රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි..

January 17, 2021 at 12:40 pm | lanka C news
රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි..

හෙට දිනයේ සිට රට පුරා බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉල්ලන ලද කිසිදු සහනයක් නොලැබූ නිසා මෙම පියවර ගත් බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග කර්මාන්තය මේ වන විට බින්දුවටම වැටී ඇතැයිද ඔහු කියා සිටී.

බොහෝ බස්රථවල ලීසිං වාරික ගෙවා ගත නොහැකිව බස් රථ හිමියන් අන්ත අසරණ වී ඇති බවත් ලීසින් සහනයක් ඉල්ලුවද එයද ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම දේශපාලන හිතවතුන්ට පුද්ගලික බස් රථ මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමට විරෝධය පළකරන බවත් එය වහා නතර කළ යුතු බව ඔහු සඳහන් කරයි.

14,779 views

11 Comments to “රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි..”

  1. Baka Baka says:

    Please go on strike, the roads will be much safer without you. Don’t expect an iota of public sympathy when you had your way you callously disregarded human life over your money when you raced on the roads, so now this is karma.

  2. GAMINI SENANAYAKE says:

    ජනාධිපතිවරණය වෙලාවේ ඔය බස් සංගම් කාරයෝ කොහෙද හිටියේ. ඕකට තමයි කියන්නේ කළකම් පල දෙනවා කියලා.

  3. ප්‍රසාද් says:

    බස් ගාස්තු වැඩි කරලා හිටගෙන යනකොට සෑහෙන්න පාඩුවක් උනේ…..
    තොපේබස් වල ආදායම් අඩු වෙන්නේ උබලා කොට කොට යන නිසා මිනිස්සු නගින්නේ නැති නිසා…

  4. Sagara says:

    mu dan pissak vela

  5. රත්න අප්පුහාමි says:

    දිගටම strike කරන්න. මාර්ග අවහිරතා ඉවත් වෙනවා.

    අපි මගී සංගමය ලෙස පුද්ගලික බස් රථ ධාවනය ඉවත් කරල ලෝකෙ වෙනත් රටවල වගේ මාර්ගස්ථ මගී අධිකාරියෙන් බස් දුර ප්‍රමාණයට ගෙවීම් කරල කුලියට ගන්න ඉල්ලා ඇත.

    කැමති නම් දීපල්ල. නැත්තන් strike කර්මින් ඉඳිව්.

  6. sira says:

    ජනාධිපතිගේ විශ්‍රාම ගිය හමුදාව නිලදාරීන් දාලා බස් ගමන අරබයි ජයවේව

  7. සමන්ත says:

    මිනිස්සු එකතු වෙලා පෞද්ගලික බස් වර්ජනය කළොත් ගැමුණුට තේරෙයි මිනිස්සු බලවත් කියලා. හැම දෙනාම මේ ගැන සිතා හෙටින් පස්සේ සතියක්වත් පෞද්ගලික බස් වර්ජනය කරමු.

  8. sr says:

    මගී ප්‍රවහනේ ඉන්න සේවකයෝ යන්නේ Foot board, කෑ ගසන්නේ නීතිය නොදැන , ඒ සියල්ලටම වඩා රථ වාහන පොලිසිය රාජකාරිය මග හරිනවා, මේවයේ මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ AC, සැප වාහන වල යන තකතීරු දේශපලාකොයෝ නිසා

Main News