රට පුරා ප්රාදේශිය සභාවල කොමසාරිස් පාලන අර්බුදයේ.. ගාළු කොමසාරිස්ට එරෙහි නඩුව විභාගයේ..
July 12, 2017 at 4:40 pm | lanka C news
ගාල්ල මහ නරග සභාව විසුරැවා හැර මහජන නියෝජිතයින් නොමැති තත්වයකදී කොමසාරිස්වරැන් විසින් නගර සභා සීමාවේ පදිංචිකරැවන්ගෙන් බදු එකතු කිරීම නීති විරෝධී යයි ප්රකාශ කරන ලෙස ගාළු දිසා අධිකරණයේ පවරන ලද නඩුවක් විභාගයට ගැනීමට අද දිනයේ තීරණය කර ඇත.
එම නගර සීමාවේ බදු ගෙවන්නන් කිහිප දෙනෙකු විසින් පවරා ඇති මෙම නඩුවේ තීන්දුව රට පුරාම කොමසාරිස් පාලනයට ලක් කර ඇති පළාත් පාලන ආයතනයන්හි පැවැත්මට සෘජුව බලපානු ඇත.
මේ ආකාරයේ නඩු ඉදිරියට රට පුරාම පලාත් පාලන ආයතනවලට විරැද්දව පැවරීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.
වහාම පළාත් පාලන චන්දෙ තියපල්ලා බන් මේ ප්රශ්න ඉවරයක් කරන්න . අයි කකුල් දෙක වෙව්ලනවද ? බයවෙන්න එපා උඹල දෙන පොර ටෝක් අහල ජනතාව අනිවා උඹලට තමයි දෙන්නේ
නෑ නෑ ඔහොම යන්..මේක නියමයි. මේ වගේ රට පුරා සියලුම පලාත් සභා ප්රාදේශීය සභා වලට විරුද්ධව නඩු දාන්න පුලුවන් නම් මරු…
අර රාඡිත මහත්තයා මන්තරේ වගේ කියනවා 62 ලක්ෂයක් අතේ තියෙනවා කියලා… ඉතින් අහවල් මගුලකටද චන්දෙට බය වෙන්නේ… තියන්ඩකෝ අප්පා චන්දේ… කරපු වැඩවල හැටියට අපි ඔය 62 ලක්ෂෙ100 කරලා පෙන්නංනම්කෝ….