රට වසා දමනවාද..- ජනපති පහදයි..

October 28, 2020 at 8:40 am | lanka C news
රට වසා දමනවාද..- ජනපති පහදයි..

කොරෝනා වෛරසය මූලික කරගෙන රට වසා දැමීමේ සූදානමක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලයේදී පවතින තත්වය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් එම ප්‍රදේශ වලට බලපාන පරිදි සංචරණ සීමා හා ආදිය පැනවීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත්, කොරෝනා වැලකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායක් සමග තමන් මේ ගැන සාකච්ඡා කළ බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැති බව ද පවසා ඇත.

108,861 views

3 Comments to “රට වසා දමනවාද..- ජනපති පහදයි..”

  1. සනත් ඉතාලිය says:

    ඒ කියන්නෙ අපිට ගමරට එන බලාපොරොත්තු අථැර නොගන්න කියලද “හැකි හැම අයුරින් ….ඔබට කතිරය වැඩිකර දුන්න .හැකි උනොත් දරුවට බත් මිටක් කවන්න ..මාස්ට සර් අපිට ගමරට එන්න දෙන්න ..අනේ සර් කරුනාවෙන් සලකන්න රට ඇතුලේ කතිර යුද්ද තරගෙ.. නිමවෙන්නට කල් ගත වේදෝ….අනේ සර් තොපි මිතුරන් වේදෝ.එදා දවස උදා වේවිදෝ

  2. GON SANATH says:

    tho hithuwada sir corona spray kra kra ynwa kiyla gon haraka

  3. Aurora says:

    වෛරස් රෝග වලට ප්‍රතිකාර නැති බටහිර වෙදකම දන්න එකම පිලියම රට වසාදමීමයි. මිනිස්සු ජීවනෝපාය නැතිව පීඩාවට පත්වෙනඑක GMOA එකට ප්‍රශ්නයක් නොවේ. හෙළ වෙදකමට පනදී, නීතිමය බලය දී කොරොනා පරදවමු.

Main News