රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

April 6, 2020 at 11:20 am | lanka C news
රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..

කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කරන්නේ ප්‍රමිතිගත මුඛ ආවරණ, විසබීජ නාශක දියර, ආරක්ෂක ඇඳුම් කට්ටල, දුරකථන සහ ඉන්ධන දීමනාවත් තමන්ට මේ සඳහා ලබාදිය යුතු බවයි.

මෙම ඉල්ලීම් තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද මේ වන තෙක් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බව ද ඔහු පැවසීය.

එකී ඉල්ලීම් කඩිනමින් ලබාදීමට ක්‍රියාමාර්ග නොගතහොත් පවතින අවදානම් රාජකාරි සියල්ලෙන්ම සියලු ග්‍රාම නිලධාරී ජීවත්වන බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් සභාපති වරයා මෙම අදහස් පල කරන ලදී.

565 views

43 Comments to “රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..”

  1. අංකූරා says:

    රජයේ සේවකයන්ට දොස් කීමෙන් තේරුමක් නෑ , රජයේ සේවකයන්ගෙන් වැඩ ගන්න වැඩපිළිවෙලක් නැති උනහම ඔවුන්ට දොස් කියල තේරුමක් නෑ, කෙසේ වෙතත් මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් ටත් ඉස්පාසුවක් නෑ වැඩ.ඔවුන්ට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අනිවාර්යෙන් ලබාදිය යුතුයි. මේ රට අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවේ කිසිම වෘත්තියක් අවතක්සේරු නොකළ යුතු යි !!.

  2. Kgs basnayake says:

    GSs are no use. they are the root of corruption.Waste of money to employ GS.
    Let them go on strike

  3. Nawodhi says:

    See Haldumulla Huriyahela Gramasewaka a world-class robber. But no one is taking action against him.

  4. Lalith Jayashantha says:

    බහුතරයක් මම දැක්කේ මේ වෙනකල් ම වැරදි කියපු අය විතරයි හැමෝටම සාධාරණ හේතු ඇති
    මගේ පුද්ගලික අත්දැකීම නම් මීට හාත්පසින්ම වෙනස්

    1.අද මේ වන තුරුත් වන තුරුත් ඔවුන්ගේ සේවාවන් නවතා නැත (මෙම අවස්ථාවේදී ද මහජන ආධාර සඳහා වූ සමසම්බන්ධීකරණ වැඩසටහනක් යෙදී ඇති හෙයින් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ පවා නිවසට අවශ්‍ය දේ මිලදී ගැනීමට නොහැකි වී ඇත ) නිවසේ කුඩා දරුවන් දෙදෙනා ගේ පවා සෞඛ්‍යය ආරක්ශාව අවම මට්ටමක පවතී.
    මක් නිසාද යත් ඔවුන් සෑම විටම ජන සමාජය හා අනාරක්ශිතව ගැටෙති.

    2.තැපැල නිවෙස්වලට යෑමට බිය වූ අවස්ථාවක සියලුම වැඩිහිටි ආධාර නිවෙස් වලට ගොස් බෙදුවේ ඔවුන්ය

    3.සියළුම මහජන ආධාර ගෙයින් ගෙට බෙදන්නේ ඔවුන්

    4.කිසිම ආරක්ෂිත උපකරණයක් හෝ මුඛ වැස්මක් මේ වන තුරුත් ලැබී නැත
    ( මා විසින් මාගෙ කොට්ටාශයේ ග්‍ර.නි හට මුඛ ආවරන ලබා දුනිමි.)

    5.රජයේ ආහාර ‍ද්‍රව්‍ය ලැබී නැති මෙවන් අවස්ථාවක පුද්ගලික මුදලින් දිළිඳු පවුල් වලට ආහාර මලු ලබා දෙන්නේ ඔවුන්.

    6.වර්තමාන තත්වය ආරම්භයේ සිට එක් වේලක් හෝ අවසන් වන තුරු ඇය ආහාර ගන්නවා මම නො දිටිමි, දිනකට පැමිණෙන ලබා ගන්නා දුරකතන ඇමතුම් ප්‍රමාණය ගැනිය නොහැකි ය, දිළිඳු පවුල් වල පැමිණිලි, රෝගී ගේ දැනුම්දීම්, වසම තුල අනවශ්‍ය එක්රැ වීම පැමිණිලි , මත් ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි, සහ සම්බන්ධීකරණ කටයුතු,

    එමෙන්ම ඇය ව්‍යාපාර කළමනාකරණ උපාධි ධාරිණියකි. සහ ඇය ට ලැබෙන්නේ ද සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ ඒ වැටුප පමණි.

  5. FC says:

    This is silly request made by GS in this crisis situation. Please be smart and not be bias to obtain political benefits. Please help Mr. Gotabya and Team who are working this difficult situation.

Main News