රට රකින “ජන හඬ” අනුරාධපුරයේ ගිගුම් දෙයි… අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලාත් වැඩම කරති…

July 13, 2019 at 8:02 am | lanka C news
රට රකින “ජන හඬ” අනුරාධපුරයේ ගිගුම් දෙයි… අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලාත් වැඩම කරති…

මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමි සහ බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ සංවිධායක මුලිකත්වයෙන් පැවැත්වෙන රට රකින “ජන හඬ” වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහි විශේෂත්වය වූයේ අටමස්ථානයට අයත් රුවන්මලිසෑය, මිරිසවැටිය,ලංකාරාමය, අභයගිරිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ විහාරස්ථාන රැසක නායක ස්වාමීන්වහන්සේලා මේ අවස්ථාවට සහභාගී වීමයි.

“රටට හිතවත් දෑ සමය සුරකින නායකයකු බිහිවේවා” යැයි ප්‍රාර්ථනය පෙරදැරිව පැවති සමුළුව අමතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙල්ලන්විල ධම්මරතන හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන හිමි, මහාචාර්ය සිසිර සිරිබද්ධන, මහාචාර්ය චන්න ජයසුමන, ඇතුළු ගිහිපැවිදි ක්‍රියාකාරිකයෝ අදහස් දැක්වූහ.

එස් එම් චන්ද්‍රසේන, එස් එම් රංජිත්, මොහොමඩ් හුසේන් ඇතුළු දේශපාලන නායකයෝ රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

– bnd

34,530 Viewers

11 Comments to “රට රකින “ජන හඬ” අනුරාධපුරයේ ගිගුම් දෙයි… අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලාත් වැඩම කරති…”

  1. Amaris says:

    පවතින රජයේ මහා පරිමාන දූශන වංචා හා රට මුස්ලිම්කරනයට එරෙහිව දැවැන්ත විරෝදයක් ජනතාවගෙන් එල්ලවනවා.සහනාදාර දීමෙන් මේ දැවැන්ත විරෝදය කිසිසේත් යටපත් කල නොහැකියි. නමුත් බුද්දිමත් ජනතාවට ඇති ප්‍රශ්නය චන්දය කාටද දෙන්නේ කියන එක. අපිට ඇස් පනාපිටම පේනවා රනිල් මහින්ද අනුර ගජ මිතුරු සම්බන්දතාවය.මුන් ඔක්කොම හදන්නෙ ජනතාව ගොනාට අන්දවා නැවත බලයට පැමින සුපුරුදු හොරකම සහජීවනයෙන් කරගෙන යාම.

  2. UD says:

    මහා සංඝරත්නය පෙරට ගෙන මේ ගමන යා යුතුය….
    මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවත් මේ වටා එකතු වීම වටිනවා….

  3. SALMAL says:

    Patriotism is supporting your country all the time, and your folks when it deserves it. Have a sense of pride in your motherland. Just as your mother has given birth to you, so too the land has given birth to you…We shall fight to the last to free our only Sinhalese Motherlanka
    Wake up SINHALESE FOLKS Wake up protect our Motherlanka ,People need to give high priority to this mission.
    ”JANA HANDA ‘ JAYA WEWA !!!

  4. Love nature says:

    රට දැය රැකුමට ,
    පෙරට වඩින අපේ ගරුතර සංඝ රත්නයට
    හෙළයන්ගේ නමස්කාරය
    රුදු සසර ගිනී – බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී – වැසි වසිනු වැනී..

  5. maraya says:

    Let’s get together to protect our Mother Lanka!

  6. saliya says:

    Muruttetuwe Lomba and others are not real Buddhist clergy, but they are just henchmen of some political parties. Their duty should be just keep away from politics and preach Bana.

  7. sinha le says:

    අපේ එකම පැතුම සිංහලේ සිංහල රජයක් පමණයි

  8. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මුරැත්තෙටිටුවෙි ආනන්ද හාමුදුරැවො වැඩිය පාර උරැලෑව ගියා වගේ තමයි. ආයෙත් කතා දෙකක් නෑ. පැත්ත පලාතම ගඳයි.
    එස්.එමි.චන්ද්‍රසේනත් හිටියද?
    මාවිල්ආරැ ගොවීන්ගෙ වන්දි සල්ලි වලට විද්දෙ මිනිහ නේද?
    ආහ්, චන්න ජයසුමනත් හිටියද?
    මරැ මරැ.
    රට රකින්නම මරැ බඩු ටික.

    • තිරප්පනේ විජිත හිමි says:

      සජිත්ගෙන් දානේ වළදලා කාර් පර්මිට් අරගෙන සංඝාවාසෙත් හදා ගත්තම ඔය වගේ කුජීත අදහස් පහල වෙනවා හාමුදුරුවෝ. පාරාජිකා උනහම කරන්න ඕන දේ මම කියන්න ඕන නෑනේ.

  9. Nim says:

    ” THERUWAN SARANI ”
    AWANKA WA ME MOHOTHE EDERIYATA
    ANA GARUTHRA
    SANGAYA WAHANSELA
    RATA JATHIYA WENUWEN
    PERATA AMA
    ETHAMA WATINAWA.

Main News