රට පුරා අන්තවාදය වපුරා ආගමික ගැටුම් අවුලන්න බොදුබල සේනාවට, ඥාණසාර හිමිට නෝර්වේ ක්‍රෝන මිටි පිටින්..

February 28, 2020 at 10:32 pm | lanka C news
රට පුරා අන්තවාදය වපුරා ආගමික ගැටුම් අවුලන්න බොදුබල සේනාවට, ඥාණසාර හිමිට නෝර්වේ ක්‍රෝන මිටි පිටින්..

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.

බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.

කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.

– lankadeepa

54,965 Viewers

22 Comments to “රට පුරා අන්තවාදය වපුරා ආගමික ගැටුම් අවුලන්න බොදුබල සේනාවට, ඥාණසාර හිමිට නෝර්වේ ක්‍රෝන මිටි පිටින්..”

  1. Podda says:

    Election is coming. Horata kalin Kena weta penala. Need racism and UNOs anti SL statements to win the poor byyos

  2. RW says:

    මෙයා වීරකැටියෙ රාජපක්ෂ කෙනෙක් උනාට පහත් ගති තියෙන වරිගෙක. හැම වෙලේම කාට හරි අපහාස කරන එක එයාගෙ චරිත ලක්ශනයක්. කාලෙකට මහින්දට, කාලෙකට රනිල්ට. දැන් හාමුදුරුවොන්ට.

    • සිංහල බණ්ඩා says:

      උබ හාමුදුරුවො කියන්නෙ කාටද ඔය පින්තුරෙ ඉන්න බේබදු ඩයල් එකටද?

      • අයියර් ස්වාමි says:

        ඔබතුමා බෞද්ධ නොවන නිසාද එහෙම ආමන්ත්‍රණය කරන්නේ ?

    • nilame says:

      Yes. he belongs to LAMBAKARNA CAST. KING vasaba, Nissankamalla, Sumana saman deva, Pussadewa, Uthpalawanna, Gongalegoda Banda, KIng Lilawathi, KINg walagamba and most kings belong to this. Learn History. Until kandyan period they are the prominent.
      Read GALPOTHTHA stone Script at Polonnaruwa .

  3. Rohan says:

    කොහොමත් මුස්ලිම් ආක්‍රමනිකයන්ගෙන් කුරගල, දෙවනගල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, මුහුදුමහා විහාරය,…. බේරාගතයුතුයි. අන්තවාදි මුස්ලිම් ව්‍යාපාර වර්ජනය දිගටම තියාගමු. මුස්ලිම් ත්‍රස්තවාදයේ පියවරුන්වන හකිම්, රිසාට්, ඇසාට් සෙලි නැවත UNP එකට රිංගගෙන.

  4. Don says:

    EVEN RANIL SAID THIS FACT IN PARLIAMENT. NORWAY IS WEAPON SELLER, THEY CREATE WARS AROUND THE WORLD. IQ 80 SOCIETY DOES NOT DESERVE ANY MORE

  5. සිංහල බන්ඩා says:

    ඥාණසාර හිමි හැමදාම ජාතිකවාදීයෙක් විජේදාස අවස්ථාව අනුව ජාතිය විකුනන්නෙක්.

    • Lotus says:

      සිංහල බණ්ඩා අසිහියෙන් වගෙයි. විජේදාස රාජපක්ෂ මහතා මේ දෙන්නේ සාක්ෂියක්. එය රටෙහි ආරක්ෂාවට ඉතාම වැඩදායී සාක්ෂියක්. අපි හැමෝම පක්ෂ භේදයකින් තොරව අපේ රට රැක ගැනීමට සිහි නුවණින් කල් ගෙවිය යුතු මොහොතකයි අප සිටින්නේ. දැන්වත් සිහි එලවා ගන්න.

  6. මනෝජ් ප්‍රියංග says:

    බොදුබල සේනාව චම්පිකල නෝර්වේ සල්ලිවලින් හැදුවේ ගෝඨාට ගහන්න කියල කිව්වට කව්රුවත් පිළිගත්තේ නෑ. අඳබාල ජනතාව නේ

  7. හෙලයා says:

    විජෙදාස පෙහොට්ටුවටකිසිම ඡන්දයක් වැඩි කලේ නැහැ. සිංහල ඡන්ද වලින් පොහොට්ටුව දිනෙව්වේ ඥාණසාර හිමිය්.

  8. deela says:

    රාජපුර රාජපක්ෂ වෙලා තියෙන්නෙ . කිසිම සම්බන්දයක් නැ
    වීරකැටිය රාජපක්ෂලාට

  9. Rajapaksha says:

    මුන් දන්න මගුල. හාමුදුරුවන් කියන හැම දේම ඇත්ත . වෙච්ච දේවල් වෙන්ඩ කලින් කිව්වා . මේ වගේ හරක් නම් ඉන්නෙ කොහොමද රටට ජාතියට වැඩ කරන්නේ . මූත් මෙහෙම නම් අනික් උන් ගැන කුමන කතා ද ?
    නමට බෞද්ධ මුන් …

  10. Dharmaprema says:

    g.b.aththe hamuduruwo jatiwadiyek ho agam wadiyek nowei. desapalagnayekda nowei unwahanse haemadama katakaranne muslim ha kristiyani anthawadeen bauddha sasanayata saha sinhala bauddhayanta karamin inne haanya gaena pamanai. eka anthawadayak jatiwadayak wenne kohomada? norway me hamuduruwanta kale russiawe kristiyani agamika nikayak soma hamuduruwanta kala demai. wenasa norway gba hamuduruwo ghatanaya kale nae. meya therunath notherunawage inne WR patta horeki.

  11. I don’t know the validity of the above commentary about Ven. Gnanasara. But, what I can say as a Sinhala Buddhist is that the Sri Lankan Buddhist monks must refrain from engaging in secular activities like going after corrupt and criminal Politicians or for that matter going after any politician (although almost all are corrupt, criminal and indecent) seeking financial, personal and other benefits and favours which practice is wholly against the Buddhist Ethical Code for bhikkkus as defined by the Buddha.
    Therefore, the Bhikkku monks of Sri Lanka must confine their activities to the Temple and the practice and propergation or spreading of the Dhamma instead of seeking to contest as Parliamentary MPs or pursuing government jobs of any nature or seeking to get engaged in political positions which is seen by the International community as very improper for the Buddhist Bhikkus of Sri Lanka.

  12. Here, I am not talking about the above commentary about Ven. Gnanasara. But, what I can say is that Sri Lanka’s Buddhist Monks should refrain from behaving like secular laymen by getting involved in and engaging in the country’s political issues and going after corrupt criminal indecent politicians to seek money and other personal benefits which practice is very damaging to the noble ethics of the Buddha Dhamma, and also which practice is very damaging to Sri Lanka’s reputation in the world as the country where the Pure Buddha Dhamma exists.
    Also, Sri Lankan Buddhist Monks should not seek political positions as MPs and also they should not seek government jobs after getting their University degrees since then they fall into the same type as normal secular laymen greedy for money and status in the society.

  13. MD says:

    Hamuduruwan Norway ugule pataluna.manawa himikam illakka kota me wade kale koti diaspora hitawadi kandayam.hamuduruwo gana janapati tumani wahama awadanaya yomu karanna.ada thathwaya kese wetath mulin nam hamuduruwo ugulata ahuwuna.

  14. යකෝ හාමුදුරුවෝ පාස්කු ප්‍රහාරය ගැන කීවේ අවුරුදු 2කට විතර කලින් …ඒ නොර්වේ ක්‍රෝන අරගෙනද බූරුවෝ..? තෝ වගේ ජාතිය විකුණන එකෙක් ඔයවගේ කතාකියන එක අපිට පුදුමයක් නෙමෙයි …

  15. Vaasu says:

    Pahu Pahu Wenakota Kohu kohu wenawaa kiyanne okatai ape haanduruwane ..
    Obawahanse me gatthanta dan Waul Hapayak Pamanai

  16. Asanka says:

    අපේ හාමුදුරුවරු නිවන් සම්මාබෝධයට පමණක් කැප වුණු පිරිසක් නො වෙයි. සිංහල බුද්ධාගමේ හාමුදුරුවරු සිංහල බුද්ධාගම රැක ගැනීමටත් කැප වුණු පිරිසක්. අප බොහෝ දෙනාට වැරදෙන්නෙ සිංහල බුද්ධාගම තේරුම් ගන්නෙ නැති නිසා. පසුගිය ජනාධිපතිවරණයෙ දී ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ පවා ඡන්දය දැම්මේ සිංහල බුද්ධාගම රැකගන්න. ඡන්දය බුදුදහමට එකඟ නොවන්න පුළුවන්. එහෙත් සිංහල බුද්ධාගමට එකඟයි.

Main News