රට විරුවන්ට ගුවන්තොටේදීම PCR නොමිලේ.. පැය 03න් ගෙදර…
September 25, 2021 at 2:20 am | lanka C news
විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.
මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ, විදේශගතව රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිතයි .
මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට තීරණය කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසීය.
මෙහි දී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ,මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් වැනි කෙටි කාලයක් තුල මෙම රටවිරුවන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.
සම්පූර්ණ එන්නත් එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේදී ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ , මැදපෙරදිග හා කොරියාවේ රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව ය .
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් පතිරණ මහතා,විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වූහ.
– ප්‍රදීප් අනුර කුමාර
තොපිට දැන්ද ඇහැරැනේ. හෝටල් වලට ගෙව්ව මුදල් ආපසු ගෙවපිය. කාලකන්නි.
ඵන්නත් ත්‍රස්ථවාදයට සහ මුළින් තිත තබමු!
෴මාරාන්තික යැයි හඳුන්වන රෝගය සරල සෙම්ප්‍රතිශ්‍යාව ලෙස දවස් තුනක් පමනක්ම පැවත සුවවු බව හෙළයන්ට දැනුම්දී සිටිනු ලබයි.”සෞඛ්‍ය පාදඩයන්ගේ කිසිම ඵන්නත්කරනයට ලක් නොවූ” ගවෙශකයකු සහ නිරීකෂකයකු ලෙස දැනුම් දී සිටින වගයී෴ ”අමෙරිකානු ආයෝඡන ලෙස හුවා දක්වමින්” ලෝකය පුරා ඡෙෙව රසායනාගාර පන්සියකට වැඩි සංඛාවක් ශ්‍රී ලංකාවද ඇතුළුව, සහ ලෝකය පුරා ”අමෙරිකානු ආයෝඡන ලෙස හුවා දක්වමින්” ” ඡාන ඉන්ඡිනේරැ තාකෂණය සහිත ”ඡෙෙව අවිගබඩා” හාරසියක් ලොකය පුරා ඉදීකර පවත්වාගෙන යමින් සැම වසරකම නානාවිධ වෙෙරස ලෝකයට මුදාහරිමින් ඵන්නත්කරණයට ආසියාතිකයන් පත්කරමින් ඹෟශධ මාෆියාවක් පෝශණය කරන අතරතුර ඡනගහන පාළනය ප්‍රධාන ඉලක්කය කරගනිමින් ඹෟශධ මාෆියාව තුලින් සංහාරය කරන ඡනයා තුලින් උපයන ධනයෙන් කොටසක් ශුද්ධ ලාභය සේ වෙන්කර ගනිමින් ඉතිරි දනස්කන්ධය රටවල් හැසිරවීමට ලෝක සංවිධාන ශක්තිමත් කරමින් පාළකයන් ග්‍රහණයට ගනිමින් නැවත නැවතත් ඵන්නත් කරනය බලගන්වමින් සහ ”ඵන්නත්කරනය ප්‍රධානම කොට ගනිමින්” නානාවිධ ඹෟශධ ඡාවාරම් ක්‍රියාත්මක කිරීමට ”බිල් ගේට්” මූලිකත්වයෙන් බ්රීතාන්ය ලේ පිපාසිත බූවල්ලා සියළු සැලසුම් සකස්කර අවසන්..! අගල් දහයේ කුරැමිට්ටන් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළින් බිහිවිමට නියමිතයි ඹවුන්ගේ ආයුකාළයේ උපරමය අවුරැදු තිහ විය හැකියි,.! වියට් නාමයට ”අගෙන්ට් ඹරේන්ඡ්” ප්‍රහාරය ඵල්ල කළ පිරිස ශ්‍රී ලංකාවට දැවැන්ත ඉතිහාසගත ඵන්නත් ප්‍රහාරයක් ඵල්ල කිරීමට ඉතා සංවිධානාත්මකව කටයුතු සිදුකරනු ලබයි! වහාම පුද්ගල නිදහස ආරකෂා කරන අනපනත් සම්මත කළයුතු කාළයයි.! බ්රීතාන්යන්ගේ බලහත්කාරී වහල් වසංගත නිතිය වහාම හකුලා දමා පුද්ගල නිදහස ස්ථාපනය කලයුතුයි,.! ”මුග්ධයා” ගෝටාබය ඇතුඵ රාඡපකෂ වහල් ඡුන්ටාව යොදාගනිමින් සිදුකරනා ඡන සංහාරයන් නවතා ගැනිමට වහාම සබුද්ධික පිරීස පෙරමග ගත යුතුයි,.! මේ මොහෙත වන විටත් බ්රීතාන්ය බූවල්ලාගේ කුරිරැ ග්‍රහණයට ශ්‍රී ලංකාව පත්කරමින් ශක්තිමත් ඡාන විනාශකරමින් වහලුන් නිපදවන පරීකෂණාගාරයක් බවට රට පත්කිරීමට ”බටහිරයන්ගේ ගොට්ට වැනි නිවට පාහරයා ”දූශඨයා” සියළු කටයුතු සූදානම්කර අවසන්..! බලහත්කාරය පාමින් පි සී අර් වංචාවට තව දුරටත් ඡනඡිවිත විනාශ කිරිමට ඉඩ නොදී ඵකාවන්ව පෙළ ගැසෙන්න,.! ඵන්නත් ත්‍රස්ථවාදයට සහ මුළින් තිත තබමු!
එම තීරණය ඉතා අගයකොට සලකමි….
සංචාරකයො ලහි ලහියේ ගෙන්න පී.සී.ආර් සෙන්ටර් එකක් හදලා , රටේ පී.සී.ආර් පරික්ශන අඩුකරලා , කන්න ඔනේ උනහම කබරයා තලගියා කරලා ,දැන් රටවිරුවන්ට පී.සී.ආර් ලූ ,හා උන් ඇන්දෙයි ලස්සනට බලාගෙන හිටහං ( ඇන්දෙන ගොබ්බයොත් නැතුවම නෙමේ ඈ )