රට පුරා කොරෝනා පොකුරු 12ක් නිවා අවසන්.. තව ඉතිරි 03ක් පමණයි.. එයද නිවිය හැකියි.. ශ‍්‍රී ලංකාව අද ලෝකයේ විශිෂ්ඨ තැනකයි..

April 28, 2020 at 10:12 pm | lanka C news
රට පුරා කොරෝනා පොකුරු 12ක් නිවා අවසන්.. තව ඉතිරි 03ක් පමණයි.. එයද නිවිය හැකියි.. ශ‍්‍රී ලංකාව අද ලෝකයේ විශිෂ්ඨ තැනකයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ජනපතිට උවමනා නෑ

කොවිඩ්19 වසංගතය මැද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා උත්සාහ කරන බවට විපක්ෂය චෝදනා කරනවා. ඒක පදනම් විරහිත කතාවක්. ජනවාරි 26 දින ලංකාවේ පළමු කොවිඩ්19 පළමු රෝගියා වාර්තා වුණා. එයා පෙබරවාරි 19 සුවය ලබා රෝහලෙන් පිට වී ගියා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට ජනවාරි 26 සිට මාර්තු 2 දක්වා දින 35ක් පුරා ලංකාවේ කොවිඩ්19 රෝගියෙකු වාර්තා වී තිබුණේ නෑ. ඒ් අනුව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබුණු පළමු අවස්ථාවෙන්ම ජනපතිතුමා සිය බලය පාවිච්චි කළා. ඊට දින 9කට පසු මාර්තු11දා තමයි කොවිඩ්19 රෝගියෙකු වාර්තා වෙන්නේ.

ජූනි 20දා මැතිවරණය පැවැත්විය යුතු බවට තීරණය කලේ ජනාධිපතිතුමා නොවේ. මැතිවරණ කොමිසමයි. මැතිවරණයට දින නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින නිසා ඔවුන් දින නියම කළා. මැතිවරණය නොපැවැත්තුවා කියා අපට කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. ජනපති අපේ. අගමැති අපේ. ඇමතිවරුත් අපේ. මැතිවරණය පැවැත්වුවොත් අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන නිසා මැතිවරණය පැවැත්වුවත් නැතත් ආණ්ඩුව අපේ. ඒ නිසා කොවිඩ්19 වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට අපට කිසිම හදිස්සියක් නෑ.

කොරෝනා මැදට මැතිවරණය ගෙනාවේ එජාපයයි.

සාමාන්‍යයෙන් ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඕනෑම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වනවා. නමුත් ගෝඨාභය ජනාධිපතිතුමාට ඒ සඳහා මාර්තු 2දා වන තුරු බලා සිටින්න සිදු වුණා. ඊට හේතු වුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට හැක්කේ වසර හතරාමාරක් සම්පූර්ණ වූවාට පස්සේ කියා විධිවිධානයක් එකතු කිරීමයි. එජාපය ඒ බාධකය ජනපතිතුමාට ඇති කලේ නැති නම් පසුගිය නොවැම්බර් මාසයේ දී ම පාර්ලිමේන්තුව විසුරුවා හරින නිසා වසංගතයට කලින් නැවුම් පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණා. ඒ නිසා කොරෝනා මැදට මැතිවරණය ගෙන ඒ්මේ වගකීම එක්සත් ජාතික පක්ෂය භාර ගත යුතුයි.

කොරෝනා රෝගින් ගණන වැඩි වුණත් පොකුරු ඇත්තේ තුනක් පමණයි

පසුගිය දිනවල කොරෝනා රෝගින් ගණන සීඝ්‍රයෙන් වැඩි වුණු නිසා රටේ ජනතාව භීතියට පත් වී තිබෙනවා. රෝගින් ගණන වැඩි වුණත් තවමත් ලංකාවේ සමාජ පැතිරීමක් නැතිනම් social spread එකක් සිදු වී නෑ. සමාජ පැතිරීම යනුවෙන් හඳුන්වන්නේ තමන්ට බෝ වුණේ කෙසේදැයි හඳුනා ගැනීමට නොහැකි අයුරින් රෝගය වැලැඳීමයි. නමුත් ලංකාවේ හමු වන රෝගින්ගේ දම්වැල හඳුනා ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. එසේ හඳුනන්නේ නැත්තේ කිහිපදෙනෙකුගේ පමණයි.

ලංකාවේ කොවිඩ්19 පොකුරු 15ක් ඇති වුණා. සංචාරක මග පෙන්වන්නාගේ පොකුර, මැණික් ව්‍යාපාරිකයාගේ පොකුර, අටළුගම පොකුර, බේරුවල පොකුර, පුත්තලම පොකුර, අකුරණ පොකුර, යාපනය පොකුර යනා දී වශයෙන් මුල් යුගයේ තිබුණු පොකුරු සියල්ලම දැන් නිවී ගිහින්. තවමත් සක්‍රිය තිබෙන්නේ පොකුරු තුනක් පමණයි. ඒ බණ්ඩාරනායක මාවත පොකුර, සුදුවැල්ල පොකුර සහ නාවික හමුදා පොකුරයි. මේ තුනේම කුඩා ප්‍රදේශයක විශාල පිරිසක් ජීවත් වන නිසා පැතිරීම වේගයෙන් සිදු වී පොකුරෙන් බිහි වන රෝගින් ගණන දැවැන්ත ලෙස ඉහළ ගියා. මේ වන විට ඒ රෝගින් ඇසුරු කළ අය වලලු තුනක් දක්වා හඳුනා ගෙන නිරෝධානයට ලක් කර තිබෙන නිසා සමාජ පැතිරීමකට යෑමට ඇති ඉඩ හරිම අඩුයි.

ප්‍රශ්ණය : ජනාධිපතිතුමා මහා සංඝරත්නයෙන් අනුශාසනා ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ මත පලකෙරෙනවා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ.

පිළිතුර : එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල් වාදීන් මේ රටේ ඉතිහාසය නොදැන හිටියත් මේ රට වසර දෙදහස් තුන්සීයක් පුරාවට රාජ්‍ය නායකයින් පාලණය කලේ මහාසංඝරත්නයේ අනුශාසනා මත. මහා සංඝරත්නය මේ රටේ රාජ්‍ය නායකයන්ට අනුශාසනා කිරීම ඓතිහාසික කාර්යභාරයක්. එසේම අනුශාසනා ලබාගැනීම අනුලංඝණීය වගකීමක්. පසුගිය වසර පහේ යම් ආකාරයකින් එය පලුදු වීමක් සිදු වුණා. නමුත් ජනපතිතුමන් සෑම මසකම තුන්වන සිකුරාදා මහා සංඝරත්නය මුනගැසී අනුශාසනා ලබාගැනීමට ගත් තීන්දුව මේ රටේ උරුමයට යලි පණදීමක් ලෙසයි අප දකින්නේ.

මහාසංඝරත්නයෙන් ජනපතිතුමන් අනුශාසනා ලබා ගන්නවා විනා ජනපතිතුමන් උන්වහන්සේලාට අනුශාසනා කරන්නේ නෑ. මේ රටේ උත්තරීරත මහා නායක ස්වාමීන්වහන්සේලාට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා අපහාස කර තිබෙනවා ජනාධිපතිතුමන්ට තමන්ගේ දේශපාලන අවශ්‍යතා සදහා පාවිච්චිකල හැකි මෙවලම් විදිහට මේ රටේ මහනායක ස්වාමීන්වහන්සේලා හදුන්වාදීමෙන්. මම හිතනවා එතුමන් ඒ සම්බන්ධයෙන් මහනායක ස්වාමීන්වහන්සේලාගෙන් සමාව ඉල්ලිය යුතුයි කියලා.

ප්‍රශ්නය : වෛරසය පාලනය සම්බන්ධයෙන් විපක්ෂය රජයට දිගින දිගටම චෝදනා කරණවා නේද ?

පිළිතුර : ලෝකයේ රටවල් සහ ස්වාධීණ පරිපාලන ඒකක 210 ක මේ වන විට වෛරසය පැතිර තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල් සියල්ලම වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නැතුව මුරණ්ඩු ලෙස කටයුතු කලා කියන එකද ? ඒ රටවල් එක්ක බලද්දි ශ්‍රී ලංකාව විශිෂ්ඨ තැනක ඉන්නවා. රොගීන් 588 කට අපේ මරණ වාරතාවී ඇත්තේ හතයි. ආණ්ඩුවේ සැලැස්ම හා එයට ජනතාව දක්වන ප්‍රතිචාරය කියන එකයි මේකෙන් පේන්නේ. අපේ මිලියන 22 ටම මුරණ්ඩු කියන දේ නාහන 25 දෙනෙක් හිටියනම් ඇති මේ රටම කොරෝනා වෛරසයට ගොදුරු වෙන්න. නමුත් මේ රටේ නම් සාතිශ්‍යය බහුතර ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි ඔවුන් ආණ්ඩුවට උපරිම සහය දෙනවා දී ඇති උපදෙස් පිළිපදිමින්. මේ මරණ අනුපාතය පෙන්වන්නේ අපේ සෞඛ්‍ය අංශ කෙතරම් කාර්යක්ෂමද යන්නයි. ලෝකයේ මේ වන විට මරණ අනුපාතය 7%යි. ලෙඩුන් සීයකට 7 දෙනෙක් මිය යනවා. නමුත් ලංකාවේ එය 1.2%. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක හමුවලදී කිව්වේ ජර්මනිය ආදර්ශයට ගන්න කියලා. නමුත් ජර්මනියේ මේවනවිට මරණ අණුපාතය 3.9%යි. කාලයක් කිව්වා කියුබාව සිංගප්පූරුව ආදර්ශයට ගන්න කියලා. නමුත් කියුබාවට සිංගප්පූරුවට වඩා හොදින් අප මෙය පාලණය කර තියෙනවා. ඉතින් කවුරු හරි ආණ්ඩුවට බණිනවනම් කොරෝනා පාලනයට ආණ්ඩුව අසමත් කියලා එය ලෝක තත්වය ගැන මෙලෝ හසරක් නොදන්නා සංඛ්‍යාලේකණ විශ්ලේෂණය කරගත නොහැකි පිරිස් කියන කතා. මාස තුනක් තිස්සෙත් සමාජ පැතිරීමක් නොවන්නට අප වග බලාගත්තා කියන්නේ අපි දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. එය අගේ කිරීමට නොහැකි කුහක අය සිටිනව නම් ඔවුන් අපහාස කරන්නේ අප මව්බිමට මිස ආණ්ඩුවට නොවේ.

– අරවින්ද අතුකෝරල

397 views

42 Comments to “රට පුරා කොරෝනා පොකුරු 12ක් නිවා අවසන්.. තව ඉතිරි 03ක් පමණයි.. එයද නිවිය හැකියි.. ශ‍්‍රී ලංකාව අද ලෝකයේ විශිෂ්ඨ තැනකයි..”

  1. ජුරාසික් පාර්ක් says:

    පිරිසක් බයයි පාර්ලිමේන්තුව නැවත කැඳවනවට.හේතුව එතකොට පාර්ලිමේන්තුව විසරවපු ගැසට් එක අවලංගු වෙලා දීපු නාමයෝජනත් අවලංගු වෙනවා.එහෙම උනොත් පිරිසකගේ නම් ඊලඟ ලිස්ට් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවා.මොකද මේ කොරෝනා සටන නිසා අළුත් පිරිසක් ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන ඔහුට ලංවෙලා නව අභ්‍යන්තර කවයක් හැදිලයි තියෙන්නේ.
    පාර්ලිමේන්තුව නැවත කැඳවනවාට බය වෙන්න ප්‍රධාන හේතුවක් දීපු නාමයෝජනා හා ජාතික ලයිස්තු ලිස්ට් කැන්සල් වීම.

    • Kevin says:

      ඒකත් වෙන්න පුලුවන් ..

    • sena says:

      ඔබේ කථාව නිවරදියි

      • nimalsiri says:

        eka nisaada sena umba umbe geniwa me gembanpilayata araka koranna dunne kiyala kiyapanko?

    • Alapaluwa says:

      හරියට හරි. කවුද වැඩ කරන්නේ ..කවුද බොරුවට බුරන්නේ..කවුද කටු කන්නේ කියලා දැක්ක..හැබැයි ඔය ඔක්කොටොම වඩා පාර්ලිමේන්තුව කැඳවන්න බය, සල්ලි වලට ගහපු ගේම් එලියට එන බව දන්නා නිසා. නැත්නම් නරියෙක් පත් කරයිද කුකුල්ලු බලා ගන්න. රට්ටු තමයි ඉතින් කියන්නේ බෙලිමිස්සා හෝල්ඩින්, හෙල්පින් ශ්‍රී ලංකා, මග නැගුම වගේ එව්වා..අපි නොදන්න මොනරතැන්න.

      • Alapaluwa says:

        කරුණාකර දැන්වත් ඔය ලැජ්ජා නැති වැඩේ නතර කරනවා තමුසෙට අවශ්‍යයනම් මට බනින්න හෝ මගේ comment වලට Against ලියන්න ලියාගන්නවා ඇතිතරම් තමුසෙට අවේගවුණු නාමයකින් නැතිව මගේ මේ නමින් නැතිව.මේවා මහා ජරා වැඩ හලෝ පර වැඩ.ලැජ්ජයි.මෙයින් පෙන්වන්නේ තමුසෙගෙ අවජාතකකම බව කවුරුත් දැනගන්නවා.මොකද මාගැන දන්නෝ දන්නා බැවින්.

        • බබා සීයා says:

          මුං දෙන්නගෙන් මාර වදයක්නේ අපට.මේ සයිට් එකෙන් වෙන අහකට ගිහිල්ලා බුරා ගනිල්ලා.අවුල නම ඉංග්‍රීසියෙන් දැමීමයි.එකෙක් ආලපාළුවා,අනෙක් එක අලපළුවා කියලා සිංහලෙන් කොටපල්ලා හොඳ ළමයි දෙන්නා වගේ.

          • බාබා සියේ එසේ නොකියන්න තුවලක් ඇති මිනිසා පමණයි ඒ වේදනාව දන්නේ.ඇත්ත අලපලුවටත් එය වෙන්න ඇතිනේද? හිතට අමාරු ඇති ඇයි උගේ පස්සෙන්ම මේ හොර අලාපලුවා පන්නන්නේ කියා. අපි ටිකක සානුකම්පිතව සිතමු නේද මචෝ>

      • Open mind says:

        දී කිරට බලලුත් සාක්කි! fake alapaluwa ම නේද මෙතන මේ ජුරාසික් පාර්ක් කියලත් කොමෙන්ට් දාල
        තියෙන්නෙ?

      • Kalagune says:

        Here’s another grass eating two legged idiot.

      • Alapaluwa says:

        මෙතන මගේ නමින් තවමත් නොතරවී ලියනා අවජාතක අලාපාලුවට කොතරම් කිවත් මෙයින් පෙනී යන්නේ  මු මගේ ජන්මක්කාර, ව්‍යිරක්කාරයෙක් බවයි පැහැදිළිවන්නේ. එයට කමක් නැත.එක්කෝ මා මේ අවජතකයාට ලිවිම නතරකළ යුතුයි එසේත් නැතිනම් මේ අව්ජතකයා මගේ නමින් ලිවිම නතර කළ යුතුයි. ඉතින් මා තීරණයක් ගත්තා මුට ඔනෑම කුණුහරපයක් මානමින් ලියන්න කියා නිහඩව සිටීමට.නමුත් මා මගේ නමින් ලිවීමද මොනයම් හේතුවක් නිසාවත් අත් නොහරිමි ඒ මගේ සුවාදිණත්වයැයි අවුරුදු ගණනාවක් ඉදිරියට ගෙනආ.  කිවයුත්තේ මේ අව්ජතකයට මෙපමණයි. 
        දවසක් නරියෙකු සිංහ හමක් පොරවා සිංහ ගොඩකට ගොස් උජාරුවෙන් සිට මමත් සිංහයෙක් යැයි කියා ෂණිකව හැක හැක ගසා උඩබුරන්න ගත්පමනින් මක්විද කියා අපි කවුරුත් දන්නා ළදරු කාලේ පොතේ පතේ ලස්සණට පැහැදිළි කර තිබුණා මතක ඇතිනේද?.ඉතින් අන්න ඒ දවස වැඩි ඈතක නැ මිත්‍රයා ඔබටත්. ඔබ කොතෙක් සිංහයෙක් වි මගේ නමින් ජිවත්වන්න උත්සහා කලත් නොදුටු ඔබගේ හදවත කියවීමටත්,දෑනීමටත් මෙහි මගේ දක්ෂ හිතවත් මිතුරු, මිතුරියන්, සහෝදර, සහෝදරියන්, සහා සිලයුම දේශමාමක, ලංකා පුත්‍රයින්ට වැඩි වේලාවක් ගතවන්නේ නැ.ඉතින් එය දැනගෙන ඔබේ ඉදිරි වැඩපිළිවෙළවල් සාර්ථකව ගෙනියන්න කියා මගේන්  පාර්ථනා ඔබ සතුරෙක් වුවත්. 

        • Aurora says:

          ඇඩ්මින්, කරුණාකරලා කලකට පෙරසිට තමන්ගේමවූ යම් පදනමක සිට කමෙන්ට්ස් ලියපු Alapaluwa මෑතක සිට අප්සට් කථා ලියන්නේ යම් පිටපොට යාමක් දෝ සිතුවෙමි. දැන් බලනකොට Alapaluwa ගේ නම යමෙක් හොරකම් කරලා ඇති බවකුයි පෙනෙන්නේ. කරුණාකර ඔබගේ සීමාවේ තියන මේ පහත් හොරකමට වැට බඳින්න.

    • 😲😲😊😊😄😄😲😲😊 says:

      කොරෝනා වෙලාවට ආවේ උඹත් ගජ මිතුරු
      රට මෙතරම්ම අවුල් කර කීමට අපටත් ඉතුරු
      කවදා චන්දය තිබ්බත් අවසර ඕනිද කට කතුරු
      විසුරූ පාර්ලිමේන්තු එනකම් හිටු වයිරස මිතුරු

      • Me says:

        නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් තිබේද!

    • Christopher says:

      ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ නම් සජිත් පිලට ඕනවෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව කැඳවලා අලුත් පණතක් සම්මත කරගන්න; ඒ දැනට ඉදිරිපත්කර ඇති නාම යෝජනා අවලංගු කරවා ගන්ඩ. ඊට පස්සෙ රනිලුත් එක්ක ආපහු එකතුවෙලා දෙගොල්ලම එක පෙරමුණකින් නැවතත් නාමයෝජනා බාර
      දෙන්න. දැනට තියෙන විදිහට වෙන්වෙලා තරඟ කලොත් දෙගොල්ලටම ලැබෙන ආසණ සංඛ්‍යාව අඩුවෙලා ඔවුන් විපක්ෂයට වැටුනොත් ටීඇන්ඒ එකට බැරිවෙනවා ඒ ගොල්ලන්ගෙ බෙඳුම්වාදී අරමුණු ඉටු කොරගන්ඩ. ඒකයි සුමන්දිරන්ල මේ තරම් වලිකන්නෙ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවාගන්ඩ.

      • Janaka from Mathara says:

        Absolutely correct! I too agree with Christopher.

        • Janaka from Matara says:

          This f**k knuckle called “Janaka from Mathara” is not me. And although there may be some truth in what this moron says, speculating is not something I do. I like to be as factually defendable as possible in what I write.

          Now on what Gammanpila says here:

          ” හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායක හමුවලදී කිව්වේ ජර්මනිය ආදර්ශයට ගන්න කියලා. නමුත් ජර්මනියේ මේවනවිට මරණ අණුපාතය 3.9%යි.” මෙය කුහක කතාවකි.

          රනිල් වික්‍රමසිංහ ජර්මනිය ගැන කිව්වේ ප්‍රංසය හා සසඳමිනුයි. ප්‍රංස ගනං හිලව් වලට සාපේක්ශව ජර්මනිය ඉතා හිතකරයි.. ඔහු කීවේ උන් එතැනට ආවේ ඉතා ඉහල ප්‍රමානයක් ටෙස්ට් කල නිසාවෙන් බවයි.

          ලන්කාවේ ප්‍රශ්නය කොරෝනා පැතිරීමේ වේගයයි:
          හඳුනා ගැනීම් (Confirmed cases) 1 සිට 100 දක්වා : දින 54
          හඳුනා ගැනීම් 101 සිට 200 දක්වා : දින 19
          හඳුනා ගැනීම් 201 සිට 300 දක්වා : දින 08
          හඳුනා ගැනීම් 301 සිට ​400 දක්වා : දින 04
          හඳුනා ගැනීම් 401 සිට 500 දක්වා : දින 02
          හඳුනා ගැනීම් 501 සිට 619 දක්වා : දින 02

          මෙය බරපතල තත්වයක් ලෙස බලධාරීන් අනිවාර්‍යයෙන් දැකිය යුතුය​.

          • ක්‍රිමිනල් says:

            උඹේ ඔලුව ඉදිමිච්ච, බක පණ්ඩිතකම ප්‍රදර්ශණය කරන්ඩ ඉස්සෙල්ල අනුන්ට අපහාස කරණ එක නවත්තපන්, අවජාතකයා. මාතර ඉන්න එකම ජානක උඹ කියලද හිතන් ඉන්නෙ, හිපාටුවෝ?

    • Wijebahu says:

      Gammanpilila joker, no one believes a word he utters. When the whole world is under control except US, SL is going up.

    • මේ තමයි රජයට ඉන්න ලොකුම හතුරන්ගෙන් එකෙක්. මේක ගැන දන්න GMOA අනතුරු අඟවද්දි පඩිපෙලේ නීතිඥයා අනතුරක් නැල්ලු. මිනිස්සු දන්න දේත් තියෙනව නොදන්න දේත් තියෙනවා. මේ ගොං මෝලා මිනිස්සු නොමඟ යවනවා. අයින් කරපු ඇඳිරිනීතිය ආයෙ දාන්න උනේ අනතුරක් නැති නිසා ෆන් එකටද? තූ මේ වගේ කාලකණ්ණි!

  2. Welldone srilanka

    ඔහොම රං ඔහොම යං ජය නියතයි.

    69 ලක්ෂයක පාර්ථනය කොරෝනා පාලනය කර අලුතින් ගොඩනැගෙන රටක්.

    • 😲😲😲😲😲😲 says:

      කොරෝනාට කැපවුණු වෙද-හෙද පරපුර
      කල සේවය මහඟුය බේරා ගන්ටම රටපුර
      නපුරු කොරෝනා ලොවම කඳුලින් දුකපුර
      සසර දුක බව ලොවට මතක් කරයි හදපුර

    • AK47 says:

      කොරෝනා කියන්නේ සුනාමියක් වගේ, පාලනය කල හැකි ප්‍රමාණය උපරිමයටම දැනට කරලා තියනවා. ඔයිට වඩා පාලනයක් රුසියවේ පුටීන් ආවත් කරයි කියල හිතන්න අමාරුයි.
      ජෙප්පොයි, UNP ආණ්ඩුවයි හිටිය වෙලාවේ පාලනය කරගන්න පුළුවන් කම තිබ්බ පාස්කු බෝම්බ ප්‍රහාරයත් කැමති විධිහකට පුපුරවාගන්න ඉඩ හැරිය හැටි අපිට හොදට මතකයි.

      • T56 says:

        Well said, AK47!

      • AK47 says:

        පසුව ලියමි: තවද රුපියල් 5000 සහ නොමිලේ එළවළු මල්ල ලැබුණු බවත් ස්තුති පුර්වකව දැනුම්දෙමි.

      • පරණ තැටි ගගහ ආණ්ඩුවට ආවඩ වඩ හිටපන්. බල්ලගෙ වැඩේ බූරුවට කරන්න කියල හමුදාව හරහ ලෙඩේ රටටම ව්‍යාප්ත කලේ ආණ්ඩුව තමයි. පුටින් නම් මේවගේ ගොබ්බ වැඩ කරන්නෙ නෑ.

  3. ඒකත් ඉක්මනින් නිවල චන්දෙකට යමු එහෙනම්. ඔක්කොමටම ඉක්මනින් ගෝල්පේස් එන්න කියල ස ටත් එන්න කියමු. පවුලේ ඔක්කොම එක්කන් එන්න කියමු. එතකොට තමයි පන් පුල් පන්. 🤣🤣

    • AK47 says:

      ඔක්කොටම කලින් විජේවීරගේ පවුලට දෙන්න පක්ෂ සාමාජිකයින්ගෙන් එකතු කරපු ලක්ෂ හැට විජේවීරගේ පවුලට දීල ඉන්න.
      කට උල් කරල පච විදින ජෙප්පො පච විදීම වගේම හීන් නූලෙ හොරකමටත් ඉතාම දක්ෂයි.

      • Bald Citizen says:

        Absolutely correct! Otherwise how do they buy real estates in Ireland, expensive BMW cars for their spouses and drink only vodka.

    • nimalsiri says:

      ow sandaraani,umba galleface pittaniyata ewilla umbe 2 kg mayil sahitha araka mulu niruwathin pennaagena
      hitiyaanam,pohottuwata pokuru pokuru vashayen chanda lebewine.

    • Rohan says:

      Another rani of mangala

  4. Amigo says:

    මොන මගුල කරන්නත් කලින් කොරෝනා පාලනය කරලා ඉන්න ඕනේ.ජනාධිපතිතුමාට අපි ඉන්නවා සහයට.හැබැයි දේශපාලන වට පඩයින්ට ඕනේ හැටියට පාර්ලිමේන්තු කැදවන්නවත් චන්ද තියනවටවත් අපි කැමති නෑ.මේ වගේ මෝඩයින්ගේ කතා අහලා රට ආපස්සට යවන්න එපා ජනාධිපති තුමනි

  5. Dharsana abeykone says:

    What Mr. Gammanpila says is true. Thank you, sir!

    • Alapaluwa says:

      මහා ලොකුවට ඉංග්‍රීසියෙන් ලියන්නේ. අයිෂේ මිනිහෙක්ට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නැද්ද.
      Mr. Gammanpila නෙවෙයි බූරුවෝ නීතිඥ උදය ගම්මන්පිල.

      • යොවුන් රාණි says:

        එතකොට උඹ අජියට කථා කරණකොට කියන්නෙ නීතිඥ සන්දනම් අජූත පී පෙරේරා කියලද?
        දන්නෙ නැති මගුලක් කියන්නෙ නැතිව කටවහගෙන හිටපන් පොල් බූරුවා, fake Alapaluwa. මේක සමාජ මාධ්‍ය වෙබ් අඩවියක්, උසාවියක් නෙමේ.

      • nimalasiri says:

        ada paahara fake alaapaaluwa, missunta hariyata aamantranaya karanda ugannane aishe, gono, booruwo kiyaladha awajathakayo. thota koranda wedak nathnum maradhanata gihinla kalu surutuwakuth paththu koragena gon baduwak gahal pimba, pimba gedhara pala!

    • Susantha says:

      Our spreading rate is 12.4 % America 2nd place is 2.4%. So, bloody Gommanpila saying is correct?. Check your brain somewhere at least in a laundry

  6. sas says:

    Gammanpila when did you become doctor ? You have become a joker !

  7. kaush says:

    Still , The number of TESTS done per 1M population is very low compared to many other countries , If enough tests are not done how can we say we have controlled the situation , I ‘m sure government is giving 1100% to make the country safe ,But still health administration key officials are as appointed by Previous regime ,Director -(Laboratory Services) Dr.Rukshan Bellana, is a union member ,I believe they are responsible for # of PCR tests and identifying the patient count

    As general people we fear are we really doing enough tests ,that needs to be looked up by officials .if
    Any officials due to need to discredit government holding up the testing that needs to be stopped

  8. සරනේලිස් says:

    ඡන්දෙට කියලා රුපියල් සීය ගානෙ එකතුකරගත්ත ගොබිලා නේද මේ කටමැත දොඩවන්නෙ. මූ දන්න කොරෝනා

  9. බන්ඩා says:

    කොරෝනා ඉවර කරපු රටක් ගැන අපි නම් අහල නැහැ. එන්නතක් සොයා ගන්නකන් ඔය 14 ඉවර වෙනකොට තව 14ක් මතු වේවි.

  10. Aurora says:

    134 දෙනෙක් සුවපත්වෙලා ඉන්නේක ඇත්ත. නමුත් ලෝකේ වෙනත් රටවල්වල කොරෝනා සුවපත්වෙලා ඉන්න ප්‍රතිශතයන් බැලුවම අපි ඉන්නේ සතුටුදායක තැනක නෙමේ. ලෝක සුවපත් වීමේ ප්‍රතිශතය 30.5% වෙද්දී අපේ රෝගීන් සුවපත්වීමේ ප්‍රතිශතය 21.6% පමණයි. මම කියන්නේ මේ සුවපත්වීමේ ප්‍රතිශතය 70% කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ දේශීය ක්‍රමවේදයන් අනුගමනය කරපු රටවල් වලට සහ අතිවිශේෂ තත්වයන් තියන ඔස්ට්‍රේලියාව වගේ රටවල් කීපයකට පමණයි කියල. ඒ නිසයි අපි දෙශීය වෙදකම් වලට යන්න ඕන.

Main News