රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිගු පෝලම්..
July 25, 2017 at 12:40 pm | lanka C news
ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් තෙල් සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා බොහෝ ස්ථානවල ඉන්ධන හිගයක් ඇතිව තිබේ.
බොහො ඉන්ධනහල්වල ඉන්ධන අවසන් වී ඇති අතර ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල්වල පමණක් තෙල් බෙදා හරිනු ලබන අතර ඒවායේ ඉතා දිගු පෝලිම් දක්නට ඇත.
ත්රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දීම, හම්බන්තොට තෙල් ගබඩා සංකීර්ණය චීනයට දීම, හම්බන්තොට වරාය චීනයට දීමට විරෝධය පාමින් මෙම වර්ජනය ක්රියාත්මකයි.