රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…

April 29, 2020 at 2:10 pm | lanka C news
රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…

කොවිඩ් _ 19 වයිරසය පිළිබඳ අනාවැකි කිය කියා නොසිට හරි වේලාවට හරි දේ ක්‍රියාත්මක නොකළොත් රටම අනතුරට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මාතලේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හය දෙනකු ඊයේ (28දා) වාර්තා වී ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල රෝගීන් පොකුරු මතුවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් එසේ රෝගීන් වාර්තා වන ප්‍රදේශවල අඩු තරමින් රෝගී පොකුරු මතුවන ග්‍රාම නිලධාරි කොට්ඨාස හෝ හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් වහාම පියවර ගතයුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

පවතින තත්ත්වය යටතේ මසකට පී.සී.ආර්. පරීක්ෂණ 68,000ක් කළ යුතු බවට වසංගත රෝග විද්‍යායතනය සෞඛ්‍ය බලධාරීන් වෙත දී ඇති වාර්තාවක සඳහන් වන අතර ඒ අනුව දැනට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ පැවැත්විය යුතු බව සඳහන් කරන වෛද්‍ය අලුත්ගේ, මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ මට්ටමකට පත්කර ඇති බවද පෙන්වා දෙයි.

කොරෝනා අවදානම පවතින ප්‍රදේශවල එම අවදානම තක්සේරු කර ඒ අනුව එම ප්‍රදේශ හුදෙකලා කර, එම ප්‍රදේශවලට පමණක් ඇඳිරි නීතිය පනවා එම ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වගබලාගත යුතුව ඇතැයිද වෛද හරිත අලුත්ගේ සඳහන් කරයි.

දිනපතාම තත්ත්වය සමාලෝචනය කර දැනට කොරෝනා වයිරසයට ගොදුරුවී සිටින හමුදා භටයන් සමඟ ළඟින් ඇසුරු කර ඇති පිරිස් හඳුනාගෙන එම පිරිස් ආගිය තැන් හා ඇසුරු කළ පිරිස් පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත සියලු තොරතුරු දීමට කටයුතු කරන ලෙසද වෛද්‍ය අලුත්ගේ ඉල්ලීමක් කරයි.

රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර නිවැරැදි චිත්‍රය පෙන්වීමෙන් ජනතාව රෝගයෙන් බේරීම සඳහා සියලු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පටන්ගන්නා බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ, මේ වන විට කොවිඩ් _ 19 වයිරසය ශීඝ්‍රයෙන් රට තුළ පැතිර යන තත්ත්වය යටතේ සති තුනක් ආපස්සට ගොස් ඇති බවද පෙන්වා දෙයි.

– mawbima

489 views

46 Comments to “රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…”

  1. කුමාරදේව says:

    මුන් ගහන ගේම මම හොයාගත්තා. ආණ්ඩුව කරන්න ඉන්න දෙයක් ජනාධිපති කාර්යාලේ මුන්ගෙ ඉන්න යාලුවෙක්ගෙන් කලින් දැන්ගන්නවා. ඊට පස්සේ රජය ඒ දේ කරන්න කලින් මුන් මීඩියා වලට කියනවා තව ටිකක් බර කරලා. උදාහරණයක් විදියට යම් දිස්ත්‍රික්කයක අවදානම් රෝගීන් ඉන්නවනම් බුද්දි අංශේ හරියටම ලොකේෂන් එකයි ඒ වටේ ඉන්න කන්ටැක් විච්ච උනුයි ලොක් ඩව්න් කරන විදිය තීරණය කරනවා. ඒ තීරණේ ජනාධිපති කාර්‍යාලයේ ඉන්න මුන්ගේ යලුවෙක්ගෙන් අහගන්නවා. ඊට පස්සේ ඉකමනට මීඩියා වලට කෝල් කරලා කියනවා අහවල් දිස්ත්‍රික්කේම හරි අවදානම් මුලු දිස්ත්‍රික්කෙම ලොක් ඩව්න් කරන්න ඕනා කියලා. ඊට පස්සේ ආණ්ඩුව තිතට බලලා ඒ ඒරියා එක විතරක් ලොක් ඩව්න් කරනවා. අණ්ඩුවට ලකුණු 50යි, ගොමාට ලකුණු 100. මුලින් කිව්ව 40,000 රෝගියෝ වෙනවා කියලා. කෝ උනාද?? නෑ. එහෙම 40,000ම රෝගියෝ වෙන්න විදියක් නෑ කියලා බුද්දි අංශේ අය දැනගෙන හිටියේ. ඕනම අය කොටු කරගත්තා. එතන ටෙලි ෆෝන් කෝල් විතරක් දීපු අයත් හිටියා. කොහොමද ගොමාගේ මොලේ

    • කුමාරදේව says:

      පසුව ලියමි:
      රුපියල් 5000 සහ එළවලු මල්ල ලැබුණා. බොහොම ස්තුතියි.

    • වෙබ් බුවා says:

      ඉතිං ලොක්කා ලේකම් කාර්‍යාලයේ ඉන්න එකාට පොල් අණ්ඩරයක් දුන්න නං උං ඇන ගනීවි නේ

  2. Kgs basnayake says:

    Why don’t GMOA create a volunteer force to help the government. I request GMOA to be more professional. First talk to government and give suggestion to them. If they do not listen then go to media. Follow ethics. Your organisation have been famous as a selfish clan. Prove that you are not.
    Are you helping that paraya kunu datha rajitha

  3. වෙබ් බුවා says:

    මේ සර්ව අශුභවාදී GMOA පිටුපස බුද්ධි අංශ යෙදවිය යුතුයි .ඔවුන්ගේ පිටුපස කිසියම් කුමණ්ත්‍රනකාරී බලවේගයක් ඇති බව පෙනේ

  4. අපේ රට says:

    පරික්ෂණ වැඩිවෙනකොට ප්‍රතිපලත් වැඩියි.නමුත් තවමත් කනගාටු සිදුවිම් හරිම අඩුයි ICU ඇදන් වල සිටින ලෙඩුන් අති අවමයි. එහෙත් ඒකෙන් සියල්ල හරි කියා නොසිතමු.රොගින් සොයාගත් ප්‍රදෙශවලින් ඔවුන් ඇසුරුකලවුන් හදුනාගැනිම්ට ඒ ඒ ප්‍රදේශ හුදකලා කලහැක.මෙය අද වගකියයුතු අංශවලින් නොකරන නිසා ඒ ඒ නගරවල වෙළද සංගම් කරමින් ඇත,(නාවලපිටිය අම්බලන්තොට ගල්ගමුව ආදි ) නමුත් එය ඒ තරම් හොඳ ක්‍රියාවක් නොවනු ඇත. රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර නිවැරැදි චිත්‍රය පෙන්වීමෙන් ජනතාව රෝගයෙන් බේරීම සඳහා සියලු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පටන්ගන්නා ඇත,

  5. Guptha says:

    Deploy PCR machines to each District . This is a must in long run, since we have to live the Virus at least for year.

  6. Jagath Silva says:

    korona nisa asaranavu sambahana sevikawanta vandi gevanu

  7. Baw baw kukka says:

    The Pesident refused the Secretary post to GOMA top man few weeks ago……
    So he has to face consequences….
    That’s all.

    Baw waw waw…. hokki hokki hoooo

  8. පොඩි බයිය says:

    පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනුවත් කර තිබියදීත් හිටපු ජනාධිපතිට එය වලක්වා ගැනීමට නොහැකි වුනා.
    කොරෝනා ගැන කලින්ම දැනෙගෙන හා වෛද්‍යවරු දිගින් දිගටම අනතුරු අඟවල තිබියදීත් ගුවන්තොටුපල වහන්නෙ නැතුව මේ ජනාධිපතිටත් මෙය වලක්වා ගැනීමට නොහැකි වුනා. බලාගෙන ගියාම දෙකම එකයි.

Main News