‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..

December 6, 2021 at 8:40 am | lanka C news
‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු සිය අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බවයි. 2023 වන විට එය අවසන් කිරිමට අපේක්ෂා කරන බවත් එවිට වාර්ෂිකව ගුවන් මගින් මිලියන 15 ක් හැසිරවිය හැකි පරිදි පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බිබිසි නියෝජිතයන් ඒ සදහා සිය සහාය පළ කිරිමට ද එකගතාවය පළ කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

14,207 views

4 Comments to “‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..”

  1. White hair Monkey says:

    Patta boru ne… muoota English bahane… wena kaata hari kiyala kathaa karawanna athi… kalakanniya

  2. බල්ලගේ වැඩේ බූරුවා කරනවා says:

    රට වැටිල තියෙන තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. දැන් සෞඛ්‍ය සම්බන්ධ තීරණ ගන්නේ වෙන ඇමති කෙනෙක්. ඉස්සර බල්ලගේ වැඩේ බූරුවා කරනවා කිව්වේ ඇඟ කහනවට නෙමෙයි.

  3. 0.00069 BIYYO says:

    මොහුටත් ස්වභාවයෙන් ලද කඳ බඩ තරමට මොළයත් තිබුනා නම් කොතරම අපූරුද​?
    රට වැටිල තියෙන තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. දැන් සෞඛ්‍ය සම්බන්ධ තීරණ ගන්නේ වෙන ඇමති කෙනෙක්. ඉස්සර බල්ලගේ වැඩේ බූරුවා කරනවා කිව්වේ ඇඟ කහනවට නෙමෙයි.

  4. SL says:

    සුද්ද කරන යන කඳු ටික වත් බේරගනිල්ලා,මිනිස්සු ලංකාවට එන්නේ සොභා සිරිය නරඹන්න , ඒවාට නීති රීති ගෙනල්ල ඉඩම් රජයට ගනිල්ලා.
    ඉස්සරහට මෙහා කන්දේ හෝටලේ ඉන්න එකාට එහා කන්දේ තියෙන කොන්ක්‍රීට් තට්ට්ටු ටික බලන්නයි . එහා කන්දේ ඉන්න එකාට මෙහා කන්දේ තියෙන කොන්ක්‍රීට් තට්ටු ටික බලන්නයි තමා වෙන්නේ.

    වැසි ජලය පොලවට උරාගෙන පහල ප්‍රදේශ වලට දිය සීරාව අවුරුද්ද පුරා දුන්නු කඳු වල දැන් ගෙවල්. කිසිම ආණ්ඩුවකට කඳු වල තියෙන වටිනාකම හෝ ඒවා රැක ගැනීමට උවමනාවක් තිබ්බේ නැහැ. හැම එකාම කලේ කන්ද කොටස් කරලා එක එකාට ගෙවල් හදන්න දෙන එක.

Main News