රට පුරා ප‍්‍රජා වෛද්‍ය සේවය බිද වැටේ.. දිස්ත‍්‍රික්ක 15ක් හිස්..

May 17, 2021 at 8:40 am | lanka C news

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රට පුරා ස්ථාපිත ඇති ප‍්‍රජා වෛද්‍ය ජාලය අක්‍රිය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යනු සියයක් පමණ දැනට සිටින අතර විශේෂඥයන් වීමට පෙර තත්ත්වයේ වෛද්‍යවරුන්ද තවත් 200 ක් පමණ සිටියි.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෙම සියලු දෙනාම කොළඹට වී සිටීමට දැඩි කැමැත්තක් දැක්වීමයි.

පවතින තත්වය නිසා දිස්ත්‍රික්ක 15 ක පමණ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ තනතුරු හිස්ව තිබෙන නිසා එම වෛද්‍ය ජාලය අකර්මණ්‍ය වී ඇතැයිද වාර්තා වේ.

28,271 views

8 Comments to “රට පුරා ප‍්‍රජා වෛද්‍ය සේවය බිද වැටේ.. දිස්ත‍්‍රික්ක 15ක් හිස්..”

  1. අනුරාධපුරේ නානක්කා says:

    මම සර්ලට ඔක්කොම පේන ටික කිව්ව මේ කොවිඩ් වලින් නාගන්න නෑමයි හාගන්න හෑමයි කියන්න බැරි උනා නෙ.හැබැයි ඉතින් ඒකෙන් සර්ලට නම් පඩුවක් නෑ මේක කෙලවුනාම ඇමරිකා ගමරට පැනගනී.ඒත් අනේ උන්දැලාට කඹුරන මෝඩ වහල්ලු.

  2. ප්ලැකනිල් දොස්තරයා says:

    මේ බිඳවැටීම් වලට ප්‍රධාන හේතුවක් තමයි විපක්ෂය යයි කියාගන්නා කාලකණ්ණි හැතිකරේ අනවශ්‍ය විදියට තමන්ගේ හෙන්චයියන් ආන්ඩුවට විරුද්ධව කඩාකප්පල් වැඩ වලට යොදා ගැනීම. ලප කුමාර කරන්නෙත් ඒකමයි.

    • SKF says:

      දැන් උබ විතරද මේකෙ පොහොට්ටුව වෙනුවෙන් කමෙන්ට් කරන්න ඉතුරු වෙලා ඉන්නෙ?

  3. මෝඩ බයියා says:

    මෙච්චර විපත් අවුල් අස්සෙ ලක්ස සීයට ගන්න පුලුවන් ගිලන් රත ලක්ස දෙසීයකට අරන් සීයක් විතර සාක්කුවේ දාන් සල්ලි ටික ඉන්වෙස්ට් කරන්න ඇමරිකා පැනපු මොලකාරයෙක් ගැන කතා වෙනව ඒ අපේ හාම්පුතෙක් ගැනද බයි යාලුවනේ

  4. Weera says:

    ලෝකේ හොදම සෞඛ්‍යය සේවයක් ලු අපේ දෙන්නේ .ලෝකේ ගැන නොදන්නා උන්ට මේවා ඇත්ත.හිකිස් .

    • හොදායි කියන සෞඛ්‍ය සේවා ඔක්කොම මරණ 150000 සීමාව පැනල ඉන්නෙ.. uk ජනගහනය කෝටි 6. මරණ 150000. ලංකාව කෝට් 2 . මරන 1000 ට අඩුයි. ලෝකෙ හොදම සෞඛ්‍ය සේවයක් තමයි uk වල nhs. ලෝකෙ තුන්වෙනියට වැඩිම සේවකයො සංඛ්‍යාව ක් වැඩ කරන්නෙ NHS.

      • Janaka from Matara says:

        මේ ගනං ඉලක්කනුත් එකතු නොකොලොත් හරි නෑ නේ ද​?
        එංගලන්තයේ;
        ජනවාරියේ දිනපතා මිනිසුන් 1500ක් විතර කොවිඩ් නිසා මළා. අද එය 10ක් විතර​.
        ලංකාවේ;
        ජනවාරියේ දිනපතා මිනිසුන් 5ක් විතර කොවිඩ් නිසා මළා. අද එය 25 ක් විතර​.

  5. Karu1 says:

    ප්‍රජා වෛද්‍ය විද්‍යාව හදාරන ලද දොස්තරලා කොලඹ ඉන්න ඕනෑවට වෛද්‍ය පරිපාලනය කරන්න එනවා. පරිපාලනයට සුදුසුකම් ඇති ඒ වෙනුවෙන්ම පුහුණු කළ වෛද්‍යවරුන් ඕනතරම් ඉන්නවා.
    ප්‍රජා වෛද්‍ය විද්‍යාව බිඳවැටීම මූලිකවම මෙයට වගකියන්න ඕන.
    දැන්වත් ඔය සංගමෙට ඕන විදියට අමාත්‍යාංශ තීරණ ගන්න එක නවත්වලා හරි විදියට කලොත් සෞඛ්ය ගොඩ. නැතිනම් සෞඛ්‍යය යයි රටයි දෙකම වල පල්ලට

Main News