රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති

April 23, 2021 at 3:20 pm | lanka C news
රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති

රට වසා ගැනීම සඳහා මේ මොහොතේ තීරණයක් ගෙන නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එළැඹෙන සති අන්තයේ සංචරණය නොකර සිටීම වඩා සුදුසු බවද ඒ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

අවුරුදු සැමරුමෙන් පසු කොරෝනා වෛරසය පැතිරීම වර්ධනය වී ඇති බවක් පෙනෙන්න තිබෙන බවද කී ඔහු හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය තව ඉහල යාමේ ඉඩ ඇතැයිද ඔහු තව දුරටත් සඳහා කළේය.

මෙම කාල සීමාවේදී දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය විශේෂයෙන් අවම කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සදහා සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නැති බවද ඔහු පැවසීය.

59,471 views

15 Comments to “රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති”

  1. කැප්පෙටිපොළ says:

    කොරොනා සම්බන්ධ රහතන් වහන්සේ කෙනෙක්ගෙ ගෝලයෙක්ගෙ අදහසක්
    පුතේ උඹ හිතන්නෙ කොරෝනා වැඩි කියලද නැ එච්චර නැ ලෙඩ්ඩු අඩුයි ඉන්නෙ අසාධිතයන් නොවේ ඒ අයට කියන්නෙ. ඒ අයට කියන්නෙ ලංකාවේදි ප්‍රතිදේහ විකසිත වුන අය ඒ අය ලග තියෙන්නෙ වෛරසය නෙවෙයි. ප්‍රතිදේහ විකසිත විම එවැනි අය 86000ක් ලංකාවේ ඉන්නවා නමුත් රෝගින් ඉන්නෙ 600යි. ඉන්දියාවේ රෝගින් 8086ක් ඉන්නවා ඉතුරු අය ප්‍රතිදේහ විකසිත වුනු අය. ලංකාවේ රෝගින් 900ට වැඩිය වැඩිවන්නෙ නැ. නමුත් ඉන්දියාවේ 8080 සිට 60000000 දක්වා වැඩිවෙන්න පුලුවන් ඒ තමයි මනුස්‍යත්වය බුදු හාමුදුරුවන්ට විරුද්ධ වු අයගේ.

  2. රජින්ද says:

    ලොක්කට මිනිස්සු මැරෙන ප්‍රමාණය අඩු ඇති, වැඩිපුර මිනිස්සු මැරුනොත් රට වහයි. ඒ නිසා මේක තව හුගක් ව්‍යාප්ත වෙලා වැඩේ කෙල වෙනකම්ම ඉමු.

    • Karunadasa says:

      රට වසනකමි බලා සිට එය එසේ නොවුනකල වැලපෙන බත් බැලයාගේ අදෝනාව

  3. Karunadasa says:

    රට වසනකමි බලාසිටි බත්බැලයා වෙනුවෙන් විනාඩි 5ක නිහඩතාවයක්. පවි ඔීයි ඔය හාදයා නානවා ඉවරයක් නෑ

  4. Nayana says:

    අපේ ආයුර්වේද ඖෂධය 100% ක් අතිසාර්ථකයි !

    බොරු පරීක්ෂණ වහාම නතර කරපල්ලා !

    ඖෂධය එලියට දාපල්ලා !

  5. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    මේ පාර නම් මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දාලා මිනිස්සුන්ගේ කන් පලන්න එපා හාමුදුරුවනේ… තට්ටේ පලනවා පවු පින් මොනව උනත්

  6. Ranga says:

    මට සිංහල වෙදකම ගැන කියන්න වචන මදි මගේ යම් අසනීප වලට සිංහල වෙදකමින් සුව වූ වාර අනන්තයි කොරෝනා සුවකරන්න සිංහල වෙදකමට පුලුවන් බව මට හොදටම විශ්වාශයි

  7. mahen says:

    දේශීය වෙදකම ලෝකයට ගෙන යන්න හොඳම අවස්ථාව මෙයයි .මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ජනාධිපති තුමනි .

  8. kamal says:

    වෙන කිසිම විසදුමක් නෑ හෙළ වෙදකම ගෙන්න. රටට ආදරේ නම් මේ රටේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න ගේම් ගහල සල්ලි හම්බ කරන්න මේ ජිවිත බිලි ගන්න එපා. මේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න කිසිම පාලකයෙකුට අයිතියක්‌ නෑ. ජිවිත ආරක්ෂා කරන්නයි ඔවුන් ඉන්නෙ. ඒක තේරුම් අරන් මේ වෙදකම කරන්න පටන් ගන්න උතුම් දළදා සමිදු පිහිටයි

  9. රෝහිණී says:

    අර සුද්දා ක්‍රියේෂන් කරන සුදන්ත තිලකසිරියා කෙළින්මත් ගොටාට කඩේ යනවා. සේපාල අමරසිංහ නාගණන්ද කොඩිතුවක්කු හොර ආත්මාර්ථකාමී ඇජන්ඩා වලින් වැඩ කරන ආත්මාර්ථකාමි කුහකයෝ. ළමයි, අහු වෙන්න නම් එපා.

  10. රන්වල says:

    හෙළ වෙදකම කියාල ලක්ස තිහකට පෙව්ව රට රටවල බීව බීපු ගමන් වයිරසේ අතුරුදහන් වගේ බයි ආතල් දුන් හෙළ වෙදකමේ නාමයෙන් මඩිය තර කර ගන්නා ලෝක හොරුනි මේ ඔබේ වාරයයි

Main News