රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..
April 27, 2022 at 6:20 pm | lanka C news
දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයට එරෙහිව මේ මස (28) දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බවයි.
එලවළු ගොවියා රැක ගැනිමේ අධිඨනනි මෙම තිරණය ගත් බවත්,එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
මිට වසර 1 ½ ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පිඩාවට පත් කිරිමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන් ගොවින් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
කන්න නැතිකමට මහණ උනු එවුන් ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දමාගෙන අවිහිංසාව වෙනුවට හිංසාව උදේට , හවසට , ඉරිදට , පෝයට පතුරවනවා. උන්ට දුක් මහන්සියෙන් හම්බු කරන දේ තම්බ තම්බා ගිල්ලවන්න එපා..
Gon harak
“මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන්”
මොකද්ද බන් මේ හරුපෙ. ඔය ඔක්කොම වැඩි වෙනකොට එලවලු මිල පහල බහින්නෙ කොහොමද?
රටේ ජනජීවිතය අඩා ල කිරීම විරෝධයක් නෙවෙයි ත්රස්තවාදයක් .විභාග තිබෙන දරුවන්ගේ විභාග කල් දැමීම ඔවුන්ගේ අනාගතයට කෙලින්ම බලපානවා කොරෝනා කාලේ නිකන් ගෙදර සිට වැටුප් අරගෙන ත්රස්තවාදයක් දමා වැඩි වැටුප් රජයෙන් ගත්තා දරුවන් ප්‍රාණ ඇපයට අරගෙන .මුන්ගේ වැටුප් වැඩිකිරීම ත රාජ්‍ය සේවක වැටුප් ගුරාලාගේ වැඩිවීමට සම කිරීමට යාමත් මේ ප්‍රශ්නයට සම්මාදම් උනා .
දැන් මේ උද්ඝෝෂණ ඇති
හමුදා නීතිය දැමීමට කාලයයි මේ .මේක කොරන්න බැහැ .නඩුකාර උන්නාන්සේලා මේක අවබෝධ කරගෙන මුංට නීතිය ක්‍රියාත්මක කරන්න .නැතිනම් බොහොම ඉක්මනට අපි හැමෝම ලොකුම ලොකු අමාරුවකට වැටෙනවා
29 ඉදන් බෙදා හරින එළවළු පාරිබෝගිකයා ගන්නෙත් නෑ ..
පොහොර ටික නැතිව මේ රටේ ගොවි ජනතාව කුඹරු වලයි, එළවළු කොටු වලයි, තේ වතු වලයි තමන්ට පුළුවන් විදිහට උද්ඝෝෂණය කරද්දී, විරෝධතා දක්වද්දී කොළඹ ඉන්න බහුතරයක් නෝනලා මහත්වරුන්ගේ ඇස් ඇරුනේ නැහැ. පොහොර අර්බුදය නිසා කෑම බීම ටික, එළවළු ටික ගිනි ගණන් යද්දී තමයි උන්දලටත් ඇහැරුනේ. ඒ ඇහැරුන ගමන තමයි ගෝල්ෆේස් ගිහින් බුරියානී කන්න පටන් ගත්තෙ. ඔන්න ඕකයි කියන්නෙ ප්රශ්නය තමන්ගෙ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි කියලා. තමන්ගෙ රටට කෑම බීම ටික හදලා දෙන, විදේශ විනිමය ඉපයීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ගොවියෝ ටික අසරණ වුණු වෙලාවේ මේ මිනිස්සුන්ට මේ අපරාධය කරන්න එපා කියලා අද කරන හර්තාල් එදා කරා නම්, අද මේ රට මෙච්චර අහේනියක් ගහපු රටක් බවට පත් නොවෙන්නත් තිබුණා.
මී හරක්. හෙට, අනිද්දට ඔය එලවලු කුනු කොල්ලෙට විකුනන්න වෙනවා. ඕං මෝඩ අරගලය. යකෝ තටමලා, තටමලා වවාගෙන, වතුර දාලා රැකගෙන හදාගත්තු එලවලු කුනුවෙන්න හරිනවා කියන්නේ තොපි මොනතරම් එලහරක්ද කියලා හිතලා බලපන්. තොපිම ඕවා කාපියව්.