රට පුරා කලාප කොටස් වශයෙන් විදුලිය කපා හැරේ..

July 8, 2019 at 8:58 pm | lanka C news
රට පුරා කලාප කොටස් වශයෙන් විදුලිය කපා හැරේ..

රට පුරා ස්ථාන කිහිපයකට අද දිනයේ විදුලි සැපයීම සීමා කිරීමක් කල බවත් ඇතැම් ස්ථානවලට දැනටත් විදුලිය විසන්ධි කර ඇති බවත් විදුලි බල අමාත්‍යංශය කියයි.

එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන සදහන් කරන්නේ මීට හේතුව වී ඇත්තේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම තෙල් සංස්තාව විසින් ප‍්‍රමාද කිරීම මත මෙම තත්වය ඇති වූ බවයි.

තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම ප‍්‍රමාද කර ඇත්තේ විදුලි බල මණ්ඩලයෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක පමණ මුදලක් ගෙවීම ප‍්‍රමාද වීම හේතුවෙන් යයිද ඔහු කීවේය.

මෙරට විදුලි අවශ්‍යකාවයෙන් 85%ක්ම ලබා ගැනීම මේ වන විට සිදුවන්නේ තාප විදුලියෙන් බවත් ඔහු පැවසීය.

19,911 Viewers

2 Comments to “රට පුරා කලාප කොටස් වශයෙන් විදුලිය කපා හැරේ..”

  1. Hesh says:

    සින්හල විරෝධී මැට්ටන්ට ඒත් කමක් නෑ. මහින්ද එලෙව්වනෙ.

  2. බන්ඩා says:

    පසුගිය වසර හතර හමාරක කාලය තුල එක විදුලි බලාගාරයක් වත් හැදුවෙ නැහැ. සූර‍්‍ය බල ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කලෙත් නැහැ. කොමිස් ගැහුවා විතරය්. ඉදිරියට විදුලිය කපන්න වෙනවාමය්.

Main News