රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

August 21, 2021 at 3:22 am | lanka C news
රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

මේ මොහොතේ රට වසා දැමීම අසාධාරණයක් බව ස්වං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.

රට වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් වූ ලක්‍ෂ 65ක් වන ස්වයං රැකියා නියුක්තියන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බවද එම සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා කියා සිටී.

ජනාධිපති අගමැති ඇමැතිවරු මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරු තානාපතිවරුන් ඇතුළු අයගේ වැටුප් හා රාජ්‍ය සේවකයන්ගේ වටුපෙන් අඩක් මහා භාණ්ඩාගාරයට ලබාගෙන ස්වයං රැකියා නියුක්තිකයන් සඳහා ලබා දිය යුතු බව ඔහු යෝජනා කරයි.

එසේ කළ නොහැකිනම් කිසිවෙකුට මෙම වසා දමන කාලයේ දී වැටුප් නොගෙවා සිටින්නැයිද ඔහු ඉල්ලා සිටියි.

රට වසා දැමීමේදී ස්වයං රැකියා වර්ග වලින් ජීවත් වන පුද්ගලයන් සිය සිය කෑම බීම පවා සොයාගන්නේ කෙසේදැයි රට වහන්නැයි ඉල්ලීම් කරන අය පෙන්වා දිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

95,446 views

44 Comments to “රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..”

  1. JR says:

    මං කිව්ව ඕක…

    • Chaminda jayanath says:

      හැම කෙනාම සනස සනස මේ වෙලාවේ තිරණ ගන්න ගන්න බෑ.රටක් විදිහටයි මේ ප්‍රශ්නෙට මුහුන දෙන්න වෙන්නේ…

  2. Be united says:

    මෙකත් යුද්යෙදි කලා වගෙ දැඩි තීරණය ගන්න ඹ්නි වෙලාවක්. ලපයි සිපයින්ට ඕනි විදියට තීරණ නොගන්න ඕනි. රට වැසීම කරලා වැඩක් නෑ . තව අවුරුදු ගණනාවකට කොරොනාවෙන් බෙහෙවින් බැහැ මිනිසුන් ට . බහුතරයක් ගෙ යහපත් වෙනුවෙන් දැඩි තීරණ ගන්න.

  3. lalith says:

    පළමුවෙන්ම රටට දරාගන්න බැරි රජයේ සේවයට අනවශ්‍ය උදවිය ඉවත් කල යුතුයි..
    හැම ආණ්ඩුවකින්ම තමන්ට කොඩිවැල් පෝස්ටර් ගහපු උන්ව ආණ්ඩු සේවයට පැටවීම කරන්නක්.
    දෙවනුව මෙම හැම දේස පාලුවන්ගේ ආදායම් හා වත්කම් සොයා ..ඒවා අයථා නම් රජයට පවරා ගත යුතුයි.

    • මරා says:

      ඇයි මහින්ද ජනාධිපතිවරයාත් හිරිකිතයක් නැතුව 2015 මැතිවරනයට කලින් ඕකම කලා…දැන් උන්ගෙන් වැඩ ගන්නත් බෑ…උන්ට නියමිත සුදුසුකමුත් නෑ……. අදාල වැඩ කටයුතු සදහා කම්කරුවොත් නෑ

  4. disapathi says:

    swayang rekiya karanno ugathunda? rajayata sewa karannoda? mama gedara walan hadanawa kiyamu. ithin upadi aragena weda karana disapathi wageda? kanna bonna shana selasiya yuthuyi padi denna epa kiyanna ayithiyak nehe

  5. ජනතා විරෝධී පෙරමුණ says:

    ප්‍රේමදාස ජවිපෙ නායකයා අල්ලලා හොර රහසේම මරල පුච්චලා දැම්ම හේතුව පැහැදිලියි නේද !!

    පන්ති පහ ගියපු ජවිපෙ කියන්නේ රට විශේෂයෙන් සිංහල උන්ට උපරියමයෙන් වයිර කරන ජාතියක්

  6. Suresh says:

    අනිවාර්යෙන්ම රජයේ වැඩ නොකර ගෙදර ඉන්න අයගේ පඩි අඩුකරගෙන අසරණ ජනතාවට ලබදියුතුය්. මොකද රටේ සියලුම ජනතාව ගෙවන බදු මුදල් වලින් තමය් මැති ඇමතිවරු ඇතුළු සියලු රාජ්‍ය නිලදාරීන් යැපෙන්නේ. රටේ දුප්පත් මිනිහගේ ඉදන් හැමෝම මහන්සි වෙනවා රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න. රාජ්‍ය සේවය රටේ මහජනතාවට ලොකු බරක්.

  7. Reshon says:

    අනිවාර්යෙන්ම රජයේ වැඩ නොකර ගෙදර ඉන්න අයගේ පඩි අඩුකරගෙන අසරණ ජනතාවට ලබදියුතුය්. මොකද රටේ සියලුම ජනතාව ගෙවන බදු මුදල් වලින් තමය් මැති ඇමතිවරු ඇතුළු සියලු රාජ්‍ය නිලදාරීන් යැපෙන්නේ. රටේ දුප්පත් මිනිහගේ ඉදන් හැමෝම මහන්සි වෙනවා රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න. රාජ්‍ය සේවය රටේ මහජනතාවට ලොකු බරක්.

  8. Open mind says:

    සේවක වැටුප් ගෙවීම තීරණය කරන්නේ ස්වයං සේවාකාරයෝ. රටට ගිය කලක්.

  9. K says:

    Thopita meka wahana kotama kanna ona.ai thopi mechchara kal hamba nokara pol gawada

  10. Anil says:

    අනිවාර්යයෙන් ඇත්ත මොහු කියන්නේ ,එළවලු ගොවියා,වෙළෙන්දා ,කඩල වෙළෙන්දා ,පේමන්ට් එකේ ජීවත් වන මිනිහා ,නාටාම්බි ,කොහොමද එදාවේල හොයාගන්නේ කියලා රජයේ සේවකයාට තේරෙන්නේ නැහැ.ඔවුන් ගෙදර හිටියත් වැටුප ලැබෙනවා, ඔවුන්ට ජීවත් වීමට අමාරුවක් නැහැ අසරන මිනිසුන් ගෙවන බදු වලින් ඔවුන් ජීවත් වෙනවා ඔවුන් කැමතියි රට වහනවට .ඔවුන්ටත් මේ අමාරුකම දැනෙන්න නම් ඔවුන්ගේ වැටුප කැපිය යුතුයි.එදාට තේරේවි එදාවේල හම්බකරගෙන කන මිනිහ ජීවත් වන විදිය.

Main News