රට යලිත් ලොක්ඩවුන්ද..? අද විශේෂ සාකච්චාවක්…

December 9, 2021 at 10:40 am | lanka C news
රට යලිත් ලොක්ඩවුන්ද..? අද විශේෂ සාකච්චාවක්…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමක් පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

රට වසා දැමීමකින් තොරව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

කොරෝනා මර්ධන දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාල නීති සම්පාදනය දැනටමත් සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන්නේ බිම් මට්ටමේ කොරෝනා පැතිරීම වේගවත් වී ඇති බැවින් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

135,855 views

11 Comments to “රට යලිත් ලොක්ඩවුන්ද..? අද විශේෂ සාකච්චාවක්…”

  1. Jayashantha says:

    අනුරාධපුර .මාතර ,ගාල්ල යන ප්‍රදේශ වල පතිරීම ඉහලය්

  2. javipe says:

    සජිත් , සමන් රත්නපිය, ජෙප්පෝ උද්ඝෝෂන මාරුවෙන් මාරුවට කරලා රට වහගන්න තමා ලෑස්ති වෙන්නේ

  3. Mr.බංකොලොත් says:

    ඔව් ඔව් තව මාසයක් හෝ ඊට වැඩි කාලයක් වහලාදාලා මේ රට බංකොලොත් කරලා ඉවරයක්ම කරලා දාමු.

    ඊට පස්සේ පාර්ලිමේන්තුව ඔහොමම තියාගෙන සියලුම රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය සභාවල් සියල්ලම සුද්දන් ට විකුණමු. ඊට පස්සේ අවුරුදු 5 කින් රටම ගොඩ

  4. MD says:

    රට වහල ඉඩම් ඔක්කොම චීනෙට විකුනමු.

  5. කුඹුක්කණ් says:

    අනේ ගෝඨෝ බූරු වැඩ කලා ඇති

    කොරෝනා සම්බන්ධයෙන් බටහිර ඇලොපතියො ෆේල්
    දැන් වැක්සීන් කෙලෙව්වා
    මාස 03 කින් වැඩක් නෑලු

    ඒ නාස්ති කරපුවට වගකියන්නෙ , මේ ඇලොපතියොද?

    ෆේල් උන්ගේ උපදෙස් අරං නටන්න ගියොත් උඹත් හොදටම ෆේල් ගෝඨෝ

    දැන්වත් මොලේ පාචිච්චි කරලා මේ බැරි බැරියා කාරයන්ට ඕනෙ විදියට රට වහලා , වැක්සින් ගහලා ඉතුරුඩොලර් ටිකත් අඩියටම හින්ද ගන්නැතුව ඉදහං..

    අර මාස 03 කින් වැඩක් නැතිවෙන අතුරු ආබාධ විතරක් ඉතුරුවෙන එන්නත අනිවාර්ය කරන්න කියලා තප්පු ලන හුඹක්වැල්ල මෝඩයට කියන්නෙ
    නිකං ඇට තලාගන්නැතුව හිටු

    • Zombie says:

      උන්ට කිව්වට තේරෙන්නේ නැහැ ඇඟ ඇවිදිනවා මොලේ ගෙදර ඇඳේ නිදි සමහර උන් වැක්සින් තුනම ගහගෙන.

    • ඇත්තට තැන නෑ මාධ්‍යට පමණ නෑ says:

      මාස තුනෙන් සියළු අතුරු ආබාධ තැතිවන බව තියපු බූරුවා කවුද? ඒකත් වැක්සීනය ප්‍රවර්ධනය කිරීම සඳහා කියපු පචයක්. මාත්‍රා දෙකක් ගැන කියපු අය මාත්‍රා දුසිමකට ප්ලෑන් ගහල. අමතකද ලක්ෂයකට අතුරු ආබාධ ඇතිවන්නේ තුන්දෙනෙකුට පමණයි කියපු පචේ. අපේ ගෙදරම තුන් දෙනෙකුට ආබාධ ඇති උනා. දැනට මාස හතරක් විඳවනවා. ඉස්පිරිතාලේ දීම අලුත් ලමයි ඩස්ට් බින් දාන්න වෙන කතා දැන් ඇහෙනවා.

    • ඇත්තට තැන නෑ මාධ්‍යට පණ නෑ says:

      මාස තුනෙන් සියළු අතුරු ආබාධ තැතිවන බව තියපු බූරුවා කවුද? ඒකත් වැක්සීනය ප්‍රවර්ධනය කිරීම සඳහා කියපු පචයක්. මාත්‍රා දෙකක් ගැන කියපු අය මාත්‍රා දුසිමකට ප්ලෑන් ගහල. අමතකද ලක්ෂයකට අතුරු ආබාධ ඇතිවන්නේ තුන්දෙනෙකුට පමණයි කියපු පචේ. අපේ ගෙදරම තුන් දෙනෙකුට ආබාධ ඇති උනා. දැනට මාස හතරක් විඳවනවා. ඉස්පිරිතාලේ දීම අලුත් ලමයි ඩස්ට් බින් දාන්න වෙන කතා දැන් ඇහෙනවා.

  6. ෆයිසර් ලොක්කා says:

    බියෙන් සැකෙන් තොර රටක් බිහි කළ හැකිද? එසේ නම් ඒ කොරෝනා පමණක් නොව වැක්සීනය ද සම්බන්දයෙන් ද corona වලට බියෙන් ජීවත් වෙනවද vaccine එකට බියෙන් ජීවත් වනවාද. අසන මූසලයින්ගේ තර්ජන වලට බියෙන් ජීවත් වෙනවා ද කියා තීරණය කිරීමට දැන් ජනතාවට සිදු වී ඇත. ගෑස් එකක් ගෙදරට තියාගන්න ඒකත් ඒ වගේම වන අතර නියමිත කාලයේ දී නියමිත ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි උදවිය නීති විරෝධී ලෙස කරන මේ මූසල තර්ජන ගැන සෑහීමකට පත්විය නොහැක. ගෑස් නිසා ලක්ෂ 35 ක පවුල් සංඛ්‍යාවක් අනතුරේ දැමුණු බව අමතක කරන්න එපා. එවැනි මෝඩ අමනෝඥ තුච්ච නීච තීරණ ගන්නා නිලධාරීන්/ බලධාරීන්ගේ මෙවන් තීරණ ද නැවත සලකා බැලිය යුතුය.

  7. Ashan perera says:

    Me rate enna un kisima wagakeemak nathuwa wada karana eke me lockdown kisima thermal nah. Me leddu gana count kara kara enna eka nathara karala rata diwnu karanna one dewal balanna one dan. Lockdown kiya kiya kochchara kal karannada. Kisima therumak narhi wadak.

  8. Vishwa says:

    There is nothing to surprise here. I think it is time to stop blaming politicians for everything. Politics in Sri Lanka is a business. It does not matter whether it is the president or the village man who goes canvassing. Business is for profit not for non-profits. Politicians are part of our society, they represent us, which means we all are like politicians. We all do politics in our own contexts. Examples: if you are a patient entering hospital, you don’t need to be in the queue, you will get a good bed if you have your friend or relatives working in the hospital. A clerk working in an office steals all the stationery requirements for their children from the office. Executive uses their official vehicles for their wife’s shopping. You don’t need to pay a fine if the traffic police are your friend or relatives. You can go inside the Dalada Maligawa or Sri Maha Bodiya, if the monks are known to you are relatives to them.
    Think about it, do you have the right to blame politicians??? No!!! why we all act like politicians. Stop if you can act as the example above, then you are eligible to blame politicians.
    By the way, I left the country and now live in a developed country, I blame myself as I also act like a politician….lol.

Main News