ගල්යිපොසේට් සමාගම්වලින් බිලියන ගනන් උපයන මීලග ජනාධිපති ගැන රතන හිමි කියයි..

May 4, 2018 at 10:40 am | lanka C news
ගල්යිපොසේට් සමාගම්වලින් බිලියන ගනන් උපයන මීලග ජනාධිපති ගැන රතන හිමි කියයි..

අද වන විට පවතින්නේ ආණ්ඩුව පත් කල ජනතාවටවත් ඇහුම්කන් දෙන රජයක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

තමන් කරන්නේ කුමක්දැයි නොදන්නා මටට්මට රජය පැමිණ ඇති බවද උන් වහන්සේ පෙන්වා දෙති.

තව තවත් රට අවුල්ට පත් නොකර මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටින බවද උන් වහන්සේ කියා සිටිති.

ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය ගැන කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

අනාගතයේ අගමැති හෝ ජනාධිපති වෙන්න උත්සාහ දරන අයට උවමනා විශාල මුදල් ප‍්‍රමාණය ගල්යිපොසේට් ගෙන්වන සමාගම් හරහා එකතු කර ගැනීමට උත්සාහයක් ඇතැයිද උන් වහන්සේ කියා සිටියහ.

85 views
Main News