රට ලොක්ඩවුන් කරනු.. තත්වය බරපතලයි.. අපට පාලනය කරන්න බෑ..- PHI සංගමය දැඩිව කියයි

February 15, 2021 at 10:00 am | lanka C news
රට ලොක්ඩවුන් කරනු.. තත්වය බරපතලයි.. අපට පාලනය කරන්න බෑ..- PHI සංගමය දැඩිව කියයි

බ්‍රිතාන්‍යයේ පැතිරී යන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ ගණනාවකින් වාර්තා වීම මත රට ඉතා බරපතළ තත්ත්වයට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහා සංචරන සීමා පනවා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට තිබෙන තත්ත්වය ඉතාම භයානක තත්වයක් බව බිම් මට්ටමේ සිටින නිලධාරීන් ලෙස තම නිලධාරීන්ට පැවසිය හැකි බවයි.

එනිසා වෛරස් ප්‍රභේදය හැසිරීම කෙලෙස දැයි නිශ්චිත අදහසකට එනතුරු රට යම් තරමකට ලොක් ඩවුන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම නව වෛරස් ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය උත්සව පැවැත්වීමට දවස ලබා නොදෙන බවද ඔහු පැවසීය.

දැනට අවසර දෙන්නේ සීමිත පිරිසක් සමග සම්බන්ධ වන විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් යැයිද පැවසූ ඔහු මේවා හැරුණු කොට වෙනත් කිසිම උත්සවයකට අවසර ලබා නොදෙන බව ද එවන් උත්සව සඳහා අවසර පැතීමට තම නිලධාරීන් හමුවීමට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටියේය.

54,838 views

8 Comments to “රට ලොක්ඩවුන් කරනු.. තත්වය බරපතලයි.. අපට පාලනය කරන්න බෑ..- PHI සංගමය දැඩිව කියයි”

  1. Praneeth says:

    Covid-19 dan hama thanama pathirila iwarai. Minissunta ganakuth ne anduwata ganakuth ne.
    dan rata wahuwoth thawath amaru wenawa.

  2. නරද says:

    අවමංගල උත්සව ඉතා සංවේදීයි, නමුත් විවාහ මංගල උත්සව කුඩා කණ්ඩායම් මුවාවෙන් අවසර ගෙන රටම වනසනවා. සංගමයේ සාමාජිකයන් ගැනත් ඇහැ ගහගෙන හිටියොත් හොඳයි මෙහෙමෙ වැඩ වලට හොරාට සපෝට් ද දන්නේ නැහැ නේද? හි හි

  3. කුඹුක්කණ් says:

    එන්නතක් තියෙන්නෙ, අර උගත් හැත්ත මැරෙන්න යන්න , නියමායි ගගා. මොකටද යකෝ රට වහන්නේ

  4. ට්‍රම්ප් says:

    මෙහෙම ගියොත් ලන්කාවද,,,, නොසැලකිල්ලේ ප්‍රතිපලයක් විදිහට ඇමරිකාවක් වෙයිද?????????????????????????

  5. Gona says:

    අවුලක් නැහැ මන්ත්‍රී වරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට එන්නත් දීලා තියෙන්නේ. අවදානමක් නැහැ ඔවුන්ට

  6. මගියා says:

    ඒකද ඊයෙ රාත්‍රී 8.00ට විතර කොළඹ – තලවතුගොඩ හරියෙ පාර පුරා පපර පෑං තිබුනෙ .

  7. Dehiwala kollaa says:

    බස් කොන් දොස්තර මහත්තයා ප්ලේන් පයිලට් ට උපදෙස් දෙනව වගේ සීන් එකක්.

  8. Jagath says:

    අපි මැරුනට උන්ට පාඩු නෑ. උන් බේරුනොත් ඇති හොරකම් කරන් ජීවත් වෙන්න.