රට පුරා කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක්.. භයානක තත්වයක් ගැන වසංගත රෝග විද්‍යා අංශය දන්වයි..

July 3, 2020 at 10:02 pm | lanka C news
රට පුරා කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක්.. භයානක තත්වයක් ගැන වසංගත රෝග විද්‍යා අංශය දන්වයි..

කොළඹ 13 ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනාගත් ආකාරයට ඉදිරියේ දී රට පුරා විවිධ ප්‍රදේශ වලින් තවත් ආසාදිතයන් හමු වීමට ඉඩක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා අවදානම කෙරෙහි මේ වනවිට සෞඛ්‍ය අංශ උපරිම අවධානය යොමු කොට ඇති නිසා එවන් රෝගීන් වාර්තා වුවද පැතිරීම පාලනය කිරීමට හැකි වනු ඇති බවයි.

කෙසේ නමුත් මෙරටට හොර රහසේ පැමිණ පුද්ගලයන්ගෙන් රෝගය පැතිරීම ආරම්භ වූවොත් එය භයානක තත්ත්වයක් ඇතිවීමට හේතු විය හැකි බව ද ඔහු අනතුරු අඟවයි.

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයා සමාජය තුළින් හඳුනාගත් ආසාදන යුතු නොවන බවත් ඔහුගෙන් රෝගය සමාජයට පැතිරීම ඉඩකඩ අවම බවත් ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

අදාල ආසාදිතයා සමඟ ඇසුරු කළ පුද්ගලයන් 154 දෙනෙකු දැනටමත් නිරෝධායන සඳහා යොමුකර ඇත.

47,904 Viewers

9 Comments to “රට පුරා කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක්.. භයානක තත්වයක් ගැන වසංගත රෝග විද්‍යා අංශය දන්වයි..”

  1. රුවන් says:

    ඕකනේ අපි කියන්නෙ ඔය ලංකාවට එන කවුරුත් වග කියන්නෙ නෑ නේ ලංකාවේ හැදිලා මෙහෙ මිනිස්සු මැරෙන්න ගත්තා ම. ගේන්න එපා දැන්…

    • කෙටි-සදුන් says:

      මට කිසිවක් අවශ්‍ය නැත, මම මගේ බිරිඳට බිය වෙමි.
      මම නිතරම උත්සාහ කරන්නේ ඉණිමඟට නැගීම සඳහා අනෙක් අයගේ බෙල්ල කපා දැමීමටය

      පාලනයකින් තොරව කතා කිරීම සහ මගේ එකම දක්ෂතාවය ඕනෑම කෙනෙකුට අපහාස කිරීම

  2. Chinthana says:

    Don’t Worry. Our Sri Lankan people are usually taking indigenous medicines as an antibiotic against the virus. But they forget them as usual practice.

  3. Suren says:

    There is a discrepancy in the topic and the content.

  4. Alapaluwa says:

    ඔයාලා අපිට වඩා හොදට දන්නවා නේද නිරෝධනය කිරීම දින 14 වැනි කාලසීමාවක් මදි බව ඉතින් එය දැන දැනත් ඇයි මේ වගේ විනයක් වගකීමක් නොදන්නා මිනිසුන්ව යවන්නේ ගෙදර හරියට එවුන් ගැන අද්‍යානයක් නොකර ඒ යවපු එකේ ප්‍රතිපල වේද මේ විඳින්නේ? නැවතත් මුළු ලංකාවම lock down කරන්න වැඩ සිද්ද කරන්න එපා අහිංසක මිනිසුන් එයින් අමාරුවේ වැටෙන්නේ මේ නොදියුණු අතලොස්සක් නිසා.මුන්ව තබාගන්න දව 30 වත්.

  5. Jagath says:

    තුනෙන් දෙක ගන්න ඕනේ

  6. දුටුගැමුණු says:

    ඒයි මතිවරණ කොමිසම නගිටපං ,නගිටපං ! මෙන්න චන්දෙ කල් දාන්න පොටක් පාදීගෙන එනවෝ !

  7. නිරෝධ says:

    මිනිසුන්ගේ හැසිරීම (කියන දේ නාහන උන්), රටේ තත්ත්වය ගැන සැලකීමේදී නිරෝධානය කාලය දින 21 ක් දක්වා දීර්ඝ කර රඳවා ගෙන ගෙදර පැමින නිරෝධානය වන්නටත් සැලසීම මගින් මේ ලැබුවාවූ ජයග්‍රහණය දිගටම පවත්වා ගැත හැකියි නේද? නැත්නම් ආයෙත් වහන්න උනොත් ආර්ථිකය වලපල්ලට යයි නේද?

  8. Don’t allow any foreigners to visit Sri Lanka

Main News