රට බෙදන්නට සැලසුම් හදන රනිල්-මෛත්‍රී ගැන රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නෑ…

October 13, 2017 at 6:48 pm | lanka C news
රට බෙදන්නට සැලසුම් හදන රනිල්-මෛත්‍රී ගැන රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නෑ…

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි තරුණ කටයුුතු ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පල කලේය.

පසුගියදා අපි දැක්කා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් කියනවා මෙරට බන්ධනාගාර වල සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි කියලා. අපිට එතුමගෙන් අහන්න තියෙන්නෙ කොහෙද දේශපාලන සිරකරුවන් ඉන්නෙ කියලා.

තවමත් අසමින් පවතින නඩුවලට සැකකරුවන් වුණ මිනිස් සංහාර ඇතුළු දරුණු ගණයේ අපරාධ කරපු ත්‍රස්තවාදී සැකකරුවන් තමයි මේ බන්ධනාගාරගතව සිටින්නේ, එවැනි දරුණු ත්‍රස්තවාදීන් ලෝකයේ කුමන රටකවත් දේශපාලන සිරකරුවන් යැයි නම් කර තිබෙන බවක් අපි අහල නෑ. තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් යම් කිසිදෙයකට සිරගත වෙලා ඉන්නවානම් ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සලකනවා.

රට බෙදන්නට සැලසුම් හදන රනිල් – මෛත්‍රී හවුල පිළිබද රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නැති වෙලාවක සිවාජිලිංගම් මන්ත්‍රීවරයා රජයට බල කරනවා දරුණු ගණයේ අපරාධ කරපු ත්‍රස්වාදීන් නිදහස් කරන අතරේ කෑලි වලට බෙදන්න ගිය රටක් ආරක්ෂා කරලා සියලු දෙනාට නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදපු රණවිරුවන් යුද අපරාධ කළා කියලා අත්අඩංගුවට ගන්නලු. මේවට අපි කියන්නේ හතරබීරි කතා කියලා.

මෙතෙක් ලෝකෙ කිසිම රටක අපරාධ කරපු ත්‍රස්තවාදීන් නිදහස් කරන ගමන් රටක නිල ආරක්ෂාවට සිටින රණවිරුවන් අත්අඩංගුවට ගත්ත බවක් අපි අහල නෑ. අපි සිවාජිලිංගම් මන්ත්‍රීවරයාට අභියෝග කරනවා ලෝකෙ එහෙම රටක් තියෙනවනම් කියන්න කියලා. තවදුරටත් එතුමගෙන් අපිට ඉල්ලන්න තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙලා වෛරය වපුරන්නෙ නැතුව මධ්‍යස්ථව මේ ප්‍රශ්න දිහා බලන්න කියලා.

– අරවින්ද අතුකෝරල

46 views

6 Comments to “රට බෙදන්නට සැලසුම් හදන රනිල්-මෛත්‍රී ගැන රටේ ජනතාවට කිසිම විශ්වාසයක් නෑ…”

  1. ඇත්ත says:

    එදා පළාත් සභාවට විරුද්ධ වෙච්ච අය අද පළාත් සභා වලට හරි කැමතියි.කාලය මැවූ වෙනස.

    • Ananda says:

      පළාත් සභාවක මහඇමති සිහිනය තියෙනවාදෝ්‍……

  2. gamarala says:

    රනිල් සිරිසේන කලු සුද්දන්ගෙන් එන අය

    • Kumara says:

      දොන් ඇල්වින් රාජපක්ෂ (ඩී.ඒ රාජපක්ෂගේ) ගේ පුතා වන පර්සි මහේන්ද්‍රගේ පවුලම කළු සුද්දෝ

      • Upul says:

        මුන් සියල්ලන්ම ඉංග්‍රීසි ජාතිවාදීන්ට අමු බයයිි…

  3. Kumara says:

    එකම විසඳුම අප්පොච්චා සහ හොරු රැල නැවත බලයට ගෙන ඒම

Main News