රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..

October 15, 2020 at 3:00 pm | lanka C news
රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..

අද වන විට රට පුරා කොරෝනා වසංගතය පැතිරී ගොස් ඇති බවත් එසේ රටම අනාරක්ෂිත වීමට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය රටපුරා උඩු දුවා ඇති බවත් අද රට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් මතුවන බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවේ නායකයන් එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

රටම අවධානම් සහගත තත්ත්වයට පත් වෙමින් තිබියදී රජය මේ ගැන වගකීම් සහගත පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැති බවත් සෞඛ්‍ය ඇමැතිවරියද කෙටි උත්තර දී මග හරින බවද ඔහු පැවසීය.

අද වන විට සෞඛ්‍ය අංශ වල ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡා තහනම් කර ඇති බවට දැනගන්නට ඇති බවත් ජනතාවට සත්‍ය දැන ගැනීමේ අයිතිය ද මේ ආකාරයේ සම්බාධක දැමීම අනුමත කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

39,483 views

21 Comments to “රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..”

  1. Dubba says:

    එජාපෙ තවම තියනවද? යකෝ මහා ලේකම් තවම නඩත්තු කරනවනේ!

    • අලිමංකඩ 🐘 says:

      රට පුරාම ‘අලියට’ කොරෝනා පැතිරිලා..
      සත්‍ය වහන්න වනජීවී ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා ‘හෙණ්ඬුවෙන්’ තහනම් කරලා..

  2. Hesh says:

    දේශපාලනය අලුත් වෙන එක තේරෙන්නෙ නැතුව පරණ විදියට එක මාසෙට එක බොරුව ගානේ කිය කිය පලයල්ලා. ඔය තියෙන 2%ත් නැති වෙයි.

  3. puncha says:

    kicha wela pacha wela inna un . monawa karannada? bailayak gahagena hitiyawe.
    Minissu 300 k payak weni keti kalayak thuladi maradapu mini maruwan mun,

  4. රටෙ එකා says:

    මම ඊයෙත් දැක්කා ඩොක්ටර් ජයරුවන් බන්ඩාර මාද්ය සාකච්චාවක් තියනවා. මූ ඉහල සෞක්ය නිලධාරීන් කියන්නෙ අර සමන් රත්නප්‍රිය වගේ එවුන්ටද? නැත්නම් ඊයේ රෑ හිටියේ රනිල්ගේ ගෙදරද?

  5. Appuwa says:

    Yes or No ? As usual the reader comments will be about his mother father wife and other rubbish..

  6. දුටුගැමුණු says:

    පිස්සු කතා කියන්න එපා ! ඈත ඉතිහාසයේ..
    ඉන්දියාවේන් බුද්ධාගම අපිට ලැබුනාට පස්සේ මෑත ඉතිහාසයේ ඒ අයගේ රෝ- හාදුරුවෝ අපිට දීපු ලොකුම තෑග්ග ! එහෙම වහලා ඒ අයට අපහාස කරන්න පුළුවන් ද ?

  7. Ravi says:

    හා හා . ඉතින් තමා මොකද කියන්නේ ?
    කට වහගෙන පැත්තකට වෙලා ඉන්න .

  8. ඇත්ත යථාර්ය says:

    යූගඑන්පී, ජේවීපී අයට අවශ්ය රටපරා කොරෝණා ව්‍යාප්තියයි. ඉන් රට මිදෙනවාට ඒ අය අකමැතියි. කාලකණ්ණණි අදහස් ඒ අයට ඇත්තේ. රට විනාශ වී හෝ බලය ලැබෙනවා නම් කැමතියි.

    • ඩිංගිරාල says:

      ඈ බොල පිංපියෝ. උන්ද දැන් කොරෝනා රට පුරා ව්‍යාප්ත වෙන්න ඇරියේ?. රෙදි අපුලුලන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න.

  9. Don sarath says:

    Jeppo and UNP kalakanni dan party danawa, satuta wedi kamata. Kalakanni

  10. නාරද says:

    මේ අය හිටියනම් කරයි. එහෙමනම් දැන් ඉන්දියාව වග‌ේ. දැන් අයත් පොඩ්ඩක් මහජනතාව නිරෝධායන නීති රකිමින් ආපු වැඩ පිළිවල නැවැත්තුවා ඡන්දය, රැස්වීම් අරවා මේවා නිසා. නොසැලකිල්ල

Main News