රට බංකොලොත් වීම අනිවාර්යයි.. චීන තානාපති අනවශ්‍ය ඇගිලි ගැසීමක..- ෆොන්සේකා

October 21, 2021 at 11:20 am | lanka C news
රට බංකොලොත් වීම අනිවාර්යයි.. චීන තානාපති අනවශ්‍ය ඇගිලි ගැසීමක..- ෆොන්සේකා

ඉදිරි මාස කිහිපයේදී රට බංකොලොත් වීම අනිවාර්ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමිනි.

අදුරදර්ශී දේශපාලන තීරණ නිසා රට බංකොලොත් වීම අනිවාර්යයි. ඒ සමග මේ ආණ්ඩුව කඩා වැටීමත් ස්ථිරයි! බුද්ධිමත්ව කටයුතු කරමු!

රාජපක්ෂ “දැක්මේ” අදුරදර්ශී දේශපාලන තීරණ නිසා ඉදිරි මාස කිහිපය තුල රට බංකොලොත් වීම දැන් අනිවාර්ය සාධකයක් බව ඉලක්කම් දෙස බැලීමෙන් පැහැදිලියි. ඒ වගේම “මහ පොළොවේ ජන රාවය” මේ අසාර්ථක හා උද්දච්ච පාලකයින්ට ලබා දෙන පණිවුඩය අපි නම් තේරුම් ගෙන තිබෙනවා. රටේ පාලකයා සෑම විටම නියෝජනය කල යුත්තේ රටේ මහා ජනතාවයි, නැත්නම් “මහා පොළොවේ ජන රාවයයි” ඒ වගේම ජාතික අභිලාෂයයි.

ගොවීන්ගේ, ගුරුවරුන්ගේ, ධීවරයින්ගේ හා සුළු ව්‍යාපාරිකයින්ගේ රැකියා හා ජිවන උපාය පිලිබඳ ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්න, ගෘහණියගේ ජිවන වියදම පිලිබඳ ප්‍රශ්න, ජනාධිපතිට නොවැටහෙන බව ජනතාව තේරුම් ගෙන හමාරයි.

ඒ වගේම ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති මත රටේ සවේරීභාවය හා ජාතික අභිලාශය ගැන තුට්ටු දෙකක හැඟීමක්වත් නොමැති බව යුගදනවි බලාගාරයේ ගිවිසුම අනුමත කිරීමට ඔබ ඉඩදීම තුලින්ම පැහැදිලියි.

ඒ වගේම චීන තානාපති කාර්යාලය අනවශ්‍ය ලෙස අපේ රටේ පිළිගත් විශ්ව විද්යාල පද්ධතියේ පර්යේෂණ ආයතන වලට රාජතාන්ත්‍රික මුක්තීන් අභිබවා ඇඟිලි ගැසීමට හා ඒවායේ විශ්වසනීයත්වයට නිර්ධය ලෙස හානි කරන ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ ඉඩ දී බලා සිටීම, ඒවා වැලක්වීමට කටයුතු නොකිරීම, ඔබට ජන්දය දුන් – නොදුන් ලාංකීය ජනතාවගේ ආත්ම ස්පන්දනයට දැන් දනී හමාරයි.

අසංවිධිත තීරණ සමග රටේ ප්‍රශ්න ඉදිරියේ හැසිරීම, ජනතා ප්‍රශ්නවලදී ප්‍රමුඛතා හඳුනා නොගැනීම, සම්පත් පුරෝකථනය නොකිරීම, සැලසුම්කරණයෙන් උග්‍ර දුර්වල බව හා ආර්ථික කළමනාකරණයේදී විසදුම් වල ඇති හිගකම මෙන්ම සතිපතා රට පවත්වාගෙන යාම සඳහා ඩොලර් සිඟමනේ යාම “සෞභාග්‍යයේ දැක්ම” නම් ගෝඨාභය ඔබ ලජ්ජා විය යුතුය.

ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙස “මහ පොළොවේ ජන රාවය” බවට පත් කිරීමට බුද්ධිමත්ව කටයුතු කරමු! –

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

22,785 views

12 Comments to “රට බංකොලොත් වීම අනිවාර්යයි.. චීන තානාපති අනවශ්‍ය ඇගිලි ගැසීමක..- ෆොන්සේකා”

  1. Power says:

    රටේ ජනතා මතයට ඇහුංකම් නොදී තීන්දු තීරණ ගන්න ජනාධිපතිගේ උද්දච්ච වැඩ වලින්ම දැන්නම්, හිතා ගන්ඩ පුළුවන් ඇත්තටම යුද්දෙ කරන්න ඇත්තෙත් කවුද කියලා. මේ යන විදිහට මෑන්ගෙ තීන්දු තීරණ වලට වැඩ කරා නම්, අලි මදිවට හරක් කිව්වා වගේ යුද්දෙත් තියෙයි.

  2. sam says:

    Don’t you know that the whole world is in a middle of the worst pandemic in centuries you dumbo? The economic crisis is mainly because of that. As a developing country, we are doing relatively OK. If the pathetic Easter crisis circus you mob was in power maybe the half the nation would have died of diseases and hunger by now.

    • Wijebahu says:

      We are doing worst as no people with right knowledge and brains available in the government. President is just a puppet entirely depend in inferior advisers as he has no knowledge in virtually nothing to rule a country. Go and check the situation of Bangladesh how well they stear the ship during this pandemic period.

    • Janaka from Matara says:

      කටේ සවුදම පොඩ්ඩක් ආම්ඹාං කරගත්තනං ආයිබොවං.
      මොකෝ මේ ලංකාවට කොංගෝවටත් බංගලි රටටත් වඩා අමාරු හදිසි අතමාරුවක් වත් කරගන්න​.

  3. On The Spot says:

    ජනතා පරමාධිපත්‍ය මහ පොළොවේ ජන රාවය බවට පත් කිරීමට ඔබ ගමන් කරන්නේ සජිත් සමග නම් එය මහ පොළොවේ යථාර්ථයක් නොවනු ඇත​.මේ මහ පොළොවේ ඉන්නා ජනී ජනයා දෙපයින් සිටුවන්නට නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය නමුත් සියල්ල නොමිළේ ලබා දී ජනයා නිකමුන් කිරීමේ සජිත්ගේ ආකල්පය තුල ඔබ දකිනා සිහිනය සැබෑ නොවනු ඇත​.අද අප සිටින්නේ තීරණාත්මක මොහොතකය​.ඒ මොහොත දේශපාළණ ඇසකින් බලා නිරාකරණය කල නොහැක​.සජිත් යනු යාවත්කාලීන වූ දේශපාළණ සත්වයෙක් නොව සාම්ප්‍රදායිකව ඔද්දල් වූ දේශපාළණ සත්වයෙකි.ඔබට ඔබ හැර වෙනත් කිසිවෙක්ද නිවැරදි නැත​.එනයින් බලන කල ඔබ දෙපලම සාම්ප්‍රදායිකව ඔද්දල් වු දේශපාළණ සත්වයින් දෙදෙනෙකි. නිල්,කොළ,රතු,දම් යනාදී වෛවර්ණ වර්ණධාරියෝද ඔද්දල් වූවන් මිස විකල්පයන් නොවේ..අප බලාපොරොත්තු වන්නේ එවැන්නක් නොව විකල්පයකි.

    • Janka says:

      අනිවාර්‍යෙන්ම සජිත් කියන්නෙ ඉස්ලම් අන්තවාදින් ගෙ පදයට නටන අමෙරිකානුන්ගෙ පදයට නටන දෙශපාලන ඉත්තෙක් .ම්නිහා ඉන්නෙ වසර 40 ක ඉතිහාසයෙ.මිනිහට රට
      දුන්නොත් රට පාලනය කරන්නෙරාජිත දතා සහ උගෙ ඉස්ලාමික මිතුරන්

      • Hari says:

        කවුරු අන්ත වාදීකමට නැටුවත් දැනට පවතින ආණ්ඩුව රාජපක්ෂලා රටම් චිනේට විකුණා කැවා

  4. Range says:

    තොපි පහුගිය අවුරුදු 4ක් කාලා විනාශ කරලා දාලා දැන් බබාලා වගේ මේ ආණ්ඩුවෙන් අහන්නේ. තොපි හරියට කලානම් මේ රට සුරපුරයක් 2015 නැවතුන තැනින්. දැන් නටන්න නැතුව හිටපල්ලා. කොරෝනාවෙන් මේ ආණ්ඩුව නොහිටියානම් මේ රට ඉන්දියාවට අන්ත වෙනවා. මොනවා උනත් තොපිට අවුරුදු 1 1/2ක් පින් පඩි ගෙවන එකට මේ ආණ්ඩුවට වැඳ පල්ලා.

  5. Nadika says:

    Country need a leader who loves country most. Community must choose and vote for correct leaders. If not we all will have face the consequences like this.

  6. Andrew says:

    දැන් මේ යකා කියන්නේ රටට කෙලවුනනම හරි කියලද… මුන් ඔක්කොටම ඕනේ රටට කෙලවෙලා හරි උන්ගේ බලේ තියාගන්න… දේශපාලන හිඟන්නා

  7. sam says:

    So Bangladesh is the best country in the world now with its sweatshop garment workers. Better than Europe, USA, etc that facing big problems. Most of the countries should learn a lesson from Bangladesh now. Seriously people should now try a way to get citizenship in Bangladesh somehow. Ha Ha Ha.

  8. Muthu says:

    විවුර්ත ආර්ථිකයක් ඇතුලේ ඩොලර් විණිමය අනුපාත ඉතාම අඥාන විදියට, හිරකරගෙන ඉන්නන එකම රට ලංකාව. මේ විනිමය හිරවීම එන්න එන්නම වැඩි වෙනවා. ඩොලර් බෝම්බයක් දක්වා මෙය වර්ධනය වෙනවා. ගෑස් මිලට වුනු දේ ඩොලර් වලට එක රැයින් වෙනවා. අපි පළමුව කල යුත්තේ සත්‍ය විනිමය අනුපාත ඇතුලේ ආර්ථිකය මෙහෙයවීමයි. ඩොලරය රු 300 දක්වා නගින එක කිසි සේත්ම නවත්වන්න පුළුවන් කමක් නෑ. මේ විනිමය හිර කිරීමේ අතුරු පල හැටියට, මේක 350 දක්වා යන්න වුනත් පුළුවන්.