රට පුරා කොරෝනා උප පොකුරු සීඝ‍්‍රයෙන් බිහිවේ.. තත්වය අතිශය අවදානම්..

December 20, 2020 at 11:20 am | lanka C news
රට පුරා කොරෝනා උප පොකුරු සීඝ‍්‍රයෙන් බිහිවේ.. තත්වය අතිශය අවදානම්..

නොසිතූ ප්‍රදේශයන්හි කොරෝනා උප පොකුරු බිහි වීමේ අවදානම පසුගිය දින කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ ගාල්ල, රත්නපුර, වැලිගම, හැටන්, පදියපැලැල්ල, හිරිපිටිය, යාපනය, මොනරාගල, බඩල්කුඹුර, අඩාලචේන හා වතුකරයේ මේ ආකාරය උප පොකුරු බිහිවීමෙන් පවතින බවයි.

මීට අමතරව වෘත්තීයන් මට්ටමින්ද රෝගය පැතිරීයාම වැඩිවෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

පොලිසිය, වරාය, බන්ධනාගාරය, සෞඛ්‍ය සේවා ආදී වෘත්තීය ක්ෂේත්‍රයන්හි දැන් උප පොකුරු වර්ධනය වෙමින් පවතින බවත් ඔහු තව දුරටත් පැවසීය.

27,967 views

8 Comments to “රට පුරා කොරෝනා උප පොකුරු සීඝ‍්‍රයෙන් බිහිවේ.. තත්වය අතිශය අවදානම්..”

  1. Karunadasa says:

    විසදුම අතේ තියාගෙන තවත් කල්මරන්නේ ඇයි. ධමිමික මහතාගේ ප්‍රතිකර්මය ක්‍රියාවෙි යොදවන්න. තව කල්මැරිමෙන් පලක් නෑ එන්නත් එන්ට මාස ගානක් යාවි ආවත් ඒවායේ ගුන අගුන හදපු ඈයෝවත් දන්නේ නෑ

    • රූණා says:

      ඔහෙට පිස්සියැ . ඒම කොලාම , සුද්දගෙ ඉංජැස්සොන් එක ආවාම කොමිස් කුට්ටියක් කඩාගන්නෙ කෝමෙයි . මක්ක දොඩෝනවද මංදා .

  2. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ ,ස චන්දෙට කලින් ගම් මට්ටමින් ප්‍රශ්ණ විසදං යනවා , නිලධාරීයො ,ඇමැට්ටො ගෙනල්ලා ,ජනතාවගෙන් ප්‍රශ්ණ අහලා , නිලධාරීන්ට බැනලා ,ඇමැට්ටන්ගේ අදහස් අරගෙන , ජන ජිවිත සුඛිත මුදිත කරනවා … චන්දේ ඉවර වුන ගමන් ටි.වී එකේ විතරයි !

    • kamal says:

      ඇයි බං පහුගිය ටිකේ උඹමනේ කිවෙි ආන්ඩුවෙි අය රට පුරා ගිහින් ලෙඩෙි බෝකරනවා,සෞඛ්‍ය පුරැදු පිලිපදින්නේ නෑ කියලා දැන් තැටිය මාරැද? මෙන හිවලෙක්ද බං උඹ

      • ක්‍රිමිනල් says:

        දැනුත් කියන්නේ එකමනේ ගොං බෛයො ! චන්දේ ලංවෙලා ගමවල් ගානේ බොරු ඔවර් ඇක්ටින් දගලානා දාන්නැතුව , හිටිපු විදියට ටි.වී එකේ පනාව දාගෙන හිටියනං ඉවරයි. චන්දේ ලංවෙනකොට බොරුවට රට වටේ කැරකෙන්නැතුව…😂😂😂 ! යන්නේ කොහෙද මල්ලේ පොල්..😂😂😂

        • kamal says:

          හරි හරි අපේ අය ගානට ඒවා කර ගනි උඹ තව අවිරැදු 10 ක් 15ක් බලාගෙන හිටපං හාද?

          • වන්නියා says:

            ආං හරි බොලා දෙන්නා ගහගනිල්ලා , අපිත් හිටියෙ කම්මැලි කමෙං , මොකුත් බලන්න නැතුං . ඇර ,ඇර .

  3. A Sri Lankan says:

    නන්නත්තාර වෙලා.

Main News