රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි

January 22, 2021 at 6:21 am | lanka C news
රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි

ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට කමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවද උන්වහන්සේ පැවසූහ.

එලෙස රට ආරක්ෂා කර ගැනීම සඳහා හැම මොහොතකම වෙහෙස විය යුතු බවද උන් වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

100,353 views

29 Comments to “රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි”

  1. Saman kumara says:

    ආ අයේ පාරක් ආව නේද රවට්ටන්න…ටිකක් බැනලා ආයේ කඩේ යමන් මුඩු මහණා ..

  2. ගමේ මිනිහා says:

    තුහ් නෙදකිං විතරක්…! මේගොලෝ දැන් එක එක පෘතග්ජන මතිමතාන්තරවලට බෙදිලා මඩිය තරකරගන්නවා, අසපු ගහනවා, ඉඩම් ගොඩකරනවා, හොර අඹුවෝ තියාගෙන ළමයි හදනවා. ඒ විතරක්නම් මදෑ… ශබ්ද දූෂණය කරමින් මහ රෑ දෙගොඩහරියාමේ පිරිත් දාලා රටේ නීතියත් කඩනවා. පොලීසියට කරන්න දෙයක් නෑ… අන්තිමට දේශපාලන හාම්පුතාලා මේගොල්ලංව බේරගන්නවා, මේගොල්ලෝ දේශපාලකයෝ බේරනවා. රට වලපල්ලට යනවා.

  3. කන්ද උඩ says:

    මේ තරම් ඉක්මනටම ජනතාවට එපා වුණු නායකයෙක් නැති තරම්. ඒ කොරෝනා හෝ බඩු මිල නිසා නෙවෙයි. ඒ සිංහල ජාතිය වල පල්ලට යැවීමට ලහි ලහියේ ඇස් පනාපිටම ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල නිසයි. වසර කිහිපයකට වත් සිදු නොවන හානියක් සිංහලයාට මේ ටිකට සිදු වෙමින් පවතිනවා. ඔබ වහන්සේ වැරදි කෙනා බලයට ගෙනාවා කියලා තේරෙනවා නම් වහාම එය නිවැරදි කර නිවැරදි කෙනා බලයට ගේන්න පෙරමුණ ගන්න. දැනට දේශපාලනයේ නම් එවන් කෙනෙකු පේන්නවත් නැහැ. බාහිරින් සොයා ගත යුතුයි. ඔහු සිංහලයා වෙනුවෙන් සෘජු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළොත් සිංහලයා ඔහු වටා රොක් වීමත්, ඔහුගේ ජයග්‍රහණයත් වළක්වන්න බැහැ.

  4. ප්‍රේමදාස යුගයේ ජනතාකරණය ක්‍රියාවලිය මගින් වටිනා ආයතන කොටස් 51%ක් හිමිවන ලෙස විදේශීය කොම්පැණි
    වලට දුන්න. එසේ දුන් වරායේ පිහිටි කලම්බු ඩොක්යර්ඩ් ආයතනය අදටත් 51% බලය සහිතව ජපන් සමාගමක් මගින්
    ප්‍රධාන පාලනය කරගෙනයනවා. සියළු ලාභය ජපානයට රැගෙන යනවා. මේවනවිට වසර 25ක් මෙලෙස ගෙවී ගිහින්.
    මේවා ගැන ලැවරිය දාස පුතාණෝ හීං කෙඳිරියක් වත් නගන් නෑ.
    ජනපති අනුමැතිය දී ඇත්තේ 49% ක කොටස් බලයක් පමණක් දීමටයි.එහිදී ප්‍රධාන පාළන බලයක් ඔවුනට හිමි නොවන අතර
    ලාභයේ ප්‍රධාන කොටසද,තීරණ ගැනීමේ ප්‍රධාන බලයද හිමි වරාය අදිකරිය්ටය.
    ගවුරවනීය ඔබවහන්සේ පවසන පරිදි එයද රැක ගැනීමට හැකියාවක් තිබේනම් ඉතා අගනේය.

  5. Prasad says:

    කරැනාකරලා සිවුර ගලෝලා කරන බිස්නස් ඒකක් කරගන්න පිං සිද්ද වෙයි
    සබ්බුද්ද සාසනේ කරන්නේ නැතුව

Main News