රට පුරා QR සේවකයන් වැඩ වර්ජනයක.. ඉන්ධන නිකුතුව අර්බුදයක..

August 16, 2022 at 12:00 pm | lanka C news
රට පුරා QR සේවකයන් වැඩ වර්ජනයක.. ඉන්ධන නිකුතුව අර්බුදයක..

ඉන්ධන පිරවුම්හල්වල දී ජාතික ඉන්දන බලපත්‍ර කේතය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයෙන් (QR) සංවර්ධන නිලධාරීන් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙම කාර්යය සිදු කිරීමේ දී මතුවන ගැටලු හා ඒවා නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට කර ඇති දැනුවත් කිරීම පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති චක්‍රලේඛයක් මත පිරවුම්හල් වල ඉන්ධන කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ඇත.

සංගමය තව දුරටත් සඳහන් කරන්නේ තම නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල කටයුතු වෙනුවෙන් මැදිහත් වීම කිසිදු අදාල කමක් නැති වුවද ජනතාව පත්ව සිටින අපහසුතාවය මග හැරීමට සහයෝගයක් ලබා දීමේ පදනමින් ඒ සඳහා මැදිහත් වෙමින් සිටින බවයි.

95,388 views

30 Comments to “රට පුරා QR සේවකයන් වැඩ වර්ජනයක.. ඉන්ධන නිකුතුව අර්බුදයක..”

  1. Sumith says:

    QR කේත පරීක්ෂාව උන්ට කරන්න බැරිනම් හමුදාව යොදවන්න. ඕක ගෝපයියන්ගෙ කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන්

  2. Adrian Ferth says:

    අවුරුදු තුන හතරක්ම ජෙප්පො පෙරෙට්ටො එක්ක මම පාරවල පිකට් කරළා අන්තිම මොහොතේ කුප්පි ගිලලා පහුවදාට කොල උඩ වමනෙ කළාම හිස් ඔලු කටු අස්සෙ මොකුත් නැති තරඟ විභාග කියන නමත් ගැරඬින්ට භූමිතෙල් වන උපාධි කෑලි වලට දේශපාලනයෙන් ලැබෙන අනුකම්පා සංවර්ධන නිලධාරී තනතුරු අරගෙනයි මුන් ” හක පුරවන්නේ” ජෙප්පන් ට සහ පෙරෙට්ටන්ට.

Main News