රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

August 2, 2021 at 1:20 pm | lanka C news
රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ඇති රාජ්‍ය සේවය අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යාමට බවත් එය කොරෝනා වසංගතය පාලනය වීමක් යැයි වැරදි වැටහීමක් කිසිවකු ඇති කර ගත යුතු නැති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටිනා බවත් සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා බවත් ඔහු පෙන්වා දෙයි.

සීමා ලිහිල් කිරීමෙන් අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙසත් එසේ කළහොත් තව සති දෙක තුනක් ඇතුලත විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

34,901 views

6 Comments to “රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න”

  1. රංජිත් says:

    ඔන්න ඔහොම ඇත්ත කියපන් මල්ලි.

  2. weerasinghe says:

    දැනුවත් කලාට පින් ඔබටුමාට

  3. බයියා says:

    රට පුරා ආසාධිතයන් වාර්තා වන අවස්ථාවකදි මහා පරිමාණයෙන් ජනයා එකතු කර අගෝස්තු මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග තුලින් මුලක් සොයාගත නොහැකි කොරෝනා පොකුරු රාශියක් ඇතිවිය හැක. තරඟ විභාගයට මුහුණ දීමට ආසාධිතයන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන්ද හොර රහසේම පැමිණ විභාගයට මුහුණ දිම අනිවාර්යෙන් ම සිදු වේ.

  4. ඉඩම් හිමි වැවිලිකරු says:

    වෙඩිං නරකයි .. බෝධි පූජා , දේව යාතිකා හොඳයි..
    පුදුම තීරණ මෙව්වා නම්..

  5. යකා says:

    හීනෙන් එහෙම නෙවෙයි නේද

  6. nivataya says:

    surprise. oh ! you wake up now.

Main News