රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක්..

October 30, 2020 at 11:20 am | lanka C news
රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක්..

රට තුළ දැන් කොරෝනා උප පොකුරු බිහිවීමේ විශාල තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ‍ප‍්‍රදේශයෙන් වාර්තා පොකුරෙන් පසු එහි උප පොකුරු ගණනාවක් ස්ථාන කිහිපයකින් වාර්තා වූ බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

එසේම රට පුරා ප්‍රදේශ කිහිපයක රෝගීන් විස්සක් තිහක් පමණ වාර්තා වන වාර්තා වන පොකුරු තිබෙන බවත් එය සෞඛ්‍ය අංශය වල පාලනයෙන් පිරිහෙන්නට නො දී පවත්වා ගෙන යා යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට යාමට උත්සාහ උත්සාහ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඒ මහතා තමන් සමග තම නිවසට කොරෝනා වෛරසය ගෙන ගොස් වැඩිහිටියන් ගර්භණී මව්වරුන් එම වෛරසයට ගොදුරු නොකිරීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.

23,182 views

5 Comments to “රට පුරා කොරෝනා උප පොකුරු බිහිවීමේ අවදානමක්..”

  1. ස්වර්ණපාලී කැප්පෙටිපොල says:

    මායි මහත්තයයි ආවේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන්. දැන් කොළඹට හිරවෙලා . දැන් ඉන්නේ දන්න කෙනෙක්ගේ වහපු ගෙදරක් හදිසියට ඉල්ලගෙන. ළඟම තියෙන්නෙ පන්සලක්. ඒකේ සද්දෙට ඉන්න බෑ. මේ කොළඹ අවට මිනිස්සු හරි පවු. මහ ජරා කවිබණ සෑහෙන සද්දෙන් දානවා. ඒ මදිවට පල්ලිවලිනුත් දානවා. හැබැයි ඊයෙ හවසින් පස්සෙ එව්වයින් දැම්මෙ නෑ. ඒත් පන්සල් වලින් නම් හරිම කරදරයි. උදේ ගැන්නහම පන්සල් 5 ක සද්දෙ ඇහෙනවා හරි සද්දෙට. අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා.

    • දියරකුස් says:

      මේ සිංහල බෞද්ද රටේ කල්ලතෝනින්ට පදිංචි වෙන්ඩ දුන්නම එන ප්‍රශ්න තමයි මේ. තමුං බංග්ලාදේශ් වල පදිංචියට යන්ඩ.ඔය උන සනීප වෙලා යයි..

  2. Aurora says:

    බටහිර වෙදකමට කොරොනා සූවකරන්න බැරි බව දැනගෙන හෙළ වෙදකමට කොරොනා සූවකරන්න ඉඩ නොදෙන්නෙ කොරොනා සදහා බිල්ගේට්ස්-මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ඉදිරිපත් කිරීමට නියමිත භයානක එන්නතක් සදහා පාර කපන්නයි. ඒ එන්නත සදහා පේටන්ට් ලබාගෙන (606060) තියෙන්නේ බිල්-මිලින්ඩා ගේට්ස් පදනමයි.

  3. SuMa says:

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කියන දේවල් පිළිගන්න අය තවත් ඉන්නවද?
    කිසිම පදනමක් නැතිව දිනපතා එක එක දේවල් මාධ්‍යට කියනවා.

  4. Chathura says:

    So far GMOA has not identified thier responsibility in the current situation of the country. They are doing nothing except politics. Shameless…

Main News