රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි..

July 5, 2021 at 10:01 pm | lanka C news
රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි..

ඉක්මනින්ම රට විවෘත නොකරන්නේ නම් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට මෙරට ජනතාව ප‍්‍රමාණවත් ලෙස එන්නත් කිරීමට ලක් කර ගත හැකි වනු ඇති බවත් ඉන්පසු රට විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම මාසය තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් පමණ මෙරටට ලැබෙනු ඇතැයි ද පැවසු ඔහු සදහන් කලේය.

ඒත් ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවක් අමතමිනි.

46,745 views

11 Comments to “රට විවෘත නොකලොත් ආර්ථිකය ගෙන යන්න බෑ… රට අරින දවස ජනපති කියයි..”

  1. Asela says:

    නිදහස ලබපු දවසේ ඉඳන් ඡන්දේ ඉල්ලන කවුරුත් දේස පාළුවන් නොවී කටයුතු කළා නම් සමහර රටවල් වගේ අපිටත් මොන වසංගත ආවත් ඔහොම නාහෙන් අඬන්නේ නැතිව ඉන්න තිබුනා…

    • Opa-dupa says:

      සුද්දා අපේ රට හූරලත් අපි නය නැති රටක් විදියට 1948 දාල ගියේ . අපේ සිංහල දේශප්‍රේමියො එකතු වෙලා හොරකම් කරල අපිව විනාශ කලා . උන්ට ලෝකෙ හැම තැනම දේපොළ .

      • මහනුවර අක්‍රම් says:

        ඕක තනිකරම වැරදි අදහසක්….. දේශප්‍රේමීන්ගේ අතට කවමදාවත් බලය ගියෙත් නෑ, මොනම නිදහස් සටනක් සිද්ධ උනෙත් නෑ…… සුද්දන්ට මුට්ටි අල්ලපු අරක්කු වෙලෙන්දෝ ටිකකට තමයි පාලන බලය ගියේ…. එදා ඉඳං අද වෙනකම්ම මිනිස්සුන්ගේ තියෙන වහල් මානසිකත්වය නිසා උං දිගටම බලයේ ඉන්නවා!

    • අනිත්‍ය නිසා දුක says:

      ආණ්ඩුවට උපදෙස් දෙන සාදුලාට අනුව, ඕනෑම දෙයක් අනිත්‍ය උනොත් දුකක් ඇති වෙනවා. ඉතින්, කොරෝන අනිත්‍ය උනත් දුක ඇති වෙනවා.

      ඒ නිසා, ආණ්ඩුව කවදාවත් කොරෝනා අනිත්‍ය වෙන්න දෙන්නෙ නෑ.

  2. Lolla says:

    හොඳමයි සර්….. 😂

  3. Wali says:

    එතකොට දැන් රට ඇරල නැද්ද ??

  4. Chamil Ananda says:

    man gotata kade yanawa newei. Mu mara gemak denawa habai sarthaka weida danne naha. Mokada UNP eka hitiyanama mona weida kiyala hithaganna baha…

    • Lal says:

      අලුත්ම රැල්ල – සජියා ආව නං රටට මීට වැඩිය කෙල වෙනවා. ඒ නිසා සර් හොඳයි 😂
      යකෝ, අරූයි මූයි ආව නං වෙන දේ ගැන කතා කරන්න කලින් දැන් රටට වෙලා තියන දේ ගැන හිතල බලපන්

  5. බයියට මොලයක් says:

    ජයවර්ධනපුර සරසවියේ වාර්තා ව සඟවා ලෝකයක් ම පවසන බාල චීන එන්නතක් වයස 30 වැඩි ජනතාවට පමණක් ලබාදි අපි තමයි හොඳටම කළේ

  6. Aurora says:

    මේ රටට මේ තරම් මහා විනාශයක් වුනේ ආන්ඩුවේ ලොක්කන්ගේ කොමිස්වලට තියන පෙරේතකම නිසයි. චීන එන්නතෙන් කොමිස් ගහන පරමාර්ථෙන් හෙළ වෙදකමට තහoචි දැම්මා. ඒ නිසා පරතිකාර සහ ප්‍රතිශක්තිය නැතුව මිනිස්සුන්ට කොරෝනා හැදුණා. ඒ නිසා ටුවරිසම් වැටුණා. පැක්‍ටරි වැහුනා. පාසල් වැහුනා. මුළුරටම අවුල් ජාලයක් වුනා. ඒ පාපෙ රාජපක්ෂලාට ආත්ම ගානකටවත් ගෙවා ඉවරකරන්න බැහැ. කට්ටිය සූදානම් වෙයල්ලා හිරේ යන්න, මිනීමැරුවට.

  7. Sakaladaasa says:

    Rata Arina Dawasa Newi ..Ratata Arina Dawasa Kiwwanam.

Main News