‘රට වනසා පොහොට්ටුව රකින්න බෑ.. සමහර මන්ත‍්‍රීන් බත් කා නෑ..’ ගම්මන්පිල කියයි.. ආණ්ඩුවේ පක්‍ෂ 10ක් යලි රැස්වෙයි..

February 13, 2021 at 9:20 am | lanka C news
‘රට වනසා පොහොට්ටුව රකින්න බෑ.. සමහර මන්ත‍්‍රීන් බත් කා නෑ..’ ගම්මන්පිල කියයි.. ආණ්ඩුවේ පක්‍ෂ 10ක් යලි රැස්වෙයි..

සමහර මන්ත්‍රීවරුන් බත් කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රට විනාශයට ඇද දමා පොහොට්ටුව රකින්නට හැකි යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය ඒ අයට දේශපාලනය නොතේරෙන බවද ඔහු සඳහන් කළේය.

තමන් ඇතුළු කණ්ඩායමට එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරු කැමති නමුත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුළේ සිට අරගල කරමින් රැඳී සිටින්නට සිදු වන බවද ඔහු පැවසීය.

එළඹෙන 25 ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයන් නැවතත් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට තීරණය කරන ලද බවද ඔහු දචහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

41,101 views

12 Comments to “‘රට වනසා පොහොට්ටුව රකින්න බෑ.. සමහර මන්ත‍්‍රීන් බත් කා නෑ..’ ගම්මන්පිල කියයි.. ආණ්ඩුවේ පක්‍ෂ 10ක් යලි රැස්වෙයි..”

  1. kamal says:

    ප්‍රජාතන්ත්‍ර වාදය හරි නමුත් ක්‍රමය ගෙඩි පිටින් ගැනිම වැරදි. විධායකයේ ව්‍යවස්ථාදයකයෙ හා අධිකරණයේ වෙනස්විය යුතු නිවරදි දේවල් තියෙනවා. තවද අධ්‍යාපනය හා භාෂාව වෙනස් විය යුතුයි. සිංහලයට හා දෙමලට තැන දිය යුතුයි. අන්තර්ජාතික භාෂාව විදියට ඉංග්‍රිසි භාවිතා කරාට කමක් නැ. උඹලා කලු සුද්දො වෙන්න එපා. ලෝකයටම අවශ්‍ය නිවරදි ක්‍රමය 2024 ජනවාරි 2 මහමෙව්නාවේදි හෝ හන්තාන ධර්මරත්න පිරිවෙනේදි එලිදක්වනවා. අනගාරික ධර්මපාල තුමා 88%කින් හරි. නමුත් 96%කින් හරි එක්කෙනෙකුත් ඉන්නවා ඒ තමයි දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත නොහොත් කමල්

  2. Well said.send power greedy ego centered families out.of our sacred island. We are with you Mr.minister

  3. පබිලිස් says:

    මේ රටට කෙලවන්නෙ 20% කොමිස් කාක්ක
    ආන්ඩුවෙ ඔක්කොම මිලදි ගෙනීම් මුස්ලිම් වියපරක්‍යින් ගෙන් ගන්න ව සින්හල යන්ට සීනි බෝල කතා

  4. බන්ඩා says:

    මේක විමල් වීරවංශට පහර දීමක් නොවන බවත් මෙහි එයට වඩා දුර දිග යන සැලැස්මක් තියෙන බවත් මහාචාර්ය නලීන් ද සිල්වා කියනවා. අප මේ ජාතිකත්ව විරෝධී උත්සාහය පරාජය කරන්න පෙළ ගැහෙන්න ඕන බවත් ඔහු කියනවා.

  5. එක්නැලිගොඩ says:

    සහතික ඇත්ත. ආණ්ඩුවේ සමහරු හිතන් ඉන්නේ නැගෙනහිර ජැටිට අදානිට දීලා කොමිස් සාක්කුවේ දාගත්තම ජනතාව ආවඩා ආයුබෝවෙවා කියල පොහොට්ටුවට ඡන්දය දෙයි කියලා. ඒවා සුම්මා රජෝ.

  6. දයා says:

    විමල් උදය හැමදාමත් සටනේ. කෝබං අපි කොළඹින් එකට ගෙනාපු වීරසේකර උන්නැහේ

    • kawinda says:

      Weerasekara welaawata ei. Channath ei. eth Nalaka nan jeewitheta enne nehe. boru nam palapanko.

  7. ආන්ඩුව says:

    බැසිල් හබක්. Dual Citizens ලා කොහොමද මේ රටට ආදරය කරන්නේ. අප්‍රසන්න රෙනතුන්ගලට කොහොමද ඒවා තේරෙන්නේ. බත් කන්නෙ නැතිකොට. ඇගට සරිලන මොලේ තිබුනමි පන්කාදු 5 යි.

  8. දසුන් says:

    Niyamae

  9. saman says:

    දැන්වත් තෙරුම් ගනිල්ලා. මුන් ගහන ගේම්. සල්ලිවලට හැමදෙයක්ම යටයි. කෝ දැන් අර දේශප්‍රේමය? බලය ගන්න කන් විතරයි ඔක්කොම. කොඅ දැන් අර මුස්ලිම් විරොධය? කෝ දැන් වද සැත්කම්? එයලට බබාලා හම්බ වෙලද? කෝ දැන් බදුර්ඩීන් විරොදය? දැන් සැපද?

    • Aurora says:

      පොහොට්ටුව පාලනය කරන්න ක්‍රියාත්මක වෙන අදිසි මිනිසා තමයි ඒහැමදෙයක්ම බකල් කරමින් ඉන්නේ. විමල් සහ අනෙකුන් පක්ශ සහ පොහොට්ටුවේ දේශප්‍රේමි කොටස් අදිසි මිනිසාගෙ ග්‍රහනයෙන් පොහොට්ටුව සහ ජනාධිපතිතුමා ඇතුලු රජය බේරාගැනීම සදහා කරමින් සිටින අරගලය තමයි මේ පෙනෙන්න තියෙන්නේ.

  10. සුපිරි යෝඡනා ගම්මන් පිල සහෝ..! says:

    බලා පොරොත්තු සහිතව බලා සිටි දෑ ඹබ විසින් ඉදිරිපත් කරන ලදී
    පිවිතුරැ හෙළ උරැමයේ අඵත් ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කරන ලද යෝ‍ඡනා අප සැම ඵකහෙලා ඵක පයින් පිලිගන්නා අතර ඵ්සඳහා කොන්දේසි විරහිතව අපසැම පෙනිසිටිනු ලබයි..!
    අවශ්‍යනම් සටන් කිරිමටද සූදානම්…!

Main News