රට පුරා දැඩි වර්ෂා.. ගංගා රැසක ජල මට්ටම් ඉහලට.. අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

May 20, 2018 at 6:48 pm | lanka C news
රට පුරා දැඩි වර්ෂා.. ගංගා රැසක ජල මට්ටම් ඉහලට.. අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

නිරිත දිග මෝසම් වාර්ෂාව සක‍්‍රිය වී ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයකම ජල මට්ටම් ඉහල යමින් තිබේ.

කළු ගග, අත්තනගලු ඔය, ගං ගග යන ගංගාවන්හි ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම ගංගා දෙපස පදිංචිකරුවන් විමසිල්ලනේ සිටින්නැයිද දන්වා ඇත.

මේ අතර කාලගුණ විදඨා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි පැය 24 තුල බස්නාහිර හා සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති වනු ඇති බවයි.

මධ්‍යම, ඌව පළාත්වල ඇතැම් ප‍්‍රදේශවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වනු ඇතැයිද දන්වයි.

112 views
Main News