රට වසංගතයේ උච්චතම අවස්ථාව කරා.. අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි..

May 18, 2021 at 12:02 am | lanka C news
රට වසංගතයේ උච්චතම අවස්ථාව කරා.. අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි..

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්න තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කීවේය.

ජනතා සහයෝගය නොමැතිව මෙම වසංගතය පාලනය කළ නොමැකි බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වසංගතය පැතිරයන දිස්ත්‍රික්කවල මෙන්ම රටේම ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වන අයුරින් රෝගීන් වැඩිවීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර වසංගතය ව්‍යාප්තවීම සිදුවෙමින් ඇතැයි ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.

එම කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

– lankadeepa

85,030 views

4 Comments to “රට වසංගතයේ උච්චතම අවස්ථාව කරා.. අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි..”

  1. අනුරාධපුරේ නානක්කා says:

    අනේ සොරි මම සර්ලට ඉස්සරහට වෙන්න තියෙන අපල උපද්‍රව බාධක කරදර ඔක්කොම පේන බලෙන් කිව්ව මේ කොවිඩ් කේස් එක මිස් උනා.ඒක කිව්ව නම් මෙහෙම නෑමක් නෑනෙ.කොවිඩ් වයිරසේ පේන පෘෆ්ද මන්දා.මොනා උනත් සර්ල නම් ඇමරිකාවෙ ගම්‍ රටවල් වල යාවි වහල් බයියො තමා පවු.

  2. මෝඩ බයියා says:

    අපි කොවිඩ් අවසන් කිරීමේ මහෝත්සව තියද්දි එන්ගලන්තෙ දාස් ගනන් දවසට මැරුන උන් හිටු කියල එන්නත් කරද්දි ලොක් ඩවුන් සෞඛ්‍ය නීති හදද්දි අපි පැනි අල්ලන් වටේ ගියා මුට්ටි ගගට දැම්ම ලෝකෙන් එකත් උනා අපේම චාට් හදන් දැන් උන්ගෙ දවසට මරණ කීපයයි.රෝගීන් සීමිතයි.අපි නානව හැඩට .පර සුද්දො වගේද අපි හෙළයො බොලවු.

  3. රන්වල says:

    ඔය හෙළ හෙළ ගගා වැලලෙන්න හදන ආණ්ඩුවෙ බැරි බැරියාවට හදපු ලණු කාපු කොල්ලො කුරුට්ටො ටිකක් ඉන්නව උන් උණක් හෙම්බිරිසාවක් ආවත් යන්නෙ ඩිස්පැන්සරියට.ගෙදර අම්ම අප්පට හාට් ඇටෑක් එකක් ආවොත් කරන්නෙ බයිපාස් එකක්.ඒ උනාට කී බෝඩ් වල හෙළ

  4. උඩින් ආව උන් නෙවෙයි අඔඉ , ගම්පහ උපන්න එවුන් says:

    // විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව // ගම්පහ නගරය අවට ඉන්ජෙක්ෂන් විදිල්ල ” ආණ්ඩුවේ පඩ ෂෝ එකක් ” විතරයි… කිසිම පිලිවෙලක් නෑ.. බොහෝ දෙනෙකුට එන්නත ලැබිලා නෑ.
    ඒත් කියන්නෙ නම් දුන්නා දුන්නා කියලා..

Main News