රට බංකොලොත්..? හරිනම් බොරු පුරාජෙරු නැතිව ජනපතිත් අගමැතිත් ජනතාවට ඇත්ත කිව යුතුයි.. – මහබැංකු නියෝජ්‍ය අධිපති..

November 17, 2016 at 4:06 am | lanka C news
රට බංකොලොත්..? හරිනම් බොරු පුරාජෙරු නැතිව ජනපතිත් අගමැතිත් ජනතාවට ඇත්ත කිව යුතුයි.. – මහබැංකු නියෝජ්‍ය අධිපති..

අයවැය යෝජනාවන්හි ප්‍රධාන දුර්වලතාවය වන්නේ පෙර වසරේ එනම් 2016 අයවැයෙදි සිදුවුයේ කුමක්දැයි විග්‍රහ නොකර පුරාජේරු පමණක් පැවසීම යයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පැවසීය.

‘2016 අයවැයෙදි සිදුවුයේ කුමක්දැයි මුදල් ඇමැතිවරයා අපට කියාදිය යුතුය. සෑම මාස හයකට වරක්ම මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාවේ තිබෙනවා පසුගිය අයවැයේ ඇති ඉලක්ක මොනවාද.. ඒ ඉලක්ක කොයි තරම් සපුරා ගත්තද.. එහෙම සපුරා ගන්න බැරි වුනා නම් ඒ මොකද.. කියලා කිව යුතුයි. අවාසනාවකට වගේ කිසිම මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරන්නේ නැහ.

වාර්තාවක් ඉදිරිපත් කලත් එකේ තියෙන්නේ මේගොල්ලන් කරපු පුරාජේරු වැඩ විතරයි. නිත්‍යානුකූල විදියට සංසන්දනාත්මකව වාර්තාවක් ඉදිරිපත් කෙරෙන්නේ නැහ. ඒ නිසා රටේ ජනතාව දන්නේත් නෑ. පාර්ලිමේන්තුව දන්නේත් නෑ.

පලමු නාස්තිකාර වියදම තමයි මන්ත්‍රීවරු නඩත්තුවව. ඇමතිවරයකු කියන්නේ අපේ පඩිය රුපියල් හැත්තෑපන්දහයි. ඒක කොහොමත් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලයි. නමුත් මාසයකට මිලියන 6 ක් යනවා ඇමතිවරයෙක් නඩත්තු කරන්න.

අයවැයෙදී මුදල් ඇමති කියනවා මම බැංකු මෙහෙම මෙහෙම පාලනය කරනවා කියලා එහෙමනම් මොකටද මහා බැංකුවක්. මුදල් මණ්ඩලයක් තියෙන්නේ ජනතාවට වැඩ කරන්න මිස දේශපාලකයනට වැඩ කරන්න නොවෙයි. අපි ඉන්න තත්ත්වය හා සැකසුරුවම් ගැන ජනාධිපති අගමැති ඇවිත් ප්‍රකාශයක් කල යුතුයි. එවිට සමහර වේදනාකාරී තීන්දු පවා ජනතාව දරා ගනිවී’ යයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ඛියා සිටියේ ශ්‍රී ලංකා මහා බැංකු ශ්‍රවණාගාරයේදී ඉකුත්දා පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදීය.

මෙම සම්මන්ත්‍රණය අමතා ශ්‍රීලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දහනායක ඇතුළු මෙම සම්මන්ත්‍රණ සංවිධානය කල ශ්‍රි ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ ප්‍රධානනින්ද දේශන පවත්වන ලදි.

0 views

One Comment to “රට බංකොලොත්..? හරිනම් බොරු පුරාජෙරු නැතිව ජනපතිත් අගමැතිත් ජනතාවට ඇත්ත කිව යුතුයි.. – මහබැංකු නියෝජ්‍ය අධිපති..”

  1. CAT says:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ……මුදල් ඇමති වහාම ඉල්ලා අස්වන්න …පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
    ජනතාව දැන්වත් පාරට බැහැපියව් …මේ බංකොලොත් ආණ්ඩුව නෙරපා රට බේරා ගනිව් ……සමගි වී එක්වෙයව් ..
    ..සිංහලයා තාම නිදිද ? ලැජ්ජයි

Main News