රට පුරා උණුසුම ඉහල යයි.. දිස්ත‍්‍රික්ක ගණනාවක උෂ්ණත්වය 35 පනී… දැඩි උණුසුම ඉදිරියටත්..

September 12, 2018 at 8:02 am | lanka C news
රට පුරා උණුසුම ඉහල යයි.. දිස්ත‍්‍රික්ක ගණනාවක උෂ්ණත්වය 35 පනී… දැඩි උණුසුම ඉදිරියටත්..

දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අනුශා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.

ඊයේ දහවල් වනවිට මොනරාගල ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් 36.3ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2ක්, ලඅනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.4ත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.2ක් හා නුවර එළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21.5 ලෙස වූ බවද ඇය සදහන් කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය දහවල් කාලයේ සාමාන්‍ය දිනවලට වඩා මේ දිනවල සෙල්සියස් අංශක 04කින් පමණ ඉහළගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය, බදුල්ල, ලකුරුණෑග, ලවව්නියාව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල උෂ්ණත්වයද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 03කින් ඉහළගොස් ඇතිබව ඇය පැවසුවාය.

– නාගොඩ සුමන උදයන්ත

8,243 Viewers

7 Comments to “රට පුරා උණුසුම ඉහල යයි.. දිස්ත‍්‍රික්ක ගණනාවක උෂ්ණත්වය 35 පනී… දැඩි උණුසුම ඉදිරියටත්..”

  1. බදුර්දීන් says:

    ඔබට සතුටුයි ද දැන් !!

  2. Kadiya says:

    යමපාලන කාලකන්නින්ගේ ශාපය මේ රටට වැදී තිබේ. මෙහෙම ස්වාභාවික විපත් සිදුවූ යුගයක් ශ්‍රී ලංකා ඉතිහාසයේම තිබුණද? වසර 67 ක් වන මගේ ජීවිත කාලයේ මහාම ශාපයක් ලත් යුගය මෙයයි. බොරුව, වංචාව, හොරකම, පලිගැනීම, දුෂ්ඨකම, අශීලාචාරකම, පාවාදීම්, හෙළාදැකීම්, අපහාසකිරීම්, කුමන්ත්‍රණ කිරීම්, ආදී සියලුම අවකල් ක්‍රියා යහපාලනය නමින් සිදුකරණ ලද කාලය තුලදී දේව උදහස මේ රට කෙරෙහි යොමුවීම පුදුමයක් නොවේ.

  3. Raawanaa says:

    Thel milath wediuna nisaa, idiriyata ushnathwaya thawath wedi wevi.

  4. Kalan says:

    Badurdeenta Roginyaa genalla padinchi karawanna thawath Keleewak demu

  5. sekara says:

    okath mahindage wedak wenna bari naha?

  6. Aurora says:

    බොරුව; උදාහරණ අවශ්‍ය නොවේ, ලම්බෝගිනි, පුංචි කාර් සිට 2015 මැතිවරණ පොරොන්දු සියල්ලම පොලව පුපුරණ බොරුය.
    වංචාව; අගමැති රනිල් විසින් මෙහෙයවන ලද මහා බැංකු වංචාව සියලුම වංචා පරාද කරයි.
    හොරකම; තක්සේරු කළනොහැකි තරම් වටිනාකමකින් යුක්ත රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුනන්නේ ඉන්ලැබෙන අයතා ලාබ නිසා නොවේද?
    පලිගැනීම; බෙදුම්වාදය පරාද කිරීමට කැපවූ සියලුම සිවිල් සහ හමුදා නායකයන් ඉලක්ක කරගෙන කරණ අධිකරණය යොදාගෙන කරණ නඩු දැමීම්.
    දුෂ්ඨකම; මවනලද හේතු යොදාගෙන රාජ්‍ය දේපල සම්බන්ධ කරගෙන ඇප නොදී රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම.
    අශීලාචාරකම; දෙවියන් ඉදිරියේ මෙන්ම ශ්‍රී ලංකාවේ සදාචාරයටද විරුද්ධ සමලිංගික ක්‍රියා නීතිගතකිරීමේ අශීලාචාර කම්.
    පාවාදීම්; ජනාධිපතිගේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය පාවාදීමේ සිට…
    හෙළාදැකීම්; විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා සහ එහි හර පද්ධති විවිධ ආකාරයට හෙළාදැකීම.
    අපහාසකිරීම්; LTTE මිනීමරුවන් විනාශකිරීමට කටයුතු කල සියලුදෙනාම අපහාසයට ලක්කිරීම.
    කුමන්ත්‍රණ කිරීම්; අළුත්ම කුමන්ත්‍රණය නම් “ජනබලය කොළඹට” විරෝධතාවයේදී කිරි පැකට් වලට වස යොදා කරන්නට ගිය විනාශය සම්බන්ධ කුමන්ත්‍රණයයි.

  7. Love nature says:

    1 වන සිහිනය

    කොසොල් රජු –

    “කළුපාට වෘෂභයෝ සතර දෙනෙකු යුධ කරන්නේ යැයි සතර දිශාවෙන් රාජාංගනයට පිවිසෙයි. උන් එනවිට නරඹන්නෝ මහා උද්යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලා සිටී. වෘෂභයෝ සතර දෙනා යුධ කරන අයුරක් දක්වා නාද කොට ගර්ජනා කොට යුධ නොකර ඉවත්ව ගියහ. ඔල්වරසන් දුන් නරඹන්නෝ වෘෂභ යුද්ධය බලන්නට බැරිව හොදටම දුක්වුණා”

    බුදුන් වහන්සේ –
    අනාගතයේ අධාර්මික පාලනය නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කළට සිදුවන සිදුවීමක් පිලිබදව මෙයින් කියවේ. අනාගතයේ මිනිසුන් අදැහිමි වී මුදලට මුල් තැනක් දෙයි. වනාන්තර කපා පරිසරය ද විනාශ කරයි. මේ හේතුව නිසා නිසි කලට වැසි නොලැබේ. මහා ශබ්දයෙන් අහස ගෙරෙව්වත් වැස්ස නොලැබෙයි.

Main News