රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ.. [Video]

December 25, 2016 at 12:06 am | lanka C news
රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ.. [Video]

ඡන්ද නිසි කලට නොපවත්වන, රට බෙදන ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එන, රටේ සම්පත් විකුණා දමන වත්මන් ආණ්ඩුවට එරෙහිව ලක්‍ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය දැන් එළඹ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මාලඹේ සාලවනඋයන විහාරස්ථානයේදී පැවැති පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“පංචායුධ පදනම වසර ගණනාවකට පෙර බිහි වූයේ මේ රටේ උපකාර ලැබිය යුතු පිරිසගේ අවශ්‍යතා ඉටුකර දීමට, අපට හැකි අයුරින් දායක වීමටයි. ආණ්ඩු බලය ඇති විට වගේම අපි ආණ්ඩු බලය නැති විටත් ඒ යුතුකම ඉටු කරනවා. ගංවතුරින් විපතට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා දීමටත් අපි ඒ මොහොතේදී විශාල දායකත්වයක් ලබා දුන්නා.

මාසික වියදම බොහොම අමාරුවෙන් දරා ගන්නා පවුලක් දෙසැම්බර් මාසයේදී මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තමයි ‘දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අනෙක් පාසල් උපකරණවලට යන අතිරේක වියදම හොයාගන්නේ කොහොමද?’ කියන එක. මේ අතිරේක පිරිවැය සොයාගන්න බැරිව මාතර ප්‍රදේශයේ මවක් ගඟට පැනලා තිබුණා. ඒ වගේම මම සමාජජාලා වෙබ් අඩවි මගින් දුටුවා, තමන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා ගැනීමට එක්තරා දියණියකට නගරයට ඇවිත් මේ නිවාඩු කාලයේ හඳුන්කුරු විකිණිමට සිදුව ඇති බවට වූ ප්‍රවෘත්තියක්. අලුත් අවුරුද්දත් සමඟ දෙමාපියන්ට එන මේ භයානකම ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම නොවුණත් යම් පිළිතුරක් සපයන්න අපි සැමවිටම උත්සාහ කළා. ඉදිරි දිනවලදී මාලඹෙන් ඇරඹි මේ සද්කාර්යය අනෙකුත් ප්‍රදේශ කරා රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

‘වික්‍රමසිංහ දැන් වික්කමසිංහ වෙලා’

2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු අය හිතුවා, ‘අවුරුද්දක් විතර යනකොට අපට තිබෙන ආර්ථික ප්‍රශ්න දූරින්භූත වෙලා යයි’ කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 02 ගතවෙන කොට 2014දී ඩොලරයට ගෙවපු රුපියල් 132 වෙනුවට ඩොලරයට රුපියල් 152ක් ගෙවන්න වෙලා. මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වනකොට පිටරටින් ගෙනෙන සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි ගත්තු විදේශ ණය ප්‍රමාණයත් බලා සිටියදී ඉහළ යනවා. ණය බර ගැන කියලා මේ අණ්ඩුව පත්තරවල කෝටි ගණන් වියදම් කරලා දැන්වීම් දානවා. නමුත් ණය බර දිනෙන් දින ඉහළ යන එක නවත්වා ගන්න නම් රුපියල ඩොලරය ඉදිරියේ මේ විදියට වැටෙන එක නතර කරන්න ඕනෙ. මහ දවාලේ සිදු කරපු මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව, පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. දැන් එතැනින් නතර නොවී එයා ඉදිරියට යනවා. රටට අහිතකර කටයුතු රැසක් කරනවා. රටේ සම්පත් විකුණාගෙන කෑමත් අරඹලා. එදා පෝට්සිටිය හදනකොට, ‘මේ රට චීන කොලනියක් බවට පත් කරනවා’ කියලා කෑගහපු රනිල් වික්‍රමසිංහ මහතා අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමා තිබෙනවා. ඒ වගේම හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මට එක් තරුණයකු කීවා ‘දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි’ කියලා. ‘රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම ‘වික්කම සිංහ’ විදියට වෙනස් වුණොත් හොඳයි’ කියලයි ඒ තරුණයා කීවේ. මම කල්පනා කළේ මේ අගමැතිවරයාට ‘වික්‍රමසිංහ’ කියනවාද, ‘වික්කමසිංහ’ කියනවාද කියලයි. (සභාවේ සිනා)

පෝට්සිටිය හැදෙනවාට විරුද්ධව කෑගහලා බලයට ආපු මේ අය අද කරන්නේ එදා කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක්. ‘නොමිලේ වයි-ෆයි දෙනවා’ කියලා තරුණ තරුණියන් රවටපු මේ ආණ්ඩුව අද අන්තර්ජාල ගාස්තු 25%කින් වැඩි කරලා, දුරකථන ගාස්තුවලට 50%ක බද්දක් අය කරනවා. මේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේයි. ඒ වසර 10 තුළ නවීන තොරතුරු තාක්‍ෂණික පහසුකම් ගම දක්වා ගියා. ‘වෙනසක්’ ගැන ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරවලා, ඒ ආණ්ඩුව ගෙදර යවන්නත් කුමන්ත්‍රණකරුවන් ඒ පහසුකම් යොදා ගත්තා. මහින්ද රාජපක්‍ෂ පාලනයේ අඩුපාඩු නොතිබුණා නොවෙයි. ‘කටේ නරක් වුණු දතක්, දෙකක්’ තිබුණා තමයි. නමුත් 2015 ජනවාරි 08 වැනිදා කළේ ‘නරක්වුණු දතක්, දෙකක් වෙනුවට කටේ තිබුණු දත් 32ම’ ගලවලා දමපු එක. දැන් කට ‘ලොම්බක්’ කරගෙන බලා සිටින්න තමයි ජනතාවට වෙලා තිබෙන්නේ. හිතුවේ සුපිරි දත් තියෙන කටක් හැදෙයි කියලා. දැන් දත් තිස්දෙකම නැති ලොඹු කටක් හැදිලා. විටක් හපා ගන්නවත් බැරිව දැන් ඉන්නවා. ’ දෙයියනේ මේ මොකද වුණේ?” කියලා.

‘පී. හැරිසන් – වී හැරිසන් වුණු හැටි’

දැන් කොහොමද හාල් මිල? ‘හාල් මිල වැඩියි’ කියලා එදා සමහරු හංසයාට කතිරය ගැහුවා. හාල් කිලෝව රුපියල් 100 පැනලා. හාල් මිල මේ විදියට ඉහළ ගියේ මේ ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා. පොහොර සහනාධාරය කප්පාදු කළා. වී අලෙවි මණ්ඩලය භාර ඇමති පී හැරිසන්ට දැන් මිනිස්සු කියන්නේ වී හැරිසන්. එයා ‘වී අතිරික්තයක් තිබෙනවා’ කියලා වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත්තු වී තොග කුණු කොල්ලයට සත්ව ආහාර විදියට විකුණලා දැම්මා. දැන් හාල් හිඟයක් ඇති වෙලා කියලා ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න යනවා. මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඇතැම් රටවල ස්වාභාවික ආපදාවන් ඇති වූ පසු අපි ලෝක ආහාර සංවිධානය මගින් එම රටවලට සහල් ප්‍රදානය කළා. නමුත් අවුරුදු 02යි ගියේ. මහ මොලකරු රනිල් වික්කමසිංහ යටතේ හාල් කිලෝව රුපියල් 100ට නැඟලා. ඒ වගේම රටේ හාල් හිඟයක් ඇති වෙලා තිබෙනවා. එදා සමාජජාලා වෙබ් අඩවි පාවිච්චි කරලා ‘මහින්ද රාජපක්‍ෂ මිත්‍යාදෘෂ්ටිකයෙක්’ කියලා මතයක් හදන්න හැදුවා. නිතර දළදා මාළිගාවට, කතරගම දේවාලයට යන එක, අතේ පිරිත් නූල් කිහිපයක් බැඳගෙන සිටීම ආදිය මේ මතය සාධාරණීකරණය කරන්න ඔවුන් පෙන්නුවා. දැන් බලන්න මේ ‘මොඩරේට් නායකයා’ රනිල් වික්කමසිංහ ඉන්නේ කොහෙද? කියලා. ඉන්දියාවේ තිරුපතිවල. එයා දැන් තිරුපතිවල ඉඳන් ‘අනේ දෙයියනේ මට මොලය පෑදේවා!’ කියලා කන්නලව් කරනවා. මේ අය කිව්වේ එකක්. අද කරන්නේ වෙන එකක්.

‘බලයට ආවේ ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරන්න’

මේ අය බලයට ආවේ ‘ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරනවා’ කියලයි. ජනාධිපතිගේ විධායක බලය අහෝසි නොකළාට පොඞ්ඩක් අඩු කළා. නමුත් දැන් ජනාධිපතිටත් වඩා බලතල තියෙන ඇමති ධුරයක් හදන්න යනවා. මේ සුපිරි ඇමති ධුරය හදන්න යන්නේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත නමින් පනතක් ගෙනල්ලා. ඒ පනතින් හැදෙන සුපිරි ඇමති තමයි රනිල් වික්කමසිංහ. ඒ ඇමතිවරයාට පුළුවන් රටේ ඕනෑම දේපළක් පවරා ගන්න. රටවැසියාට ඊට එරෙහිව නඩු කියන්න බැහැ. මේ ඇමතිවරයාට මුක්තිය තිබෙනවා. ‘ජනාධිපතිට මුක්තිය තිබෙන එක හරි නැහැ’ කියමින් බලයට ආපු මේ අය අද මොනවද කරන්නේ? දැන් ඇමති කෙනෙකුටත් මුක්තිය දෙන්න හදනවා. මේකද ඉටු කරනවා කියපු යුක්තිය? ඒ සුපිරි ඇමතිට සහ ඒ යටතේ හැදෙන ආයතනයේ නිලධාරීන්ට එරෙහිව යම් රටවැසියකුට නඩු කියන්න බැහැ. යම් නිලධාරියකු පහළ උසාවියක පැවරූ නඩුවක වැරදිකරුවකු වුවහොත් ඊට අදාළ වන්දිය ගෙවන්න වෙන්නේ රජයටයි. ‘සිරගතකොට සිටි ත්‍රස්තවාදියකු පැනයන විට වෙඩි තැබීමෙන් මිය ගියා’ කියන චෝදනාවට රණවිරුවකු වරදකරු කොට ඔහුට ඒ ත්‍රස්තවාදියාගේ පවුලට රුපියල් ලක්‍ෂ 20ක වන්දියක් පෞද්ගලිකව ගෙවීමට අධිකරණය පසුගියදා නියෝග කළා. ඒ මුදල ඔහුට පෞද්ගලිකව ගෙවීමට අපහසු වුණා. එවිට ඔහුට සිරගත වෙන්නයි සිදු වුණේ. පසුව ජාතික සංවිධාන එක් වී ඒ මුදල ගෙවා ඔහු නිදහස්කර ගත්තා. ත්‍රස්තවාදය පැරදවීමට යුද වැදුණු රණවිරුවකු යම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වෙලා වන්දියක් ගෙවන්න වුණාම ඔහු ඒක පෞද්ගලිකව ගෙවිය යුතුයි. නමුත් මේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත යටතේ හැදෙන ආයතනයේ නිලධාරියකු සිදු කරන වරදකට වන්දි ගෙවිය යුත්තේ රජයෙන්. මේ සුපිරි ඇමති යටතේ හදන ආයතනයට ඕනෑම මහජන දේපළක් පවරා ගැනීමට හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් වන්දියක් නොගෙවා සිටිය හැකියි. මහවැලි ඉඩම්, වතු ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ආදී රාජ්‍ය අංශය සතු සියලු ඉඩම්වල කෙරුමක්කාරයා වන්නේ මේ සුපිරි ඇමති.

“මෙත්‍රීගේ දත් ගලවද්දී – රනිල්ට අලුත් දත්’

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තිබෙන දත් ගලවනවා, රනිල් වික්කමසිංහ අගමැතිවරයාට අලුත් දත් හයිකර ගන්නවා. මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව තවමත් ‘රාජපක්‍ෂ මුවහමට’ තඩිබාමින් සිටිනවා. දැන් තමයි මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ සියුම් ඉන්ද්‍රියන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. අවුරුදු 02කට පස්සේ ඔවුන්ට ගඳ සුවඳ දැනෙන්න පටන් අරන්. දැන් ඔවුන් කියනවා, ‘මේ ආණ්ඩුව අසුචි වලක්’ කියලා. ආණ්ඩුවේ එක කෑල්ලක් අනෙක් කෑල්ලට බැන වදින මේක විකාර ආණ්ඩුවක් කියලා අපට පෙනෙනවා. මේ රට මීට අවුරුදු 02කට කලින් 7%ක ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරියට ගිය රටක්. ‘වෙනසක්’ බලාපොරොත්තු වුණු මේ රටේ මිනිස්සු අද ඒ ආර්ථික වර්ධන වේගය 3.4%කට පහළ බස්සලා තිබෙනවා. පරදවනු ලැබූ බෙදුම්වාදය යළි හිස ඔසවමින් තිබෙනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකට අදාළ යෝජනා ජනවාරි 09,10,11 යන දිනවල පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ යෝජනාවල තිබෙනවා ‘පළාත් සභා වෙනුවට පළාත් ආණ්ඩු හදනවා’ කියලා. පරමාධිපත්‍ය බලය, මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය මේ පළාත් ආණ්ඩුවලට ලබා දීමට එම යෝජනාවලින් නිර්දේශකර තිබෙනවා. පළාත් ආණ්ඩුවට පොලිස් බලය ලැබුණාම, මහ ඇමති ජාතිවාදියකු නම් ඒ පොලිස් බලය ජාතිවාදීව යොදා ගනු ලබාවි. මේ රටේ අධිකරණය විතරයි, කවදාවත් ජාතිවාදී නිර්ණායකවලට යටත් නෙවුණේ. නමුත් මේ විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ එක් යෝජනාවකින් කියැවෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් හැදිය යුතුයි. ඒකට, සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග නියෝජනය වන පරිදි විනිසුරුවරුන් පත්කළ යුතුයි’ කියලා. මීට පෙර කිසිදාක ජාතිකත්ව පදනමින් මේ රටේ අධිකරණ ක්‍ෂේත්‍රයට විනිශ්චයකාරවරුන් පත් කළේ නැහැ. දැන් ඉන්න අගවිනිසුරුතුමා දෙමළ ජාතිකයෙක්. නමුත් අපි ඔහු දෙස දෙමළ ජාතිකයකු ලෙස ජාතිවාදී ඇසකින් බලන්නේ නැහැ. අපි ඔහු දෙස බලන්නේ මෙරට අගවිනිසුරු කියන ඇසින්. දැන් මේ ව්‍යවස්ථා පැකේජයෙන් අධිකරණ ක්‍ෂේත්‍රය ජාතිවාදී පදනමින් නිර්මාණය කරන්න හදනවා. ඒ අනුව පැහැදිලියි, මේ නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලා සිටි බෙදුම්වාදී ඉල්ලීම් සියල්ල බන්දේසියක තබලා ලබා දෙන්නයි යන්නේ කියලා. රනිල් වික්කමසිංහ මහත්තයා ටික කාලයක් මේ පුටුවේ හිටියොත් රටේ ජාතික සම්පත් සියල්ල විකුණා දමනවා පමණක් නොවෙයි, රණවිරුවන් දිවිපුදලා, ලේ හලලා බේරාගත්තු මේ මව් පොළොව අනාගත දරු පරපුරට අහිමි කරාවි.

දරුවන්ට පොත් ටිකක් පමණක් ලබාදීලා ඔවුන්ගේ අනාගතය හදන්න බැහැ. අපි දෙමාපියන් හැටියට ඔවුන්ට මේ රට රැකලා දෙන්න ඕනෙ. අද ඡන්ද තියන්නේ නැහැ. අනාගත පරපුර සතු වටිනාම සම්පතක් වුණු හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දමන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හදනවා. අපි මේවා දිහා නිහඬව බලා ඉදලා හරි යන්නේ නැහැ. ඒ නිසා මේ රටේ දෙමාපියන්ට, වැඩිහිටි දරුවන්ට වගකීමක් තිබෙනවා, ලක්‍ෂ ගණනින් පාරට බැහැලා මේ ආණ්ඩුවට කියන්න ‘දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියලා. දකුණු කොරියාවේ ජනාධිපතිවරිය දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගෙදර යැව්වේ ඒ රටේ ජනතාව ලක්‍ෂ ගණනින් පාරට බැහැලා. රනිල් වික්කමසිංහ මහත්තයා කෝට් බෑය දෙපැත්තට අදිමින් ‘ඔරලෝසු බට්ටා’ වගේ එහෙට – මෙහෙට පැද්දි පැද්දි කථා කරන විදිය තමුන්නාන්සේලා දැකලා ඇතිනේ. එයා හිතාගෙන ඉන්නේ එයාට අගමැතිකම ලැබුණාට පස්සේ මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ‘ඒක මුලාවක්’ කියලා අපි ලක්‍ෂ ගණනින් පාරට බැහැලා ඒ අයට පෙන්වා දන්න ඕනෙ. එයයි රට වෙනුවෙන් මේ මොහොතේ අප වෙත පැවරිලා තිබෙන වගකීම”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

10 views

9 Comments to “රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ.. [Video]”

  1. බන්ඩා says:

    අගමැති වෙලා මෙහෙම නම් බැරි වෙලා වත් ජනාධිපති උනා නම් රනිල මොනව නොකරය්ද? පාරට බහිමු, බැඳුම්කර හොරා පන්නමු.

  2. dasa says:

    Wimalo,, Ubath ekkai, Ranilath ekai. Dennama Awasthawadiyo.

    Thopi okkoma me rata kanawa.

    • suji says:

      Ane nikan palayan yanna. Wimal wage ratata jathiyata adare thiyena awanka pudgalayek ranilata compare karanna puluwanda harako

    • අනාථයා says:

      Rata kana raniyava umbata penne wimal vagee nam umbee mole amaruvak tiyenna ona.issaravela ekata beheth kara ganin honda harak vedekgen.

    • sam says:

      රට කනවනම් විපක්‍ෂෙට වෙල කටු කන්න ඔනැ රනිල්ට සෙට්වෙලා ඇමතිකමක් අරගෙන පිලිවෙලකට බොහොම කර් යක්‍ෂමව කරන්න පුලුවන්නෙ, එහෙම වුන්ටනෙ රනිල් කොමත් ආදරෙ

  3. asaranaya says:

    මූට වාසගමකුත් එකතුකර කිව්වානම් වඩාත්ම සුදුසුයි, පින්ගුත්තර ආචාරියාගෙ වික්කම සින්හ කියල

  4. Champa says:

    “It’s good to see you, so good to see you
    Oh, how I’ve missed you, since you’ve been gone”

    I wish my eyes could take photographs.

    ඔබ කරන හැම කතාවක්ම අර්ථවත්, විමල්. හැම කතාවක්ම ජනතාව අවදි කිරීමක්. වෙන දෙයක් මොකොටද, ඔබ කරන විහිළුවෙත් අර්ථයක් තියෙනවා.

    ඔබ විතරක් අවුරුදු 26ක් විතර තිස්සේ ආණ්ඩුවේ ඉන්දැද්දීත් විපක්ෂයේ ඉන්දැද්දීත් රට වෙනුවෙන් කැප වෙලා කටයුතු කරද්දී අනිත් දේශපාලකයෝ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් අමතක කරනවා. ඔබට රට ගැන තියෙන කැක්කුම අනිත් හැමෝටමත් නැත්තේ රටේ අවාසනාවද? Leaders ලා පස්සෙන් පහු කාලෙකදී Dealers ලා වෙන්නේ කොහොමද විමල්?

    1. Quote: “අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකට අදාළ යෝජනා ජනවාරි 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ යෝජනාවල තිබෙනවා “පළාත් සභා වෙනුවට පළාත් ආණ්ඩු හදනවා” කියලා. පරමාධිපත්‍ය බලය, මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය මේ පළාත් ආණ්ඩුවලට ලබා දීමට එම යෝජනාවලින් නිර්දේශකර තිබෙනවා. පළාත් ආණ්ඩුවට පොලිස් බලය ලැබුණාම, මහ ඇමති ජාතිවාදියකු නම් ඒ පොලිස් බලය ජාතිවාදීව යොදා ගනු ලබාවි”. Unquote:

    මේ දෙන්න හදන්නේ “පළාත් ආණ්ඩුවකට” තිබිය යුතු අයිතීන්. මේ කතාව ඉස්සෙල්ලම කිව්වේ ඔබ කියලා මම හිතනවා. අනිත් හැමෝම තවම මේ ෆෙඩරල් ව්‍යවස්ථාව දීලා බලන්නේ පළාත් සභා කෝණයෙන්. සංසන්දනය කරන්නේ පළාත් සභාවත් එක්ක. ඔබ මේ ගැන වෙනම කතා කරයි කියල හිතනවා. I have few things to say.

    Quote: “නමුත් මේ විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ එක් යෝජනාවකින් කියැවෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක්” හැදිය යුතුයි කියලා”. Unquote:

    ආණ්ඩුව දෙමල ජාතිවාදය මොන තරම් ප්‍රවර්ධනය කරනවාද, පෝෂණය කරනවාද කිව්වොත්, දෙමල ජාතිවාදය, රට අරාජික කර බලය බෙදා හැරීමට වගේම, අලුතින් ව්‍යවස්ථා අධිකරණයක් නිර්මාණය කිරීමටත් නිර්ණායකය විදියට යොදා ගන්නවා. රනිල් බෙදුම්වාදීන් එක්ක එකතු වෙලා රටේ බහුතර සිංහල ජනතාවට රටේ අයිතිය නැති කරන්න හදපු සැලසුමක් මේක.

    ඔබ නිවැරදිව දකින මේ අනතුර රටේ අනිත් දේශපාලකයොත්, සමාජ සංවිධානත්, ජනතාවත් ඒ විදියටම දකියි කියලා විශ්වාස කරනවා.

    Oh…. අරක මතක් කරලා දුන්නට ස්තූතියි. මට එක වචනයක් අමතක වෙලා තිබුනේ. “කොටියට ඕනේ නැගිටින යුගයක්, ඒකට ඕනේ මෛත්‍රී යුගයක්”.

    2. සංවර්ධන (විශේෂ විධිවිධාන) පනතේ භයානක කම ගැන ඔබ අනතුරු ඇඟේව්වේ හුඟක් වේලාසනම. ජනාධිපතිටවත් පාලනය කරන්න බැරි අසමසම බලයක් ඇතුව, රාජ්‍ය දේපල, ජනතාවගේ දේපල හිරේ නොගිහින් මංකොල්ල කන්න රනිල් මේ පනත යොදා ගන්නයි බැලුවේ. ඔබ කරපු අනතුරු ඇඟවීම අද වෙනකොට හුඟ දෙනෙකුට වැටහිලා තියෙනවා.

    ඔබ හිටපු නැති කාලේ “මස්කටු සංගමය” නින්දෙන් අවදි වෙලා, රනිල්ගේ “Superman පනතට” (මේ වචන LCN එකෙන් කොපි කළා) හොඳ game එකක් දුන්නා. පනුවෝ ටික කෙලින් හිට ගත්ත විදිය බලන්න ලස්සණයි. “මුන්ට” පණ නෑම කියන්නත් බෑ, විමල්.

    3. මාගම්පුර වරාය දැනටම අහිමි වෙලාද? තාම අත්සන් කරලා නැහැ කියලා මම හිතුවේ. ඒ වෙනුවෙන් කරන්න දෙයක් ඇත්තෙම නැත්ද විමල්?

    ලෝකේ කිසිම රටක්, සිහි කල්පනාව තියෙන කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ වරායවල්, ගුවන් තොටුපලවල් විදේශිකයන්ට විකුණන්නෙ නැහැ. මාගම්පුර වරාය, ත්‍රිකුණාමල වරාය, කොළොඹ වරාය මේ තුන විතරයි අපිට තියෙන්නේ. දූපතක් වෙච්ච අපි වගේ රටක් හරිනම්, වෙන රටවල් වලටත් වඩා අපේ වරායවල් ආරක්ෂා කරගන්න ඕනේ. පිහිටීම ගත්තොත්, එක වරායක් නැගෙනහිරින්, අනිත් වරාය දකුණින්, අනිත් වරාය බස්නාහිරින් විදියට හරිම අසාමාන්‍ය පිහිටීමක් විදියට, රටට ලොකු වටිනාකමක් හිමි වෙන විදියට, රටේ ආරක්ෂාව අපිට ලෙහෙසින්ම සලසා ගන්න පුළුවන් විදියට මේ වරායවල් පිහිටලා තියෙන්නේ. අඩු ගානේ ඒකවත් මේ පාලකයන්ට පෙන්නේ නැත්ද?

    අපේ රටේ ආරක්ෂාවේ ප්‍රධාන සංධිස්ථාන වෙන වරායවල් තුනම විදේශිකයන්ට විකුණන්න රනිල් සැලසුම් කරලා. තනිකරම මුළු රටේම ආරක්ෂාවයි, ජනතාවගේ ආරක්ෂාවයි අනතුරේ දමන්න කරන සැලසුමක්. දැන දැනම මේ විදියට රට අනාරක්ෂිත කරන්න පුළුවන්, තමන් ඉපදිච්ච රටත් එක්ක මොකක්ම හරි වෛරයක් තියෙන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් රට විදේශිකයන්ට විකුණලා රටින් පැනල යන්න රනිල්ගේ සැලසුමක් තියෙනවා.

    4. රටේ සහල් හිඟයක් ඇති කරන චේතනාවෙන්, උවමනාවෙන්ම ජනතාවට පරිභෝජනය කරන්න තිබුණු සහල්, ඉදිරියට එන නියඟය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න පරිස්සම් කරලා තියා ගන්න තිබුණු වී ටික, සත්ව ආහාර වලට විකුනපු “වී හැරිසන්” යල කන්න දෙකකුයි, මහ කන්න දෙකකුයි ඉවර වෙනකම් හිරේ දාන්න වටිනවා.

    රනිල්ගේ නිවුන් හොරා, මුදල් ඇමති, අර “වී ඌරෝ කැකුණ තලන කොට, කොකේන් කුකුළොන්ට ජය මඟුල් කිව්වා වගේ” නියඟයක් එනවා කියලා, හාල් තුන් ලක්ෂයක් පිටරටින් ගෙන්වන්න හදනවා. ඒ අතරේ ජනාධිපතිතුමා කෘෂිකරමාන්තය වැඩි දියුණු කරන්න කතා කරනවා. එක පැත්තකින් රනිල් රට කනවා, අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා රට ගොඩ නගන්න හදනවා. දෙන්නටම මොකක් හරි මොලේ අමාරුවක්ද? නැත්නම් දෙන්නම කොන් දෙකේ ඉඳන් පස්සෙන් පස්සට යමින් වැඩ කරන නිසා, අනිත් පුද්ගලයා කරන දේ පෙන්නේ නැත්ද?

    ඔබ හැමදාම කියන කතාව අදත් කිව්වා. මිනිස්සු “නයා කතාව” බලල නින්දට යනවලු. ජනතාව රට ගැන හිතන්නේ නැහැ කියලා කියන්න නේද ඒ කතාව කිව්වේ? එතකොට ඔබ ඔය ආරක්ෂා කරගෙන ඉන්න ඒකාබද්ධ විපක්ෂය, ඒගොල්ලොත් “නයා කතාව” බලනවා ඇති නේද විමල්?

    කාලෙකට ඉස්සෙල්ල ඔබ ජනතාවගෙන් ඇහුවා “ආණ්ඩුව නිර්වින්දන බෙහෙත් විදලද” නිකම් මත්වෙලා වගේ ඉන්නේ කියලා. ජනතාව නම් අවිදි වෙලා ඉන්නවා, හැබැයි ආණ්ඩුව දැන් “වෙනසකටත්” එක්ක ඒකාබද්ධ විපක්ෂයට නිර්විදන බෙහෙත් විදලා වගේ අපිට නම් පෙන්නේ. පුදුම විදියටනේ විමල් නින්ද ගිහින් තියෙන්නේ. කතා කලත් කතා කරන්නේ නිකම් තෝන්තුවෙන් වගේ.

    රනිල්, ඔබ අර කියපු “නයා” වගේ ඒකාබද්ධ විපක්ෂය මෝහනය කරලා දැපනේ දාගෙන ඉන්න කොට, ජනාධිපතිතුමා ජනතාව මෝහනය කරන්න පටන් අරන්. තාවකාලික නිර්විදන බෙහෙත් වලින් එහෙම නෙමෙයි විමල්, සැබෑවටම රටේ ප්‍රශ්න වලට පිළිතුර හොයමින්, සාකච්චා වලින්, රනිල් අවුරුදු දෙකක් තිස්සේ කරපු වරදවල් එකින් එක නිවැරදි කරන්න ජනාධිපතිතුමා හෙමින් වුනත් ස්ථාවර, ප්‍රයෝගික පියවරවල් ගන්නවා.

    මෙහෙම කියනවට තරහා වෙන්න එපා, හොඳද. මාගම්පුර වරාය වෙනුවෙන් කෙලින් විරෝධයක් පල නොකර, දෙපැත්තටම නැතිව කතා කරලා ඒකාබද්ධ විපක්ෂය දකුණ පාවලා දුන්න. දැන් රටම පාවා දෙන්න යනවා. පත්තරේ තිබුන ඒකාබද්ධ විපක්ෂය රනිල් එක්ක “කොන්දේසි සහිත” එකඟතාවයකට ඇවිල්ල තියෙනවා හෙවත් තේරෙන භාෂාවෙන් කියනවා නම් deal එකක් දාලා තියෙනවා කියලා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරලා දෙන්න. පස්සේ මේ ප්‍රවෘත්තිය වහල දාලා කියල කවුද කිව්වා. ඒ කියන්නේ මිනිස්සුන්ට හැංගුවා. වෙනත් විදියකට කියනවා නම්, ඒකාබද්ධ විපක්ෂය රට බෙදන්න කොන්දේසි සහිතව සහයෝගය දෙන්න රනිල්ට පොරොන්දු වෙලා.

    මෛත්‍රී පිලයි මහින්ද පිලයි දෙකම එක්ක රනිල් deal දාල, නේද විමල්? එක පැත්තක් ප්‍රසිද්ධියේ MOU එකක් අත්සන් කරලා එහෙම කරනකොට, ඒක විවේචනය කර කර අනිත් පැත්ත යටින් deal එකක් දාලා. ඒකාබද්ධ විපක්ෂය කළා වගේ පාවාදීමක් මුළු ඉතිහාසයේම වෙලා නැහැ.

    වීරයෝ විදියට ඒකාබද්ධ විපක්ෂය අසීරු සටනකින් ජනතාවට දිනලා දෙයි කියලා ජනතාව හිතපු දේවල් දැන් ජනාධිපතිතුමාම දෙන්න පටන් අරන් තියෙනවා.

    මේ විදියට ගියොත්, ඒ කියන්නේ, ෆෙඩරල් ව්‍යවස්ථාවට වැට බැන්දොත්, ETCA ගිවිසුම අතෑරියොත්, මාගම්පුර වරාය සහ කොළොඹ වරායේ Eastern Terminal එක විකුණන එක නැවැත්තුවොත්, PPP එක අකුලලා රටේ සම්පත් විකුනන එක නවත්තලා දැම්මොත්, දේශපාලන දඩයම නැවැත්තුවොත්, සහ අනිත් පැත්තෙන් රනිල් හිරේ දාලා ඉන්න රණවිරුවෝ නිදහස් කරන්න පියවර ගන්නවා නම්, රණවිරුවෝ වෙනුවෙන් ක්‍රමවත් සුබසාධන වැඩ පිලිවෙලක් සකස් කරනවා නම්, විශ්‍රාම යන රණවිරුවන්ට නැවත වෙනත් රැකියා අරන් දෙන්න සංචිතයක් තියෙනවා නම්, රණවිරුවන් වෙනුවෙන් වෙනම දෙපාර්තුමේන්තුවක් හදනවා නම්, කෘෂිකරමාන්තය නවන්න වැඩ පිලිවෙලක් දියත් කරනවා නම්, නාස්තිය දූෂණය “අඩු” කරන්න පියවර ගන්නවා නම් (මම දැක්ක අර බෝපගේ අත්සන් කරන්නේ නැති, sign or resign කියලා රනිල් කියපු ලක්ෂ හතේ වාහන deal එක නැවැත්තුවා කියලා) ජනාධිපතිතුමා ගැන මිනිස්සු පැහැදෙන එක නතර කරන්න බැහැ. ඒ කියන්නේ මොකක්ද, ඒකාබද්ධ විපක්ෂය වඳ වීමේ තර්ජනයකට විහින්ම මුහුණ පාලා තියෙනවා කියන එක.

    ඔක්තෝබර් මාසේ මම ඔබට කිව්වා ටික දවසක් යනකොට ඒකාබද්ධ විපක්ෂයට සටන් පාඨ නැතිවෙලා යනවා කියලා. ඔබට ලැබෙන විවේකයේදී උපාධියට ඉගෙන ගන්න බලන්න කියලා, මතකද? ඉදිරියේදී “සංක්‍රාන්ති සමයක්” එන්න පුළුවන්.

    හරි, තාම ඔය දේවල් සිද්ධ වෙලා නැහැ. මම කතා කලේ POSSIBILITIES ගැන.

    ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි සටනට සූදානම් වෙමු නේද? හැමදාම කියනවා වගේ කාව අතෑරියත් මම ඔබව අතෑරලා යන්නේ නැහැ. සමාජයේ විවිධ ජන කොටස්, මහා සංඝරත්නය, පුද්ගලයන්, සංවිධාන සහ දේශපාලන පක්ෂ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරනවා. රට පුරාම ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රබල විරෝධයක් ගොඩ නැගිලා තියෙනවා. කවුරු නායකත්වය දුන්නේ නැතත්, ඔබ මේ සටනට නායකත්වය දෙනවා නේද? Love you.

    • Champa says:

      මම කලින් කියපු “….රනිල්ගේ නිවුන් හොරා, මුදල් ඇමති, අර “වී ඌරෝ කැකුණ තලන කොට, කොකේන් කුකුළොන්ට ජය මඟුල් කිව්වා වගේ”…

      ඒක මෙහෙම වෙනස් වෙන්න ඕනේ.

      රනිල්ගේ නිවුන් හොරා, මුදල් ඇමති, “ඌරො වී තලනකොට, හබන් කුකුලොන්ට කොකේන් කිව්වා වගේ” නියඟයක් එනවා කියලා, හාල් තුන් ලක්ෂයක් පිටරටින් ගෙන්වන්න හදනවා.

  5. Nareen says:

    A athare thavath evun godak innava. Chandeta viyadam vechcha salli hoyanna vee vikunan kaapu evun.

Main News