රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්.. තවත් කොරෝනා රැල්ලක් ගැනත් කියයි…

September 25, 2021 at 10:00 am | lanka C news
රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්.. තවත් කොරෝනා රැල්ලක් ගැනත් කියයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ජනතාව තවත් මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නැතිව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු එසේ කළහොත් නැවතත් කොරෝනා රැළි මතු වීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය.

අද වන විට කොරෝනා රට තුළ සතුටුදායක ලෙස පාලනය වී ඇති බවද පැවසූ ඔහු කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුන තුලදී තවදුරටත් අඩු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද පැවසීය.

රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් පවතින බවද පැවසූ ඔහු රටේ මුළු ජනගහනයෙන් 50%ක් පමණ කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන අවසන්ව ඇතැයිද කියා සිටියේය.

45,622 views

6 Comments to “රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්.. තවත් කොරෝනා රැල්ලක් ගැනත් කියයි…”

  1. Norata Eka says:

    ඔබතුමා බය නැතුව ඉන්න, අපි එන්නත්කරනයෙන් ලෝකයේ ඉහලින්ම ඉන්නවනේ, ඉතින් කොකොරෝනා රැලි එන්න විදියක් නෑ නේ …එහෙම එනව නම් එන්නත් කරපු එකේ තේරුමක් නෑ නේ …

  2. සබුද්ධික පිරීස පෙරමග ගත යුතුයි,.! says:

    ”අමෙරිකානු ආයෝඡන ලෙස හුවා දක්වමින්” ලෝකය පුරා ඡෙෙව රසායනාගාර පන්සියකට වැඩි සංඛාවක් ශ්‍රී ලංකාවද ඇතුළුව, සහ ලෝකය පුරා ”අමෙරිකානු ආයෝඡන ලෙස හුවා දක්වමින්” ” ඡාන ඉන්ඡිනේරැ තාකෂණය සහිත ”ඡෙෙව අවිගබඩා” හාරසියක් ලොකය පුරා ඉදීකර පවත්වාගෙන යමින් සැම වසරකම නානාවිධ වෙෙරස ලෝකයට මුදාහරිමින් ඵන්නත්කරණයට ආසියාතිකයන් පත්කරමින් ඹෟශධ මාෆියාවක් පෝශණය කරන අතරතුර ඡනගහන පාළනය ප්‍රධාන ඉලක්කය කරගනිමින් ඹෟශධ මාෆියාව තුලින් සංහාරය කරන ඡනයා තුලින් උපයන ධනයෙන් කොටසක් ශුද්ධ ලාභය සේ වෙන්කර ගනිමින් ඉතිරි දනස්කන්ධය රටවල් හැසිරවීමට ලෝක සංවිධාන ශක්තිමත් කරමින් පාළකයන් ග්‍රහණයට ගනිමින් නැවත නැවතත් ඵන්නත් කරනය බලගන්වමින් සහ ”ඵන්නත්කරනය ප්‍රධානම කොට ගනිමින්” නානාවිධ ඹෟශධ ඡාවාරම් ක්‍රියාත්මක කිරීමට ”බිල් ගේට්” මූලිකත්වයෙන් බ්‍රීතාන්‍ය ලේ පිපාසිත බූවල්ලා සියළු සැලසුම් සකස්කර අවසන්..!

    අගල් දහයේ කුරැමිට්ටන් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළින් බිහිවිමට නියමිතයි ඹවුන්ගේ ආයුකාළයේ උපරමය අවුරැදු තිහ විය හැකියි,.! වියට් නාමයට ”අගෙන්ට් ඹරේන්ඡ්” ප්‍රහාරය ඵල්ල කළ පිරිස ශ්‍රී ලංකාවට දැවැන්ත ඉතිහාසගත ඵන්නත් ප්‍රහාරයක් ඵල්ල කිරීමට ඉතා සංවිධානාත්මකව කටයුතු සිදුකරනු ලබයි! වහාම පුද්ගල නිදහස ආරකෂා කරන අනපනත් සම්මත කළයුතු කාළයයි.! බ්‍රීතාන්‍යන්ගේ බලහත්කාරී වහල් වසංගත නිතිය වහාම හකුලා දමා පුද්ගල නිදහස ස්ථාපනය කලයුතුයි,.!

    ”මුග්ධයා” ගෝටාබය ඇතුඵ රාඡපකෂ වහල් ඡුන්ටාව යොදාගනිමින් සිදුකරනා ඡන සංහාරයන් නවතා ගැනිමට වහාම සබුද්ධික පිරීස පෙරමග ගත යුතුයි,.!

    මේ මොහෙත වන විටත් බ්‍රීතාන්‍ය බූවල්ලාගේ කුරිරැ ග්‍රහණයට ශ්‍රී ලංකාව පත්කරමින් ශක්තිමත් ඡාන විනාශකරමින් වහලුන් නිපදවන පරීකෂණාගාරයක් බවට රට පත්කිරීමට ”බටහිරයන්ගේ ගොට්ට වැනි නිවට පාහරයා ”දූශඨයා” සියළු කටයුතු සූදානම්කර අවසන්..!

    බලහත්කාරය පාමින් පි සී අර් වංචාවට තව දුරටත් ඡනඡිවිත විනාශ කිරිමට ඉඩ නොදී ඵකාවන්ව පෙළ ගැසෙන්න,.!

    ඵන්නත් ත්‍රස්ථවාදයට සහ මුළින් තිත තබමු!

    • ගෞම් ඊයාරාජ් says:

      අගල් දහයේ කුරුමිට්ටො , මොකක්ද බන් මේ පැරඩිය දැන් , හෙල යක්ඛ පුත්තුන්ගේ කන්ස්පිරසියක්ද ? හික්ස් .

  3. ගෞම් ඊයාරාජ් says:

    හා හා රියැක්ට් 😃😃😃

  4. ලෝභයා says:

    කඨින පිංකම මුවාවෙන් ඔබේ පොකට්ටුවට තට්ටු කරන්න සූදානමක් ඇත. ඒ නිසා ඉදිරි කාලයේ ගේට්ටුව නිතරම වසා තබන්න !

Main News