රට විවෘත කල පසු පිලිවෙල මෙන්න…

September 28, 2021 at 12:02 am | lanka C news
රට විවෘත කල පසු පිලිවෙල මෙන්න…

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබේ .

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ .

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත .

මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත .

– lankadeepa

69,308 views

7 Comments to “රට විවෘත කල පසු පිලිවෙල මෙන්න…”

  1. ඊයා ගෞමිරාජ් says:

    අපි අකමතියි මෙ වඩපිලිවෙලට අපිට ඔනා රට බන්කොලොත් වෙන්න එහෙම උනොත් තමයි අපිට මෙ රටෙ බටහිර අපෙ හාම්පුතුන්ට උවමනා ආකාරයට නටන ආන්ඩුවක් පිහිටුවා ගන්න පුලුවන්.
    මිට
    ඊයා ගෞමිරාජ්

    • ගෞම් ඊයාරාජ් says:

      දැන් තියෙන්නේ බටහිරට නැමෙන්නැති පාන්ඩුවක්නේ. යකො නැගිටපං එලිවෙලා.. අන්න අරහේ ඇමෙරිකන් කාරයට දෙනවා , අනිත් පැත්තෙන් ඉන්දියාවට , චීනා අරක් අරගෙන , පුලුවන්නං තලෛයිබාන් කාරයන්ටත් දෙයි , ඩොලර් ටිකක් දුන්නොත් ,ඇමෙරිකන් කාරයො රටේ මුල් පුටුවල , උබේ කොමා තත්වෙන් නැගිටපං .

    • Hi says:

      මේ වැඩ පිලිවෙලේදි ගෙදර සිට වැඩ කරන්න පුලුවන් අයට ඒ අවස්ථාව දුන්නා නම් හොදයි.මොකද එතකොට පොදු ප්‍රවාහනයේ යන සෙනග ප්‍රමානය අඩුයි. ඒ වගේම රජයටත් හොදයි.
      බොහෝවිට IT ආශ්‍රිත ව කරන රැකියා තිබෙන්නෙ a/c සමග. විදුලිබල ගාස්තු ,දුරකතන බිල් රජයට ඉතුරුම්.( දැන් එවැනි සේවකයින් තම අතේ වියදමින් ගෙවන්නෙ)
      අනික මේ විදියට කරනවා නම් ලමයින්ට ත් හොදයි.මොකද දෙමාපිය න්/හෝ කෙනෙකු ඔවුන් සමග සිටිනවා.
      Online ක්‍රමය පුලුවන් තැන්වල ක්‍රියාත්මක කරනවා නම් traffic control වලටත් හොදයි

  2. ගිහියා says:

    පිංකම් මුවාවෙන් කරන ගිහියන්ගේ මුදල් මංකොල්ලකෑම් වහාම නවත්වනු !!!

  3. priyanka says:

    etakota den rata wahalada? danne nethi nisa ehuwe

  4. KP says:

    අනේ මේ ප්ලීස්, ගොං වැඩ නං කරන්න එපා… පැයක වෙනස දුම්රියෙන් බස් එකෙන් එන මිනිස්සුන්ට මොකද්ද? වේයන්ගොඩින් කළුතරින් 9ට වැඩට එන්න ආවත් 10ට වැඩට එන්න ආවත් එන්න තියෙන්නේ එක කෝච්චියෙ.

  5. ගෞම් ඊයාරාජ් says:

    බස් ,කොච්චි පලවෙනිදා ඉදන් වැඩකරනවා කියලා කිව්වහම ඇති. අනිත් “විද්‍යාත්මක” දේවල් ගැන නං ඉතින් තව කවර කතාද ,ඔබතුමන්ලගේ විද්‍යාත්මක ක්‍රමේ මොකක්ද කියලා මේ රටම දන්නවා.

Main News