රට යලි විවෘත කිරීම වැරදියි.. ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

May 17, 2020 at 6:31 am | lanka C news
රට යලි විවෘත කිරීම වැරදියි.. ජනතාව අමාරුවේ වැටිලා.. සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබා ගැනීම බවයි.

ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකිවූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

284 views
Main News