රට වසා දැමිමට කබ්රාල්ගේ නොසතුට.. වැඩිදුර යන්න බැරි බව කියයි..

August 22, 2021 at 12:02 am | lanka C news
රට වසා දැමිමට කබ්රාල්ගේ නොසතුට.. වැඩිදුර යන්න බැරි බව කියයි..

රට අගුළු දැමීම කෙටිකර ගැනීමට සියලු ජනතාව එකාවන්ව කටයුතු කළ යුතුව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එය ජනතාවගේ මෙන්ම රටේ ආර්ථිකයට ද එකසේ වැදගත් බවත් රට වසා තැබීම දැන්ම කෙටි කර නොගන්නේ නම් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයිද ඒ මහතා පවසයි.

රට අගුළු දැමීම හේතුවෙන් සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම ජන ජීවිතයටත් සිදුවන පාඩුව සුළුපටු නැතැයිද ඔහු කියා සිටියි.

රට වසා දැමීම නිසා රටේ ආදායම අහිමි වූවොත් ණය ගෙවීම ද කළ නො හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාසික වල වැටුප් ලබන්නන් සහ බැංකු තැන්පතුවල මුදල් ඇති අයට රට අගුළු දැමීමට කීම පහසු වුවත් එදිනෙදා ආදායමක් උපයා ජීවත්වන හතළිස් පන් ලක්ෂයක් පමණ වූ ජනතාව මෙම අගුළු දැමීමට කෙසේ මුහුණ දෙන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉහල අනුපාත වලට ණය ලබාගෙන සිටින ණය ගෙවන්නේ කවුද.. ඔවුන්ගේ දරුවන්න්ගේ අවශ්‍යතාවයන් ලබා දෙන්නේ කවුද.. ඉඩම් සින්න වන විට ඒවා නිදහස් කර දෙන්නෙ කවුද.. ඇමතිවරයා එහිදී යැයි තවදුරටත් ප්‍රශ්න කළේය.

58,985 views

9 Comments to “රට වසා දැමිමට කබ්රාල්ගේ නොසතුට.. වැඩිදුර යන්න බැරි බව කියයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    මිනිස්iq මැරිල ඉතිරිවෙන අය එක්ක ආර්ථිකය හදාගෙන ඉදිරියට යන්නද මෙයාල හදන්නෙ……?

    • sumira says:

      රනිල්ට දයාසිරි, තිස්ස අත්තනායක වගේ රාජපක්ෂලා ෆ්ලෂ් කරපු නම් කීපයක් මං මේ කල්පනා කරේ… උඹ කියන්නෙ එස්.බී., චන්දිම, වෙල්ගම වගේ වැඩ නැති කට ඇති දාස ලාද?

  2. Nandasoma Suriyaarachchi says:

    මහබැංකුවෙත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් දැම්මා නම් හරි……!

  3. විඡයදාස රාඡපකෂ වැනනි පුද්ගලයෙකු" වහාම රට බාරගැනිමට කටයුතු කළ යුතුයි.! says:

    ”දේශියතවයට දේශිය දැනුමට අගෞරව කරමින් ගරහමින් රටේ ආදායම සහ මහඡන බදුමුදල් ”බටහිර වංචනිකයන්ගේ ඵන්නත්කරනයට සියය කැමැත්තන් වවියදම්කර විණාශකරදමන ලදී,.!
    ඵන්නත් කොමිස්මුදල් කුමන පුද්ගලයන්ගේ ගිනුම්තුළට බැරවුනිදැයි ඊළගට පැමිනෙන රඡයේ අත්හළ නොහැකි වගකීමයි,.!
    ”මාත්‍රෘභුමියේ හෙළයන් බලහත්කාරයෙන් ඵන්නත්කරනයට ලක්කරන්නේද යන්න සොයාබළා නිතත්‍යනුකූළ පියවර ගැනීම වගකිවයුතු සැමගේම පරම වගකීමක්ද වන බව සියළු බලධාරීන් මෙන්ම සමාඡ ක්‍රියාකාරින්ද දැනුවත් විය යුතුවන අතර, ඵවැනි දැ නිවැරදිව සොයා බළා වහාම නිතිමය කටයුතු කඩිනමින් සිදුකළයුතුයි,.!

    ” මෝඩ හම්පඩ නාකියා වංචනිකයා ලලිත් වීරතුංග ගෙරි හම්පඩ පාහරයා,.
    සි අයි ඵ් ඵ්ඡන්තයා..,
    ඇතුළුව, උපදේශක බුරැ හැත්ත බුරැත්ත සමගින් සියළු රාඡපකෂ මෝඩයන් පන්නාදැමිමට කාළයයි,.!

    ප්‍රතිපත්තියක් නොමැති ගෝඨාභය මහිින්ද බැසිල් පාලණයද මෙතුළින්ම අවසන් වන අතතර.. ”විඡයදාස රාඡපකෂ වැනනි පුද්ගලයෙකු” වහාම රට බාරගැනිමට කටයුතු කළ යුතුයි.!

  4. Hi says:

    එකාවන්ව කටයුතු කරන්න ඔබතුමාලා ගන්න දීමනා/කොමිස්/වාහන/වැටුප් හා පවුලේ අය මහජන මුදල් නාස්තිකර විදින සැස සම්පත් මොනවා ත් අඩු නොකර අර පාර්ලිමේන්තුවේ කන කෑම එකට නියමිත මුදලක් අය කරගන්නකෝ.
    ඒ කැපවීමවත් කරලා පෙන්නන්න. දවසකට කෑමට ලක්ෂ ගනනක් යනවානෙ.

  5. Kamal says:

    True. රට වහන්න කියන්නෙ නිකන් කාල ඉන්න අය

  6. JR says:

    දැනටමත් ආපස්සට ඇවිත්..

  7. Karunarathna says:

    මොන අඩුපඩු තිබ්බත් ඒ කතාව නම් ඇත්ත මහත්තයෝ.. නිකන් ඉදගෙන මාස් පඩි ගන්න රජයෙ සේවකයන්ටයි සමහර පුද්ගලික සේවකයන්ටයි තේරෙන්නෙ නෑ මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සුන්ගෙ වේදනාව.. වැඩ නොකර ගෙදර ඉන්නව නම් ඒ කාලෙට පඩි නොගෙවන ක්‍රමයක් හදන්න.. එතකොට වහපියව් කිය කිය කෑ ගහන්නෙ නෑ ලෝන් වාරිකේ මතක් වෙනකොට..

  8. anura.r@lankaship lk says:

    Kawda wijedasa rajapaksa ara atten attata panina kurullada
    Ane palayan ban yanna