රට පුරා ඉන්ධන බෙදා හැරීම නවතන්න යයි..

October 20, 2016 at 8:02 am | lanka C news
රට පුරා ඉන්ධන බෙදා හැරීම නවතන්න යයි..

මැරයින් පිරිසක් විසින් තෙල් සංස්ථා රියදුරෙකුට දඹුල්ල-හඹරණ මාර්ගයේදී පහර දී ඇති බව ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගම් ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.

මේ වන තෙක් පහර දුන් මැර පිරිස අත්අඩංගුවට ගෙන නැතැයිද පවසන ලේකම්වරයා එම පිරිස අත්අඩංගුවට නොගතහොත් රට පුරාම ඉන්ධන බෙදාහැරීම නවතා දමන බවද කියා සිටී.

මෙම පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (18) දිනයේ රාත‍්‍රියේදීය.

6 views
Main News