රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…

November 28, 2021 at 12:00 pm | lanka C news
රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…

රට පුරා ප්‍රදේශ කිහිපයක තිරිඟු පිටි හිගයක් ඇති වී තිබේ.

ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් සඳහන් කරන්නේ නමනට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම්කරුවන් පිටි සපයන්නේ නැති බවයි.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බොහෝ ඔවුන් පෙන්වා දෙති.

මේ ගැන කල විමසීමකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ඇතත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතින බවයි.

ඒ නිසා ඇති වන නිෂ්පාදන ඉල්ලුම මත භාණ්ඩ මිල ඉහළ යන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තවම අදහසක් නැති බව ද කී ඔහු පිටි සඳහා පාලන මිලක් පනවා නැති බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් අද සිට රුපියල් 10කින් ඉහල දැමීමට බේකරිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ආනයනය කරන ලද තිරිගු පිටි තොගයක් ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබේ.

මේ අතර පිටකොටුව තොග වෙළඳුන් පවසන්නේ ඊයේ දිනයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 17 කින් ඉහළ දමා ඇති බවයි.

10,282 views

6 Comments to “රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…”

  1. කැලණියේ නයා says:

    දැන් මොලයක් තියෙන මිනිස්සු රටෙන් යනව යන්න බැරි මොලේ කලදක් හරි තියෙන උන්ට වෙන්නෙ බෝට්ටුවෙන් හරි යන්න බැයි නම් මූදට පනින්න හෙළ කාබනික රාවන දියසේන දේශප්‍රේමී ජාතිකවාදී ප්‍රගතිශීලී වගේ විවිධ ගුලි කාල මත් වූ වහලුන්ට පාන්පිටි හාල් එලෝලු ගනන් ගියාට හිග උනාට ගෑස් පිපිරුවට අවුලක් නෑ උන්ට කන්න තාම තණකොළ තියෙනව කැලෑ කැපුවට තණකොළ ඉතිරිනෙ.

  2. saman says:

    පාන් පිටි නැති උනාට ඉන්න රටක් තියනවා කියන එක අමතක කරන්න එපා. යුද්දේ ඉවර කරලා සාමය ගෙනත් දුන්න ඒක අමතක කරන්න එපා.

    • Boris Vanculenberg says:

      Aney tho wage pakees booruwek! Thopita yudda Karaka beraa Dunn’s rate Indan hibgaa kaala Mariyan! Para vahallo!

  3. COOL says:

    පාන් පිටි කන්න ඕනේ ද කාපිය ඇට ජාති.මේ වැඩිකරන්න කියන එවූන්ගේ පාන් ගෙඩියක් කිරලා බලපල්ලා.හරියට බර තියනවද කියා.

  4. sunimal says:

    ප්‍රීමා සමාගම තිරුගි අපේ රටට ගෙන්වා අපේ රටේ ජනතාවගේ ශ්‍රමයෙන් පිටි කර හොද ටික නැවත යුරෝපයට යවනවා. ඉතුරු රොඩු ටික අපට පාන් හදා ගන්න දෙනවා කොච්චර කැත වැඩක්ද මේක තමයි ඇත්ත කතාව.

  5. 0.00069 BIYYO says:

Main News