රට පුරා සියළුම පාසැල් වසා දැමේ…

April 27, 2021 at 1:38 pm | lanka C news
රට පුරා සියළුම පාසැල් වසා දැමේ…

රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

අද රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.

ඒ සමගම පිරිවෙන්, පුද්ගලික උපකාරක පංති, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදියද වසා දැමෙයි.

48,711 views

11 Comments to “රට පුරා සියළුම පාසැල් වසා දැමේ…”

  1. dev says:

    paw duppath lamai.
    ape lamai nam wlak naa online hondata ugannawawa. eth hamotama eka akranna baa

  2. කමල් says:

    වර්ධනය වන තත්ත්වය පහසුවෙන් පාලනය කර ගැනීමට නම් ඉතා හොඳින් ප්‍රායෝගික ඥානය ‌සහිත පුද්ගලයන් සමන්විත උපදේශක මණ්ඩලයක් ජනපතිවරයාට සහාය දැක්විය යුතුයි. විනිවිදභාවයක් සහ ජනතාවට සුරක්ෂිත හැගීමක් ඇති කල යුතුයි. කියන දේ විය යුතුයි. තවමත් අප ප්‍රමාද නැත.

    • Amare says:

      ඥානවන්තයින් ඔය දේශපාලන මඩ ගොහොරුවට බසින්නේ නැත.

  3. Rohana says:

    අද ළමයි ඉස්කෝලවලට ගෙන්වලා අනතුරක දමන්නේ නැතුව ඊයෙම ඔය තීරණය ගන්න තිබුන නේ. මේ ආණ්ඩුව හැම එකක්ම කරන්නේ පරක්කු වෙලා.

    • සනත් ඉතාලිය says:

      මමනම් හිතන්නෙ නැහැ අද කිසිම ලමයෙක් එන්න ඇති කියල. ලමයි 25%ක් ආවනම් මෙයාල සද්ද නැතුව ඉන්නව. ලමයි නැතිනිසා වහල දැම්ම නැත්නම් ඕක ඊයෙම කරන්න තිබ්බනෙ.

  4. prasantha says:

    What about Sunday Schools ?

  5. කැප්පෙටිපොළ says:

    ලෙඩ සම්බන්ධ සෝවාන් ශ්‍රාවකයෙක්ගෙ කිරිබත්ගොඩ හිමිගෙ මතය
    ලෙඩ හැදෙන්නෙ විපාක සිතක් වශයෙනි එයින් වැලක්විමට නොහැක. නමුත් සන්තති ගණය තුල දිර්ඝ පැවත්මක් තිබ්බත් මම කියන්නෙ රතන සුත්‍රය වගේ කුසල් කරන්න කියා. බුදු හාමුදුරුවන්ගෙ මහා කරුණාවට එක පාරක් ජිවක වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තාට මම කියන්නෙ කොරෝනා වැඩපිලිවෙල හා හැම වෙදකමක්ම අවශ්‍ය වන්නෙ මට නෙවෙයි කිරිබත්ගොඩ හිමියන්ට විතරයි. මිට කිරිබත්ගොඩ හිමි

  6. Sanka says:

    ඇයි මේ පාණ්ඩුවට මේක පැතිරෙන්න පුලුවන් කියන බව තේරැන්ගත්තේ නැත්තේ?

    අර සුදර්ශණී කියන්නනේ දිස්ත්‍රික්ක අතර ගමන් කරන එක නවත්තන්න හැදුවම විරැද්ධ උනාලු.

    බැරිසිලා කෝවිඩ් වලින් පල නෙලනවාද දන්නේ නෑ.

    මල්වානේ වගේ දන්නැතුව තව ගෙවල් හැදෙයි.

  7. මරතේනිස් අයියා says:

    අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වැහුවා නේද මහාචාරියෝ…..?අපි කට කැඩෙනකල් කිව්වෙ පාසැල් වහන්න කියලා.මහාචාරියන් දෙදෙනාගේ උද්ධච්චකම නිසා අද ඉස්කෝල පැවැත්තුවා.අද දරැවෝ බස් වල ඉස්කෝලෙ ගියා නිකන් හිතන්න අද දරැවො කී දෙනෙක් ආශ්‍රිත වෙන්නඇත්ද කියලා……

    • සනත් ඉතාලිය says:

      ඇයි බන් මුන් කිව්වට උබල ලමයි ඉස්කෝලෙ ඇරියෙ. මුන් එකෙකුගෙන්වත් ලමයි ඉස්කෝලෙ යන්නෙ නැහැ උන් යන්නෙ ලොකු ලොකු පාසැල්වලට. ඒවයෙ ඔක්කොම ඕන් ලයින් කරන්නෙ ලමයි ගෙවල්වල තියල. හොදම දේ අපේ දරුවො අපි ආරක්ශා කරගන්න එක. කොරෝන හැදුනත් උන් ගොඩ අපි යට. අවුරුදු 72ක් රට පාලනය කරපු අම්බරුවො අපිව ගෙනාව තැනක්. තව 144ක් ගියත් ඔය ටිකම තමයි. ලන්කාවෙ සාමානයය ආයු කාලය 76-74. අවුරුදු 5කට බලයට එන උන් රටේ දේපොල නොවිකුනා විකුනනව අවුරුදු 99/ 198කට. මුන් අපිටහ් නොදැනි අවුරුදු 5කට ඇවිත් අපේ පරම්පරා තුනකටම කෙලල. අපි පව් නෙහ්.තවත් කඩේ යමු අපේ එකා අපිට හොදා කියල.

  8. එකම රටක් නීතී ගොඩක් says:

    සුරා සැල් වහන්නෙ නැතිද ?

Main News