රට බේරා ගත්තේ ජනපති මෛත්රීයි.. ඔහු යටතේ ශ්රීලනිපය ශක්තිමත්ව ඉදිරියට යනවා..- අනාගත නායක
June 14, 2017 at 11:20 am | lanka C news
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව ඉදිරියට යමින් ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය රජය පැවතුනේ නම් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට පවා ඉඩ තිබූ බවත් තේ අපනයනය පවා අත්හිටුවීමට සිදුවීමට ගිය බවත් ඇමතිවරයා සදමන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල ඇතුළු රජය විසින් මෙරට ආර්ථිකයට අත්වෙන්ට ගිය ඉරණමෙන් රට බේරා ගත් බවද කී ඔහු යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම, සහනය නැවත ලබා ගැනීම, ජිනීවා විදුලි පුටු යුධ අධිකරණ කරච්චලයට තිත තැබු බවද සදහන් කලේය.
ඇමතිවරයා මේ අදහස් පල කලේ මිද්දෙණියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.