රට පුරා සෙත්පතා ආශීර්වාද පූජා තබන ලෙස ජනාධිපති දන්වයි..

December 23, 2016 at 4:05 am | lanka C news
රට පුරා සෙත්පතා ආශීර්වාද පූජා තබන ලෙස ජනාධිපති දන්වයි..

ඉදිරි මාස තුනක කාලය තුල ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොලදහොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට වැටෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම ආර්ථික අර්බුදයට ඉදිරි වසරක පමණ කාලයක් මුහුණ දීමට සිදුවන බවද පැවසූ ජනාධිපති මෛත‍්‍රී පසුගිය කාලයේ ලැබී ඇත්තේ රටට උවමනා වැසි ප‍්‍රමාණයෙන් 20%ක් පමණ බවත් කීය.

අද මෙවන් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවන්නේ යයි තමන් මීට වසර දහයකට පහලොවකට පෙර ආර්ථික විශේෂඥයන්ගෙන් දැන ගත් බවද කී ජනාධිපතිවරයා රටට වර්ෂාව ලබා ගැනීමටත් රටට සෙත්පතා ආශිර්වාද කරන ලෙස තමන් දැනුම් දුන් බවද කියා සිටියේය.

83 views
Main News