රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..

August 16, 2021 at 6:26 am | lanka C news
රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි.

ඇමරිකාව, එංගලන්තය මාස ගණනාවක් සිය රට වසා දමා තිබූ නමුත් නැවත විවෘත කිරීමෙන් පසු වෛරසය විශාල ලෙස පැතිරී යන බවද ඔහු පැවසීය.

එනිසා රට වසාදැමීම වෛරසය ව්‍යාප්තියට එකම උත්තරය ලෙස සැලකීමට අමාරු බව ද ඔහු කියා සිටී.

රජයක් ලෙස මේ මොහොතේ සෑම පැත්තකින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකට පතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

35,357 views

32 Comments to “රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..”

  1. Ishan Liyanage says:

    ඔබතුමා ඉතා නිවැරදියි රමේෂ් වෛද්යතුමනි . විපක්ෂය මේ වෙලාවේ බොර දියේ මාලු බානවා. මාරාන්තික ඩේල්ටා ප්‍රභේද්ය පැතිරෙන බව දැන ගෙනත් උන් රට පුරා උද්ඝෝශන කලා පහු ගිය සතිය වන තුරු. දැන් උන්ම කෑ ගහනවා රට වහපන් කියලා. ඉක්මනින් එන්නත ලබාදී කොරෝනා වලින් අපව බේරා ගන්නා ඔබතුමන්ලාගේ වැඩපිලිවෙලට සියලු ශක්තිය ලැබේවා!

  2. rata says:

    ඇමරිකාව එංගලන්තය ඇරියම නැවත වැඩි වුනාලු. ඒකයි උත්තරේ.

    • DRS says:

      Yes this is true. But they have more hospital beds, ICUS and supplies of Oxygen. Thanks to our politicians we do not have those facilities.

    • norata eka says:

      මෝඩයො කියලා තියෙන දේ තේරුම් ගන්න බැරිද? රට මාස ගනන් වහලා තිබ්බත් රට ඇරියහම ආපහු වැඩි වෙනව නම් රට සදහටම වහලා තියන්නද ගොන්ස්? උඹලගෙ මොලේ මොනවද තියෙන්නේ?

  3. desta says:

    modayo usa 🇺🇸 uk 🇬🇧 kiyanne wena ratawal ape rata ta gelepena widiyata weda karanna purudu weyan ubalage panditha kamak uddaccha kama nisa tami ape ratata winasaya unne

  4. Very correct! But don’t mislead the people quoting wrong remarks. You can easily understand, how multiply the patients, if they have not locked down. That’s how they reduced the deaths.

  5. lalith says:

    ඒ රටවල් වලට සංසන්දනය කරන්න එපා ඒ රටවල් වල හැම මනුස්සයම බදු ගෙවනවා ..ආදායමට අනුව බදු නොගෙවන උන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා ..

    • Prasad says:

      ඒ රටවල හොරුන්ට දඬුවම් දෙනවා හොරුන්ට ඇමතිකම් නම් දෙන්නෑ

  6. බන්ඩා says:

    රට වහලා ජනතාවට නොමිලේ කන්න දෙන්න බේත් දෙන්න ලයිට් දෙන්න අපේ ආණ්ඩුවට සල්ලි තියනවද

  7. LalithM says:

    අපේ රටේ හැමෝම බදු ගෙවනවා. වෙන රටවල නැති අසාධාරණ බදු වක්‍ර බදු ලෙස අපි හැමෝම ගෙවනවා. ඇත්තටම අදායම් බද්දට අසුවන ගණණ ටික වෙන්න හේතුව ලේසියෙන් හැමෝම ගෙවන වක්‍ර බදු. හේතුව දුර්වල රාජ්‍ය බදු ප්‍රතිපත්තිය.

  8. Somapala says:

    The truth is that in these countries both doses of vaccined have been given to around 70% of adult population. Thst shows that both the nations are around Herd Immunity. In Sri Lanka we are around 35%. That is why this virus is spreading
    like a wild fire.

  9. Power says:

    කරුණාකරලා හෙළ වෙදකමට තැන දෙන්න. ඹෟෂධ මාෆියාවට යට වෙලා කොහෙවත් තියන කුණු එන්නත් විඳලා මිනිස්සු තවත් ලෙඩ කරන්නෙ නැතුව. හෙළ වෙදකමට තැන දෙන්නෙ නැතුව කවදාවත් මේ වසංගතය අපේ රටින් අවසන් කරන්න බැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි, සහතිකයි.

  10. Kiribanda says:

    Kawuda ane kiwwe? Ehe giyada? Wipaksaye sitiya nam kohomada kiyanne

Main News