රට පාලනය කරන හැට ගැන ලියවිල්ලක් තිබෙනවා.. අපි පාලනය කරන්නේ ඒක බලාගෙනයි..- සාගල

January 14, 2019 at 12:00 pm | lanka C news
රට පාලනය කරන හැට ගැන ලියවිල්ලක් තිබෙනවා.. අපි පාලනය කරන්නේ ඒක බලාගෙනයි..- සාගල

දේශපාලන අස්ථාවරත්වයක් සිදු වූ පසුගිය දින 51 තුලදී වූ විනාශය මැඩපවත්වමින් ගෙනගිය වැඩසටහන් වේගවත්ව ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පිටබැද්දර දන්කොළුව ශ්‍රී දුමින්දාරාම  විහාරස්ථානයේදී අද පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාතර පිටබැද්දර ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල් 60 සඳහා සෙවිලි තහඩු පිරිනැමීමේ උත්සවයකට සහභාගී වූ අවස්තාවේදීය.

වැඩුදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘රටක් පාලනය වෙද්දී පාලනය සිදුකලයුතු ආකාරය සඳහන් ලියවිල්ලක් තියෙනවා.ඒකට කියන්නේ ව්‍යවස්ථාව කියලා.ඒ ලියවිල්ලේ ලියලා තියෙන විදියට නෙමෙයි අපේ රජය ඉවත් කිරීමට කටයුතු කළේ.අපේ රජය ඉවත් කිරීම නිත්‍යානුකුල වුනේ නැහැ.ඒ දින 51 එකේ ප්‍රමාදයෙන් අපරාධයක් සිද්ද වුනේ.ආර්ථිකය හිර වුනා.ඒ කෙටි කාලය තුළ සංවර්ධන කටයුතු ඇන හිටියා.

දැන් අපි ඒ විශ්වාසය ගොඩනගා ගන්නවා.ඒ ඇතිවේච්ඡ හානිය නිසා ඇතිවුණු ආර්ථික ප්‍රශ්න ටික මගහැරගෙන ඉස්සරහට යන්න,මුදල් හොයන්න අපි කටයුතු කරනවා.අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගත්තා ඒ අවශ්‍ය මුදල් ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න.

ඒ වගේම මේ වර්ෂය වැඩ කරන්න අවශ්‍ය මේ රටේ ආදායම, ඒ සඳහා අවශ්‍ය ණය ටිකට අමතරව ලබන අවුරුද්ද වෙද්දී තව තවත් මේ රටේ ආදායම් වැඩි කරලා රටේ ණය බර අඩුකරන්න ගෙනියපු වැඩසටහන් වේගවත්ව කරන්න කටයුතු කරනවා’යැයි පැවසීය.

– ප්‍රියංකර ගමගේ

21 views

10 Comments to “රට පාලනය කරන හැට ගැන ලියවිල්ලක් තිබෙනවා.. අපි පාලනය කරන්නේ ඒක බලාගෙනයි..- සාගල”

  1. පොන්සි says:

    මු කතා කරන්නේ අධෝ මුකයෙන්ද කියලා බලන්න ඕන. අවුරුදු 3 1/2 ද ලොකු දින 51 ද ? මේවා අහන කොට ඇඟේ මාළු නටනවා.

    • ෆෙඩරල් කතාව කෙටියෙන් මෙසේය says:

      ලංකාවේ ජනයා ෆෙඩරල් විසඳුමකට බය ඇයි? එකී විසඳුම මතු යම් දවසක ඊළම දක්වා ගමන් කරන නිසාය. එනම් ඊළම දක්වා යන පාරේ තිබෙන ප‍්‍රධාන කඳවුර ෆෙඩරල් වාදයයි. මෙහි නැවතී සන්නද්ධ වී” තුවක්කු සුද්ද කරගෙන පතරොම් පටිවලට පතරොම් පුරවාගෙන ඉදිරියට යාමට ත‍්‍රස්තවාදියාට පුළුවන. නිකම් හොඳට ඉන්න මිනිහාත් ෆෙඩරල්වාදය තුළදී ත‍්‍රස්තවාදියකු බවට පත්වෙයි. ලංකාවේ පළාත් නවයේ සම්පත් බෙදී ගොස් තිබෙන පිළිවෙළට අනුව වඩාත්ම යහපත් වන්නේ දැනට තිබෙන පාලන ක‍්‍රමයය. මේ රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 42% ක්ම නිපදවන්නේ බස්නාහිර පළාතය. දකුණු පළාත නිපදවන්නේ 10.8% කි. ඌව පළාත නිපදවන්නේ 5% කි. උතුර නිපදවන්නේ 3.6% කි. ෆෙඩරල් ක‍්‍රමයක් තුළදී ඒ ඒ පළාත්වල සම්පත් ඒ ඒ පළාත් ආණ්ඩුවලට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමේ යම් නිදහසක් ලැබෙන නිසා බස්නාහිරෙන් උතුරට උපකාර කිරීමක් තවදුරටත් සිදුවන්නේ නැත. මෙවිට රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 3.8% ක් පමණක් නිපදවන උතුරේ වැසියා බලවත්සේ ශෝකයට පත්ව ඊළමක්ම ඉල්ලයි.
      ෆෙඩරල් කතාව ඉතා සරළව ඉතා කෙටියෙන් එසේය.

  2. ගරසරප says:

    ඒ ලියවිල්ල අපි අපිට සල්ලි දෙන අයට ඕන විදිහට වෙනස් කරනවා.

  3. ඉකිරි says:

    අනේ සා-ගල 🙃
    ව්‍යවස්ථාවට පිටින් නම් අගමැති පත් කලේ ඇයි ඒකට එරෙහිව උසාවි නොගියේ? පච නොගහා දෙනියායට වෙලා ඉන්නවා ලොක්කා එනකන්.

  4. Lakwasiya says:

    Eke thiyanawada Maha bankuwa kadanna kiyalath. Ane ubla wage apathayo jathiyak rata hapayak kala.

  5. Laksuren1982 says:

    ලියවිල්ල රෑට රෑට ලොක්කට fun දිදී කියවනවාද සමනලයෝ.

  6. desta says:

    kollekge passa balamu nemeida ponnaya

  7. UNP GAL IBBA says:

    අදෝමුකයේ කතා මහබැංකුවට කෙලිය එක නොව දින 51 තමයි දැන් වරකෝ වංඳයකට දින 51පෙන්නන්න​???????

  8. ගන්ජ බන්ඩා says:

    ගහල පන්නපල්ලා ඔය ලොල්ලා.

  9. ගන්ජ බන්ඩා says:

    ගහල පන්නපල්ලා ඔය පච කෙලින සා-ගල ලොල්ලා.

Main News