරණය හසුරුවන්න බලයක්‌ නැහැ. ජාත්‍යන්තර කොන්දේසිවලට යට විය යුතුයි. මහින්ද රාජපක්‌ෂ මහතා රට භාර ගන්නා විට බෞද්ධයින්ට නාගදීපේ, සේරුවාවිල, තිරියාය වඳින්න යන්න බැහැ. එල්. ටී. ටී. ඊ අවසර ඕනෑ. කිතුනුවන් මඩු වදින්න, මුස්‌ලිම් අයට එරාවුර් කාන්තාන්කුඩි පල්ලියට යන්න එල්. ටී. ටී. අවසර ඕනි. මේ තත්ත්වය වෙනස්‌ කර මුස්‌ලිම් පල්ලි ප්‍රතිසංස්‌කරණය කළේ හිටපු ජනාධිපති. මේ වන විට මුස්‌ලිම් පල්ලි 23 ක්‌ විතර කඩලා. රටේ ඒකීයභාවය ක්‍රමයෙන් නැතිවී යනවා. අන්තිම මරු පහර වදින්නේ අලුත් ව්‍යවස්‌ථාව තුළින් බව පේනවා.

ජනතාවට අවශ්‍ය පහසුකම් දී රට සශ්‍රීක කළ යුතුයි. මේ ආණ්‌ඩුව කරනවාද? මහින්ද යුගයේ මේ රටම වැඩබිමක්‌ දැන් මොනවද කරන වැඩ. තේ, රබර් ආර්ථිකය විනාශයි. මැණික්‌ කර්මාන්තය අද වැටිලා. මැණික්‌ ව්‍යාපාරිකයන් බදුවලට අල්ලනවා. නිෂ්පාදන වියදම වැඩිවෙලා. ආණ්‌ඩුව කියනවා පොහොර 2500 යි කියලා ගන්න ගියාම 3000 යිලු. කෘෂිකර්ම ඇමැතිට ගණන් වැරදිලා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැම පහසුකමක්‌ම ඇති ගොවිජන මන්දිරය වහලා ලක්‌ෂ ගණන් කුලියට ගෙයක්‌ අරන් අයිතිකාරයා කවුද කියලා මිනිස්‌සු දන්නවා.

– දිවයින

11 views

2 Comments to “රට නියම උරුමක්‌කාරයන්ට භාරදීමේ ඓතිහාසික සටන 8 වැනිදා අරඹනවා…”

  1. suba says:

    මොනවා කලත් ආයෙත් රාජපක්ෂලාට නම් බලයට එන්න ලැබෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔබ තුමාට.

  2. Chaminda says:

    Rajapakshala navatha balaya gannawa mona hivala uda pannath.

Main News