රට පුරා නගර 43ක් වසාගනිති..

August 19, 2021 at 8:40 am | lanka C news
රට පුරා නගර 43ක් වසාගනිති..

රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් 19 වසංගතය හමුවේ සිය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමේ තීරණයට එළැඹීමට දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් තීරණය කර ඇත. පසුගිය අ​ගෝස්තු 15 වැනිදා ගම්පහ නගරය අක්‍රිය කිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කිරීමත් සමග එම දිනය තුළ පමණක් ගම්පහද ඇතුළුව නගර 09ක් වසා දැමීමට එවායේ වෙළෙඳ සංගම් තීරණය කළේය.

ඉන් අනතුරුව පෙරේදා දිනයේ (16) තවත් නගර 11ක වෙළෙඳ සංගම්ද එම තීරණයට එළැඹුණ අතර ඒ අනුව පෙරේදා (17) පෙරවරුව වන විට වසා දැමීමට තීරණය කර තිබුණු නගර සංඛ්‍යාව 21 විය. ඉන් අනතුරුව පෙරේදා (17) පස්වරුව වන විට තවත් නගර 08ක් වසා දැමීමට තීරණය කෙරුණු අතර ඊට සමගාමීව පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන කයිසර් වීදියේද වෙළෙඳ කටයුතු අත්හිටුවනු ලැබීය.

මෙම තත්ත්වය ඊයේ (18) පස්වරුව වන විට තවදුරටත් වර්ධනය වූ අතර පිටකොටුවේ රෙදිපිළි හා තෑගි භාණ්ඩ තොග වෙළෙඳාමට ප්‍රසිද්ධ දෙවන හරස් විදියද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කළේය.මීට අමතරව අද (19) පෙරවරුව වන විට දිවයින පුරා වසා දමා ඇති සමස්ත නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (19) දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, අකුරැස්ස, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගර වසා දැමීමට තීරණය කෙරිණි. ඒ අනුව මේ වනවිට කඩසාප්පු වසා දමා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කර ඇති නගර සංඛ්‍යාව 43කි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළෙඳ සංගමය පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළෙඳ සංගමයේ සභාපති වී.විජයසිංහම් මහතා ඊයේ (18) සවස පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී අදාළ තීරණය දැනුම්දෙනු ලැබීය.

නයන තරංග ගමගේ
මාධව කුලසූරිය – වවුනියාව
– aruna

40,519 views

18 Comments to “රට පුරා නගර 43ක් වසාගනිති..”

  1. Susantha says:

    උද්දච්ච බූරුවන්ට නොතේරුනාට බුද්දිමත් මහ ජනතාවට තේරෙනවා කලයුතු දේ. අපගේ උත්තමාචාරය ඔබ සියලු දෙනාටම

    • SAMAN says:

      EXACTLY!

    • Wijebahu says:

      Gotabhaya was seen as a brainless clueless clown in his first press conference. But people did not understand it. Now see the disaster unfolding. This is a different type of Afghanistan.

    • Citizen says:

      If the government is smart they should come down from the high pedestal and try to understand why this is happening. ..

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් , ගුරුවරුන් විදුහල්පතිවරුන් මෝඩයාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගෙනිහින් මුලුරටටම කොවිඩ් බෝකලා. Ngo ස්ටාලින් ඩොලර් මිටි ගනන් හොයාගත්තා. ගුරුවරුන් කොවිඩ් බෝකරගෙන හිස් අතින් ගෙදර ගියා. ගෙවල්වල අයට, අහලපහල අයට කොවිඩ් බෝකලා.

    • Pissa says:

      Ane palayan ban rajayata gotta allannathuwa modaya

      • waruna says:

        PISSOI. WASSOI..KOHOMATH INNE PAD SAJIYA, WAGE BUOORUWOI,punchi ammla ekka nidiyana
        SATTAMBIYO EKKA BAWA MOLE THIYENA KAWRUTH DANNAWA.

    • Alapaluwa ( original ) says:

      මේ වගේ වහල්ලු නැවත පුනරුත්ථාපනය කරන්න බැහැ. ඒකට තමයි කොරෝනා ආවෙ. උඹලගෙ ස්වාමියො දුන්නු පැනි බිබී ඉදපං හිඟන වහලා.
      Alapaluwa SA සිට

  3. ගන්ජ බන්ඩා says:

    දඹර සුනිල් ඊයෙ ජයට මගුලක් කෑවා. හෙට අනිද්දා මලගල කරැනෙ මගුල් කනවා.. මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය කියන්නෙ මේවට තමය්.

  4. බන්ඩා says:

    ඒ උනාට ජෙපි ස්ටාලින්ගෙ ගුරැදෙවි වරැ දිගටම වැඩි පඩි සඳහා පාර දිගේ උද්ඝෝෂණයේ.

  5. අපි ගමට ඩෙල්ටා බෙදුව කුහක ජෙප්පො says:

    අවුරුදු 2.5ක් චුට්ටක් එහෙට මෙහෙට වෙලා හා දෙනට නිකන් ම මාස 2ක් පඩි ගත්ත ගුරුවරු දෙන් ගෙදර ට වෙලා ගත්ත ඩෙටා වලින් face book එකේ ගුරුවරු න්ට විරුද්ධ ව හෝ විරුද්ධ ප්‍රකාශ වලට Like දාන කට්ටිය රීපොර්ට (report ) කරන්න පටන් අරන් . මුන් ට තියෙන්නෙ මානසික අසහනය ක් අවුරුදු 2ක් ගෙදර ට හිරවෙලා නේ ඉන්නෙ .

    ජේවීපී කාරයො උද්ඝෝෂණ කරන්න එන්න කිඋව ම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා කොටු පෙන්න

  6. Janka says:

    This is very foolish.This cannot last forever we cannot hide in our houses without interacting with the world for our survival and eventually we will nit gain anything by doing this

    • Citizen says:

      You could be right… Is this power play or concern for safety more than money or being foolish?

    • SAMAN says:

      DONT BE A SLAVE FOR THESE IDOTS.!
      NITHER THEY HAVE A VISSION OR A CLEAR ROAD MAP FOR HOW TO ACHIVE THE SET GOALS!.
      FIRST WE MUST BE ABLE TO MITIGATE COVID 19 AND SHALL BRING UNDER CONTROL ,THEN WITH THE SUPPORT OF THE COMMUNITY CAN GO FOR FARST DRIVE.
      SELF LOCK UP IS THE BEST OPTION AVAILABLE AS AT CURRENT.

  7. Karunarathna says:

    කැමති අය වහගන්න..කැමති අය ගෙව්ල් වලට වෙලා ඉන්න.. ආරක්ශා වෙන එක තමන්ගෙ අයිතිය.. හැබැයි අනිත් මිනිස්සුන්ව ගෙවල්වල හිරකරන්න බලපෑම් කරන්න එපා.. අනිත් මිනිස්සුන්ව බලෙන් ආරක්ශා කරන්න හදන්න එපා.. ලෙඩ වෙන මනුස්සයා ලෙඩ වෙනවා.. සර්ව සම්පූර්ණ සාදාරණ ලෝකයක් කොහෙවත් නෑ

  8. NuwanJ says:

    මෙහෙම කරන එක දැක්කම 88/89 කාලෙ මතකි වුනා. මෙක කරන්න පුලුවන්නං අපි අපිම ගෙවල් අගුලු දාගත්තම හරිනෙ එදාවෙල පිරිමහගන්න මිනිහටත් අවස්තාවක් දිල.

    දැං හරායට යුද්ධය පැවති කාලෙ වගෙ එදා මාධය වලට හමුදාව රජයෙ හමුදාව කොටි විමුක්ති කාමින් විපක්ෂ ය කකුලෙන් අද්දා එක එක කතා කිමින් හමුදාව අධෛරමත් කලා. අද වෙන්තේ එටාකම තමයි.

  9. හෙලයා says:

    මේ ගොබ්බයො සෙට් එක පහුගිය දවස් වල පාරවල් දිගේ ඩෙගා නටල මුලු රටෙමෙ කොරොනා අසාදිතයො හැදුවා.. දැන් මුන් මගුලක් කතා කරනව..දැන් රට වහල මේක පැතිරීම වල්ක්වා ගත හැකි කාලය අවසානයි.. මේක ඒ සීමාව පසු කලා. කොරොන නැති වෙනකම් අවුරුදු ගානක් වැහුවත් ආයෙත් අර්න්න වෙන්නෙ කොරොනා එක්කම තමයි. මුලු රටේම වැහුවත් ගෙවල් තුල පවා පැතිරෙන තැනකයි දැන් තත්වය.. කරුනාකරලා තවත් ගොන් කතා නොකියා තමුන් ගෙවල් වලට වෙලා ඉන්නවාලා..

  10. 3% ට බය බයියා. says:

    ඕවා පොහොට්ටුවේ ගේම්.එතකොට 5000/=දෙන්න ඕනේ නැහැ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

Main News