රට රකිනවා කියන්නේ පොහොට්ටුව රකින එක නොවේ.. අප විශ්වාසය තබන්නේ මේ රටේ ජනතාව මතයි..
February 13, 2021 at 2:10 pm | lanka C news
සීතාවක සංවර්ධන කමිටුවට අයත් පාසල් සදහා දුරස්ථ උෂ්ණත්වමාන ලබා දීමේ වැඩසටහනක් සීතාවක සංවර්ධන කමිටු සභාපති බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.02.12 සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එම වැඩසටහනින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා ලබා දුන් පිළිතුරු.
මාධ්‍යවේදියා – ඔබතුමන්ලා විමල් වීරවංශ මැතිතුමාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වූවා. මොකද ඒ ගැන කියන්නේ
පිළිතුර – මුලින්ම හිටියේ පක්ෂ 10ක්. දැන් එය පක්ෂ 12ක් බවට පත්ව තිබෙනවා. ඉදිරියේදී ඊට වඩා වැඩි වන්නත් ඉඩ තියෙනවා. නමුත් අප හැමෝම දවසට තුන්වරක් අත්විඳින දෙයක් තියෙනවා. බත් පිඟානෙ බත් විතරක් බෙදාගත්තට කන්න හිතෙන්නේ නැහැ. පිගානේ වැඩියෙන්ම තියෙන්නෙ බත් තමයි. හැබැයි ටික ටික හරි එළවළු බෙදුවහම තමයි බත් පිඟාන කන්න පුළුවන් වෙන්නේ. පිගානේ තියෙන බත් ටික තමයි ප්‍රධාන පක්ෂය. අර එළවළු ටික තමයි සහෝදර පක්ෂ. ඒවා පුංචි වුණාට සන්ධානයට රසය ගෙනෙන්නේ ඒ පක්ෂවලින්. බත් කාල නැති අයට ඒක තේරෙන්නේ නැහැ.
සමහර මන්ත්‍රීවරුන් සන්ධානයේ සහෝදර පක්ෂවල නායකයන් පිළිබඳව දක්වන අදහස් වලින් පේනවා බත් කාලා නැති විත්තිය. බත් කාලා තියෙනවා නම් දන්නවා බත් තනියෙන් කන්න බැහැ. අඩුගානේ ලුණු මිරිසක් සම්බෝලයක් වත් තියෙන්න ඕනේ.
මාධ්‍යවේදියා – මාධ්‍යයට චෝදනා එල්ල කරනවා මේ ප්‍රශ්නේ උලුප්පා දක්වනවා කියලා. නමුත් අප දන්නේ නැහැ මේ ප්රශ්නය ගැන. එලියට ඇවිත් කියන දෙයින් තමයි අපි දන්නේ. මොකක්ද මේකට හේතුව
පිළිතුර – සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවක් තිබිය යුතුයි කියල අප විශ්වාස කරනවා. මේ ලෝකයේ තියෙන පුංචිම සන්ධානය තමයි පවුල. නෝනයි මහත්තයයි ඉන්න පවුල තුළත් ප්‍රශ්න ඇති වෙනවා. නෝනයි මහත්තයයි රණ්ඩු වෙන්නෙ නැද්ද. ගේ අස්සේ රන්ඩු වුණාට, දෙන්නා හරි ලස්සනට ජෝඩු දාලා එළියෙ යනවා. සන්ධානය ඇතුළෙ සාකච්ඡාවක් සංවාදයක් සිදු වෙනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්න පිටාර ගැලීම නතර වේවි. මම හිතනවා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමා නුදුරු අනාගතයේම මේ ප්‍රශ්න යළි ඇති නොවන බවට වග බලා ගනීවි කියලා.
මාධ්‍යවේදියා – කැපිල්ලක් විදිහට මේක දිගින් දිගටම එනවා නේද ?
පිළිතුර – පාරවල් කැපෙන්න කැපෙන්නේ දික් වෙනවා. රැවුල නම් දිනපතා කැපෙනවා. ඒත් ආයෙත් වැවෙනවා. මේ කැපිළි වලට වෙන්නෙත් ඒක තමයි.
මාධ්‍යවේදියා – පොහොට්ටුව පිහිටවන්න ඔබතුමන්ලා කැප වූ බව සමාජය දන්නවා. ඔබතුමන්ලා ජනතාව මත විශ්වාසය තබනවා ද ?
පිළිතුර – අප විශ්වාසය තබන්නේ මේ රටේ ජනතාව මතයි. ඔබට මතක ඇති පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආණ්ඩුව විසින් මහපොලොවේ ක්‍රියාත්මක කරන බවටත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිට නොවන බවටත් අප වගබලාගන්නා බවට විමල් වීරවංශ අමාත්‍යතුමන් සහ මම ලිඛිත ගිවිසුමක් අත්සන් කරලා අපි ජනතාවට පොරොන්දු වුණා. එනිසා අප ජනතාවට වගකීමට බැඳිලා ඉන්නවා. ජනතා විශ්වාසය නැති උනොත් වෙන කාගේ විශ්වාසය තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා ජනතා විශ්වාසයයි අංක 1.
මාධ්‍යවේදියා – පක්ෂ විනාශ කිරීම නොව රට වෙනුවෙන් යමක් සිදුකිරීමද මේ සිදුවන්නේ ?
පිළිතුර – රට රැකෙනවා කියන්නේ සන්ධානය රැකෙනවා කියන එකයි. රට රැකෙනවා කියන්නේ පොහොට්ටුව රැකෙනවා කියන එකයි. කවුරු හරි හිතනව නම් රට විනාශයට දාලා පොහොට්ටුව රකින්න පුළුවන් කියලා එයාලට දේශපාලනය තේරෙන්නේ නැහැ.
මාධ්‍යවේදියා – වීරවංශ මැතිතුමාගේ ගෙදර තිබ්බ සාකච්ඡාවේදී මොනවගේ දේවල්ද සාකච්ඡා වුණේ ?
පිළිතුර – එහිදී අපි තීරණය කළා ජනපතිතුමන් සහ අගමැතෙතුමන් සමග සාකච්ඡාවක් ඉල්ලා සිටින්න රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන. ඒ වගේම රටේ දේශපාලනය ගැන තක්සේරුවක් අරගෙන දැනුම්වත් වීම අවශ්‍ය නිසා නිරන්තරයෙන් අප හමුවන්න. ඒ අනුව මේ පක්ෂ 12 හේ නායකයෝ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඉදිරියේ දී යළි හමු වෙනවා.
මාධ්‍යවේදියා – පක්ෂ 12හා 14ක් වෙයි ද? 16ක් වෙයිද ?
පිළිතුර – හදියේ පක්ෂ නායකයින්ට අත්‍යාවශ්‍ය රාජකාරියක් යෙදුනොත් එහෙම නැත්නම් අසනීප වුණොත් 12හා 10ක් හෝ 9ක් වෙන්නත් ඉඩ තියෙනවා. වැදගත් වෙන්නේ ඉලක්කම නොවෙයි. සමගියේ බලය යි.
මාධ්‍යවේදියා – ඔබතුමන්ලා ආන්ඩුවෙන් ඉවත් වෙයි ද ?
පිළිතුර – අප ජනතාවට දුන්න පොරොන්දුවක් තියෙනවා. මේ ආණ්ඩුවෙන් ඒවා ඉටු කරගන්න අප ආණ්ඩුව ඇතුළේ අරගල කරනවා මිසක් ආණ්ඩුවෙන් පැනලා ගිහිල්ලා ඒ පොරොන්දු ඉටු කරන්න හැකියාවක් නැහැ. අපි ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා කරදර නොකර ඉන්න දෙනවනං සමහරු කැමති ඇති. අපිට සිද්ධ වෙනවා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ අරගල කරමින් ආණ්ඩුව තුළ රැඳී ඉන්න.
– අරවින්ද අතුකෝරල
පොහොට්ටු පොහොට්ටු කියලා මැරෙන්න හදන උන්ට එක රෝල් කරලා ගහගන්න කියපියව්.. ඔය වගේම එකක් තිබුන එ.ජා.ප “අලියා” කියලා අන්තිමේදි උන්ට යන එනමං නැතිවෙලා පජාති වෙලා කුජීත වෙලාම ගියා.. පක්ශ දේශපාලනයට මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ කියලා නොදන්න අවස්තාවදී වන්දිබට්ට පුක්ශෝධක ගෙරියන්ට වෙන වැඩේ පසුගිය මැතිවරණයෙන් දැක්කා.. පොහොට්ටුව දිනුවේ ඒ වෙලාවේ රටේ තිබුන වාතාවරනය සහ ඉදිරිපත් කරපු පුද්ගලයා නිසා.. නැතුව ඉලවු පොහොට්ටුව්ක් නිසා නෙමෙයි..
Nobody likes Basil.
Spot _On.
ගිහින් සංවේදී වෙලා එනවලාකෝ…
🌷 ona rata rakinna misak, ekata tamai 🌷69lak ussala tibbe. oya kegahana 🐸🐸 eka denaganna ona, wimal kauda kiyala rata dannawa, hari pette hita ganna oya eka ekata 2kata nemenna ona ne.
rata wenuwen hita ganna echarai
මට නම් පෙනෙන්නෙ ප්‍රශ්ණයේ මුල සහ අග බැසිල් ඉන්නවා කියලය්. පොහොට්ටුව කියන්නෙ බැසිල් කියල හිතන අය පොහොට්ටුවෙ ඇති. නමුත් 69 ලක්ෂයේ අති බහුතරය ඇමරිකන් බැසිල් ජනාධිපති වෙනවට කැමති නැහැ. තව විදිහකට කියනව නම් පොහොට්ටුව සංවිධාන කලේ බැසිල් උනාට ගෝඨා දිනෙව්වෙ ජාතිකවාදී බලවේගය්. අනෙක මුස්ලිම් දෙමළ චන්ද රාජපක්ෂලා ට ලැබුනෙත් නැහැ ලැබෙන්නෙත් නැහැ. ඒ කියන්නෙ බැසිල් ගෙ නොමේරෑ කට්ටිය වැඩේ පටන් ගන්නෙම පැරදිලා.
Pohottu henchmen and their followers are of the opinion that Sinhala electorate is existing even in current form is because of the Rajapaksa clan. What a laughable misconception? There should be sunlight always at the end of the tunnel. There should be someone to take over from Rajapaksas. Who should be that. The Sinhalese should be wise to select the best.