රට පුරා මාළු වැසි, අයිස් වැසි, ටොනේඩා්…
October 21, 2016 at 5:30 pm | lanka C news
බොහෝ ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන වර්ෂාපතනයත් සමග ටොනේඩෝ, යටි සුළං, අයිස් වැසි, මාළු වැසි ඇතිවිය හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අකුණු අවස්ථාවලදී යටි සුළංවල බලපෑමෙන් තද සුළං ඇතිවිය හැකි යයිද කාලගුණ විද්‍යාඥ ශ්‍රීමත් හේරත් මහතා පවසයි.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව පළාත්වලට මිලිමීටර් 100කට අධික වර්ෂාවක් ඇති විය හැකි යයිද පවසන ඔහු අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඉල්ලයි.